වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
හිතේ හැටියට සල්ලි හොයන්න කාන්තාවන්ටම ගැළපෙන රැකියාවක්

Fall seven, times stand up eight "ඔබ හත්වතාවක් වැටෙනවිට අට වතාවක් නැඟිටින්න" මේ වටිනා ජපන් උපදේශය වර්තමාන තාරුණ්‍යයට කදිමට ගැළපෙයි. පසුගියදා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ බොහෝ තරුණ පිරිස් තමුන්ට විශ්වවිද්‍යාල වරම් අහිමි වීම ගැන පසුතැවෙනවා.
සමහරු නැවත විභාගයට සූදානම් වෙනවා. මේ අයුරින් තමුන්ගේ ආත්ම විශ්වාසය හා දක්ෂතාව ගැන සියයට සියයක් විශ්වාසය තැබූ තරුණ තරුණියන් තමුන්ගේම ව්‍යාපාරයකින් හෝ වෘත්තියකින් ජීවිතය ආරම්භ කිරීමට සිහින දකිනවා. ඇත්තටම ඒ සිහින හරිම සුන්දරයි. ඒ වගේම අභියෝගාත්මකයි. සුන්දර වූ අභියෝගාත්මක ගමනකට පදනම දමන බොහෝ දෙනෙක් ලෝකය දෙස වෙනස්ම ආකාරයකින් දකිනවා. සාම්ප්‍රදායික රාමුවකට කොටු නොවූ මේ තරුණ පිරිස ඉලක්කයක් කරා ගමන් කිරීමට පසුබිම නිර්මාණය කරගන්නවා. තමුන් ගැන වඩාත් තදින් විශ්වාස කරන ඒ තරුණ තරුණියන්ට ලෝකය හරිම විශාලයි. විශ්වවිද්‍යාලයකින් ගන්නා උපාධියකට හෝ උසස් විභාගයකින් සමත්වීමෙන් පමණක්ම රැකියාවක් ලැබීම වෙනුවට තමුන්ගේ ශක්තියෙන් යමක් නිපදවීමට හෝ ආරම්භ කිරීමට ඇති අවස්ථා බොහෝය. අප මෙලෙසින් ආරම්භ කළ හැකි ස්වයං රැකියා රාශියක් පිළිබඳ මඟපෙන්වීම සිදුකර තිබේ. ඒ සඳහා අපට ලැබෙන ප්‍රතිචාර ද බොහෝය. වර්තමානයේ සෑම පුද්ගලයකුම ඩිජිටල් යුගයකට පියවර තබා සිටියි. ඒ නිසාම සෑම කෙනෙකු අත ජංගම දුරකතන නැතිනම් mobile phone එකක් නැතිනම් ස්මාර්ට් ෆෝන් එකක් තිබේ. මේ පුද්ගල අවශ්‍යතාව මත mobile phone ක්ෂේත්රයේ රැකියා අවස්ථා හා ඒ ආශ්රිත ස්වයං රැකියා විශාල ප්‍රමාණයක් ඇතිවී තිබේ. මෙය අපට වඩාත් හොඳින් තහවුරු වන්නේ නගරයක ඇති ජංගම දුරකතන අලෙවි කරන සාප්පු හා අලුත් වැඩියා කරන සාප්පු ප්‍රමාණය අනුවය.
නමුත් මේ දුරකතන භාවිතය කිසි දිනෙක ඉදිරියේදී අඩු නොවනු ඇත. මෙම උපාංගවල වැඩි භාවිතය සහ විද්‍යුත් අපද්‍රව්‍ය අඩු කිරීම සඳහා වූ ගෝලීය ප්‍රවණතාව මත දුරකතන අලුත් වැඩියා සේවා සඳහා ඇති ඉල්ලුම අහස උසට නැග තිබේ.
මේ ඉල්ලුමට සරිලන සැපයීම ලබාදීමට නම් ඔබත් ජංගම mobile phone අලුත්වැඩියා කරන්නට හැකියාවක් ලබාගත යුතුයි. මේ හැකියාව ලබාගැනීමට ජංගම දුරකථන අලුත්වැඩියා කරන පාඨමාලා හැදෑරීම හෝ උපාධියක් හිමිකර ගැනීමට අවශ්‍ය නොවෙයි. මේ සඳහා ඔබට මූලිකවම අවශ්‍ය වන්නේ තාක්ෂණික දැනුම හා පළපුරුද්දය. ඒ සඳහා සියුම්ව කටයුතු කිරීමේ හැකියාව බෙහෙවින්ම වටියි. මේ සියුම් හැකියාව විශේෂයෙන් තරුණියන්ට වැඩි වශයෙන් පිහිටයි. ඒ නිසා මේ වැනි වෘත්තියක් කාන්තාවක සඳහා වඩාත්ම උචිත වෙයි.
