වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
පරිසර හිතකාමී ටෝට් බෑගයක්

අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ පරිසර හිතකාමී බෑගයක්. එදිනෙදා ගමනට බිමනට මෙන්ම කාර්යාලයේ භාවිතයට ද සුදුසු මේ බෑගය නිර්මාණය කිරීමෙන් ස්වයං රැකියාවක් කරන ඔබටත් ජීවිතය ජයගන්න පුළුවන්. එසේ නම් අපි අද මේ බෑගය නිර්මාණය කරන හැටි බලමු.
සිතුවම් කරන ලද ටෝට් බෑගයක් නිර්මාණය කරමු.
අවශ්‍ය ද්‍රව්‍ය :-
(බෑගය සාදා ගැනීමට)
අමු රෙදි, කැන්වස් හෝ බෑගය සාදා ගැනීමට සුදුසු ඝනකමින් වැඩි රෙදි
නූල්
කතුරක්
සිතුවම පින්තාරු කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය:-
පතරොම
අල්පෙනෙති
කාබන් කොළයක්
කඩදාසි
රෙදි පින්තාරු කරන තීන්ත (fabric paint)
පින්සල්
නිර්මාණය කිරීම :-
රෙදි කොටස අඟල් 15ක් හෝ අඟල් 16ක් (අවශ්‍ය පළල) සහ අඟල් 36ක් (අවශ්‍ය උස) ලෙස රෙදි කොටස කපාගන්න. කාදුවට අවශ්‍ය දිගින් යුතු රෙදි කොටස (දිග අඟල් 28 හෝ 29 සහ පළල අඟල් 6 ක් හෝ අවශ්‍ය ප්‍රමාණය) කපාගන්න. බෑගය සඳහා ගත් කොටස නමා රූපය(1) හි දැක්වෙන පරිදි, කාදු දෙක බෑග් කොටසට සම්බන්ධ කරගන්න. ඉන්පසු රූපය (2) හි පරිදි, බෑගයේ දෙපස මසාගන්න. බෑගය අනෙක් පස හරවා නැවතත් දෙපස මසාගන්න. (මෙම බෑගයට අවශ්‍ය නම් සිපර්, ඇතුළු පැත්තෙන් සාක්කුවක් හෝ ලයිනින් යොදා මසාගත හැකිය)
රූපය (3) හි පරිදි, පින්තාරු කිරීමට අවශ්‍ය සිතුවමට අදාළ පතරොම කාබන් කොළයක් භාවිත කර බෑගයෙහි පිටපත් කරගන්න. මෙහිදි අල්පෙනෙති ආධාරයෙන් පතරොම බෑගයට රඳවා පිටපත් කිරීම සිදු කරන්න. මීට අමතරව නිදහස් අතින් සිතුවම් බෑගය මත ඇඳගත හැකිය.
ඉන්පසු බෑගය අතුළු පැත්තෙන් කඩදාසියක් තබා රූපය (4) පරිදි, පින්තාරු කිරීම ආරම්භ කරන්න. රෙදි පින්තාරු කිරීමට යොදා ගන්නා තීන්ත මෙහිදී භාවිත කළ යුතුය. තීන්ත සහ පින්සල් තෝරා ගැනීමේදී සැලකිලිමත් වීම අනිවාර්ය වේ. තීන්ත ජලය හා මිශ්‍ර කර පින්තාරු කිරීම ආරම්භ කරන්න. අවශ්‍ය වර්ණ සංකලනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.
උපදෙස්:-
දිල්ෂි කාවින්දි ඒකනායක
(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම උපාධිධාරී)