වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
ලාබෙට රහට කේක් බඩු ශාන්ත ජෝන්ගේ විදීයේ කඩේ

කේක් කන්න ආස නැත්තෙ කවුද? ඒක නිසාම අපි හැමෝම කේක් හදන්න උනන්දුයි. මේ උනන්දුව තවත් දියුණු වුණාම ඒක රැකියාවක් බවටත් පත්වෙන වාර තිබෙනවා. ඒ නිසාම කේක් කියන්නෙ ගෙදර හදන කෑම අතරේ බත්පතට නොදෙවැනි ආහාරයක් වෙලා.
මෙහෙම කේක් හදන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අවශ්‍ය බඩු ගන්න එක. අද යමු කොටුවෙන් ඔබට ව්‍යපාරිකයන්ගෙන් අඩුවටම කේක් බඩු ගන්න පුළුවන් රස විදීයකට.
ඉතිං අපි ශාන්ත ජෝන් විදීයේ ඇවිද යමු.
පිටකොටුව ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළ නොදන්නා කෙනකු නැති තරම්. මෙම මාළු වෙළෙඳපොළ ඉදිරිපසින් වැටී ඇති මාර්ගය එනම් ශාන්ත ජෝන් වීදියේ පිහිටි ලොකු, කුඩා කඩ 20ක් පමණ වෙන් වී ඇත්තේ කේක් සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය අලෙවිය උදෙසායි.
පිටකොටුව කෙළින් වීදිය හරහාත්, ගෑස්පහ හන්දියෙන් මෙන්ම කොළඹ මට්ටක්කුලිය ප්‍රධාන මාර්ගය ඔස්සේත් මෙම වෙළෙඳපොළ කරා ඔබට පිවිසිය හැකි වේ.
විවිධ වර්ගයේ රසවත් දෙයින් පිරුණු මේ වීදිය වූ කලී එකම රස ආකරයකි. පැණි වෑහෙන රටඉඳි, චෙරි, කිතුල් හකුරු, වියළි මිදි, ඉඟුරු දෝසි, පුහුල් දෝසි, චව්චව් ආදියෙන් හමන ඉමිහිරි සුවඳින් ඔබව පුදුමයට පත් වේ.
ගුණාත්මක බවින් ඉහළ මේ නිෂ්පාදන පහසුවටත්, සාධාරණ මිලටත් එකම වහලක් යටින් ඔබට ගත හැකියි. දේශීය නිෂ්පාදන පමණක් නොව රටවලින් ආනයනය කළ සුපිරි කේක් අමුද්‍රව්‍ය මෙහි වේ. විශේෂයෙන්ම ප්ලම්ස්, රේසින්, එසන්ස් වර්ග, සුල්තානා, රටඉඳි, ආමන්ඩ්, කැන්ඩිට් ෆීල්, ටින් කරන ලද පලතුරු බොහොමයක් නිෂ්පාදන ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ඉන්දියාව, පකිස්තානය වැනි රටවලින් මෙරටට ගෙන්වනු ලැබේ.
චව්චව්, කජු, ඉඟුරු දෝසි, පුහුල් දෝසි, රුලං, කිතුල් හකුරු, සිදරන් (ඔරෙන්ජ් ෆිල්, කැන්ඩිට් ෆිල් ලෙසින් හඳුන්වන ලංකාවේ නිෂ්පාදනය මෙයයි. ආදී මෙරටෙහි නිෂ්පාදිත ඒවා ද ඔබේ රුචිකත්වය මත අතරැඳි මුදලට සරිලන පරිදි තෝරාගත හැකියි.
සාමාන්‍යයෙන් රටඉඳි වර්ග 10ක් පමණ මෙහි වේ. කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180 සිට 3000 දක්වා මිල ගණන් යටතේ ඒවා අලෙවිවන අතර රතු සහ කොළ පැහැති වර්ණ දෙකෙන් යුත් චෙරි කිලෝවක මිල රු. 750 - 3700 දක්වා වේ. එමෙන්ම ලොකු, කුඩා ප්‍රමාණවලින් යුත් ප්ලම්ස් එහෙමත් නැතිනම් වියළි මිදි ද විවිධ මිල යටතේ දැකිය හැකි අතර ආමන්ඩ් කිලෝවක් රුපියල් 1800කි.
හොඳම කිතුල් හකුරු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 800ක් වෙද්දී සීනි හකුරු කිලෝවක මිල රු. 220- 250ත් අතර වේ. රු. 2000 - 2500ත් අතර දෝලනය වන හොඳ ලංකා කජු කිලෝ ග්‍රෑම් එකක් වෙනුවට ඇතැම් විට වියළි මෙන්ම කෑලි කජු හෝ රුපියල් 1000ක් පමණ වූ ඉන්දියන් කජු ද ඔබට මිල දි ගත හැකියි.
ඊට අමතරව විවිධ එසන්ස් වර්ග, ජෙලි කුඩු වර්ග, ජෙලටින්, අයිසින් සීනි, බේකිං පවුඩර්, කස්මඩ් පවුඩර්, කෝන් ෆ්ල්වර්, පුඩිං වර්ග, විවිධ ජෑම් වර්ග, කේක් සරසන වර්මයිල් චොකලට්
කුඩු, ආහාර වර්ණක (කලරින්) ටින් කළ පලතුරු, පිටි, සීනි, බටර්, මාගරින්, රෝස වතුර, බටර් ඔයිල්, වැනිලා සූකිරි, තල් සූකිරි පමණක් නොව කේක් සෑදීමට අවශ්‍ය එනසාල්, කරාබුනැටි, කුරුඳු පොතු, වසාවාසි, ඉඟුරුපියලි, සාදික්කා ආදී කුළු බඩු වර්ගත් මෙහි දක්නට ලැබේ.
කේක්වලට අමතරව බුරියානි සෑදීමට ගන්නා අනිසා මල්, දේවාදුරු, දුන්තෙල්, ග්‍රීන්පීස්, සෝස් වර්ග රු. 250ක් වැනි මිලකට සූදුරු සම්බා ද මේ වෙළෙඳසල් තුළ අලෙවි වේ.
විශේෂයෙන්ම වෙඩින් කේක් එතීමට ගන්නා කොළ, ටිෂූ, ඔයිල් පේපර්, ඩී.සී පේපර් ආදියත් කේක් ආකෘති සරසන ෂුගර් කෝඩ් ආදියත් අඩු මිලකට මෙහිදී මිලදී ගත හැකිවේ.
ස්වයං රැකියාවක් ලෙසින් කේක් නිෂ්පාදනයේ යෙදෙන අයට පමණක් නොව කේක් කලාවට ආදරය කරනා ඕනෑම කෙනකු වෙනුවෙන් මේ පුරවරය ළෙන්ගතුව පෙළගැසී සිටියි.