ජංගම දුරකතන අලුත්වැඩියා කිරීමේදී දැනගත යුතු මූලික කරුණු ....,.,........
ඇත. විවිධ වර්ගයේ දුරකතන සහ ඒවායේ සංරචක කොටස් පිළිබඳ දැනුම හා ඒවා අලුත්වැඩියා කිරීමේ දැනුම පළපුරුද්ද තිබිය යුතුමය. එසේම එම දුරකතනයේ පවතින ගැටලු දෝෂ හඳුනාගැනීම ඒවා ප්‍රතිස්ථාපනය කිරීම වැනි දේ ගැන දැනුමක් නොමැතිව මේ කටයුත්තට ප්‍රවේශ වීමට නොහැකි වෙයි.
මේ සඳහා ඔබට අනුගමනය කළ හැකි පියවරයන් කිහිපයක් තිබේ.
YouTube වීඩියෝ නැරඹීම, ජංගම දුරකතන හා අලුත්වැඩියා ............, නිරන්තරයෙන්ම කළයුතු වෙයි. මේ සඳහා පුහුණුවක් ලැබීමට ආයතනයක් සොයා ගැනීමට අසීරු නම් මාර්ගගත ක්‍රමය ඔස්සේ Online පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී මූලික පුහුණුවක් ලබාගත හැකි වෙයි. එසේම වෘත්තීය පුහුණු අධිකාරිය වැනි රජයේ පුහුණු ආයතනයක පාඨමාලාවක් සම්පූර්ණ කිරීම ඔබට මේ සඳහා අමතර වාසියකි. මෙවැනි ජංගම දුරකතන ආයතනයක් සඳහා මූලික පුහුණුවක් ලැබූ ඔබ තමුන්ගේ ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීමට පෙර තමන්ගේ දක්ෂතාව පිළිබඳ සේවාදායකයා තුළ විශ්වාසයක් ගොඩනඟා ගත යුතුවෙයි. ඒ සඳහා ඔබ තමන්ගේ නිෙවසේම සිටිමින් මුලින්ම අසල්වාසී දන්නා කියන හිතවතුන්ගේ දුරකතන අලුත්වැඩියා කිරීම මුලින්ම ආරම්භ කරන්න. ඔවුන් ඔබගේ සේවය තෘප්තිමත් ලෙසින් ඉටු කර දී ඒ සඳහා සාධාරණ මුදලක් අය කරගන්න. මෙලෙසින් ඔබ ලබාදෙන සේවය අනුව ඔබගේ ව්‍යාපාර ජාලය ඉතාම පහසුවෙන් නිර්මාණය වෙයි.
මූලිකව ඒ සඳහා සමාජ මාධ්‍ය ජාල හරහා සිදුකරන ප්රචාරයත් ප්රමාණවත්ය. මෙසේ ඔබ යම් පලපුරුද්දක් ලබන විට විවිධ වර්ගයේ දුරකතන අලුත්වැඩියා කිරීමට ලැබෙයි. ඒ සෑම දුරකතනයක් සඳහාම ලදුපතක් නිකුත් කිරීම කළයුතුම කාර්යයකි. ඔබ දුරකතනයක් අලුත්වැඩියාව සඳහා භාරගන්නා විට එහි අංකයක් යොදා අදාළ සේවාදායකයාගේ තොරතුරු හා දුරකතනයේ දෝෂය හෝ අලුත් වැඩියා කළ යුතු කොටස් ගැන සටහනක් තබාගන්න. ඔබ මෙලෙසින් සිදු කරන විට ඔබ නොදැනීම ඔබගේ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය පසුබිම සකස් වෙයි. අලුත්වැඩියාව සඳහා අවශ්‍ය උපාංග ජංගම දුරකතනවල ආරක්ෂක ආවරණ, නිරතුරුවම අවශ්‍ය වන දුරකතන කොටස් ආදිය ගැන අවබෝධයක් ලැබුණු පසු ඔබ තමුන්ගේම ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කරන්න.
එම ව්‍යාපාරය ඉතාම අඩු මුදලකින් තමුන්ගේ අතේ ඇති ප්රාග්ධනය අනුව ආරම්භ කරන්න. එවිට ඔබට මේ ව්‍යාපාරයට කිසිම අයුරකින් පාඩු නොවනු ඇත. එසේම ඔබ ප්‍රදේශයේ ඇති තරගකාරී ආයතන හා සාප්පු සමග ඔබගේ ව්‍යාපාරයට තරග කිරීමට පහසු වනු ඇත. එවිට ඔබ සාර්ථක ස්වයං රැකියා ලාභිනියක් ලෙසින් ජීවිතය ජයගනු නියතය.