‍කෝවිඩ් වැඩියෙන් බෝ‍ෙවන්නේ සතියකට වරක් කඩ සාප්පු යෑමෙන්

ජනවාරි 17, 2022

 

කෝවිඩ් එක්ක ගත කරන තුන්වැනි අවුරුද්දත් උදාවුණා. දැන් නම් එය සෙම්ප්‍රතිෂ්‍යාවක් තත්ත්වයට පත්වේගෙන එන්නේ. ඔමික්‍රෝන් ප්‍ර ප්‍රභේදය සමඟ නව කොරෝනා වෛරසයේ බලය බිඳී යනු ඇති බවට විද්‍යාඥයන් ද විශ්වාස කරනවා. කොහොම වුණත් ලෙඩක් ගැන සුළුවට හිතන්න බැහැ.

ලෙඩකට බිය නො විය යුතු නමුත් පරෙස්සම් වීම නම් හරිම වැදගත්.

මේ වන විට ඔමික්‍රෝන් ආසාදිත මරණ ගැන රට රටවලින් වාර්තා වෙනවා. දැන් ඉන්දියාවටත් ඔමික්‍රෝන් සුළි කුනාටුවක් බවට පත් වෙමින් පවතිනවා. එය ශ්‍රී ලංකාවේ අපට අනතුරු ඇඟවීමක්. ඩෙල්ටා ප්‍රභේදයත් අපට කලින් ඉන්දියාවේ පැතිරුණු ආකාරය කාට කාටත් අමතක වෙන්න විදියක් නැත්තෙ තවමත් ඩෙල්ටා ප්‍රභේදයෙන් අඩුවක් නැතිව බැටකන නිසයි.

අප නව කොරෝනා වෛරසය වැඩිපුර ම ගෙට ගේන්නේ කොහොමද?

අධ්‍යයනවලින් හෙළිවී ඇති අන්දමට සතියකට වරක් කඩ සාප්පුවලට ගියත් වෛරසය ශරීරගත වීමේ වැඩි අවදානමක් තිබෙනවා. වැඩිපුරම වෛරසය ශරීරගත වන ක්‍රමය එයයි. ඔන්ලයින් හෙවත් අන්තර්ජාලය හරහා භාණ්ඩ ගෙන්වා ගන්නන් ට මේ අවදාන ම ඉතා වැඩියි. සතියකට කිහිප වරක් අවන්හලකින් කෑම ගන්නට යාමේදීත් සතියකට එක් වරකට වඩා පොදු වාහනයක ගමන් කරද්දීත් ඇති වන්නේ එක වගේ අවදානමක්.

බාහිර සෙල්ලම් කළත් ගෘහස්ථ තැනක සෙල්ලම්, ව්‍යායාම කළත් පිරිසක් සමඟ සිටින නිසා අවදානම ඉහළයි. රැකියාවට දිනපතා යාමෙනුත් රෝගී වීමේ අවදානම වැඩි වෙනවා.

පුදුමය නම් සිනමාශාලාවලට යාමෙන් හා රූපලාන්‍යාගාරවලට යාමෙන් රෝගී වීමේ අවදානමක් ඇති බව හෙළි නො වීමයි. කොතැනකදී වුවත් සුව නීති නම් අකුරට ම පිළිපැදිය යුතුයි. නො එසේ නම් අවදාන ම ඉහළ බව අමුතුවෙන් කිවයුතු නැහැ.

 

යෝගට් කෝප්පයකින් කෝවිඩ් දිගු කාලීන ආබාධ අඩු කරනවා

රෝග ඇති කරන බැක්ටීරියා වගේම රෝගවලින් සහනයක් ගෙන දෙන බැක්ටීරියාවන් ද අපේ සිරුරේ තිබෙනවා. මේවා ප්‍රෝබයොටික් ලෙස හඳුන්වනවා. කෝවිඩ් සමයේ වෛද්‍යවරු විවිධ අත්හදා බැලීම් සිදු කළා. ‍

නව කොරෝනා වෛරසය ආසාදිත වූවන්ට ආමාශයට හිතකර බැක්ටීරියා හෙවත් ප්‍රෝබයොටික් කරල් ලබා දීමෙන් රෝගීන්ට කැස්සෙන්, හුස්ම ගැනීමේ අපහසුතාවලින් සහනයක් ලැබී තිබෙනවා. රෝගීන්ට සිරුරට ප්‍රබෝධයක් ද දැනිලා. ප්‍රෝබයොටික් අඩංගු කරල්, යෝගට් ආහාරයට ගැනීමෙන් දිගු කාලීනව ඇති වන කෝවිඩ් අතුරු ආබාධ බොහොමයකට සමු දෙන්න පුළුවන් බව වෛද්‍යවරු පවසනවා.

 

ගැටවරයන්ට එන්නතට වඩා කෝවිඩ්වලින් හදවත් රෝග වැලඳීමේ ඉඩ වැඩි වෙනවා.

 

දැන් අපේ රටේත් නව යෞවන යෞවනියන්ට කෝවිඩ්වලට එරෙහි එන්නත ලබා දෙනවා. නොමිලේ ලැබෙන එන්නත් මාත්‍රා දෙක ම ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි ?

එන්නත ගැනීමට බිය ප්‍රධාන හේතුව එමඟින් මයෝකාඩයිටිස් තත්ත්වය ඇති වේවියි යන බියයි.

එය ඉතා දුර්ලබ තත්ත්වයක්. මයෝකාඩයිටිස් තත්ත්වයේදී හෘදමාංශ පේශි තාවකාලිකව ප්‍රදාහයට පත්වී පපුවේ වේදනාවක් ඇති වෙනවා. හුස්ම ගැනීමට අපහසු වෙනවා. නාඩි වැටීමේ වේගය වැඩිවෙනවා.

නව කොරෝනා වෛරසය විතරක් නෙවෙයි ඉන්ෆ්ලුවෙන්සා වැනි ඕනෑම වෛරස් රෝගයකදී මයෝකාඩයිටිස් තත්ත්වය ඇති වන්න පුළුවන්. වෛරසය හදවතට බලපා හදවත තුවාල වීම හෝ ප්‍රතිශක්ති පද්ධතියේ ප්‍රතික්‍රියාවක් නිසා හෝ මයෝකාඩයිටිස් ඇතිවන බවට අනුමාන කරනවා. කාන්තාවන්ට වඩා පිරිමින් මේ තත්ත්වයට වැඩිපුර ම ගොදුරු වෙනවා. මෙයට හේතුව පිරිමි හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් මඟින් ප්‍රදාහයන් වළක්වන හෝර්මෝන අවහිර කිරීමයි. ගැටවර පිරිමි දරුවන් ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය අධිකව පවතිනවා. ගැටවර වයසේ දරුවන්ට රෝගය වැළඳී දින දහයකදී හෝ වෛරස් ආසාදනය ට පසුව මයෝකාඩයිටිස් තත්ත්වය ඇති වීමට පුළුවන්. ඇති වන මයෝකාඩයිටිස් තත්ත්වයන්ගෙන් සියයට 90 ක්ම බරපතළ ඒවා නො වන අතර සම්පූර්ණයෙන් සුවය ලැබෙයි.

 

මූලාශ්‍ර -ලන්ඩනයේ බාට් හෘද මධ්‍යස්ථානයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සෑම් මොහිදීන්

මහාචාර්ය, පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රොබට් තෝමස්