ලී කැබලිවලින් විසිතුරු කළ බඳුන්

නොවැම්බර් 3, 2021

 

ගේ දොර ලස්සනට තියාගන්න අම්මා වගේම දූත් කැමැතියි. ඒ නිසා අම්මට වගේම දෝණිටත් පහසුවෙන් කළ හැකි අත්කමක් මෙලෙස ගෙන එනවා.

 

අවශ්‍ය දේවල්

 

තේ කෝටු, කුරුඳු කෝටු හෝ කෝපි කෝටු වැනි කෝටු වර්ග

ලී පෙති ලෙස කැපිය හැකි කප්පාදු කතුරක් ඉවත දමන වීදුරු, ටින් හෝ ප්ලාස්ටික් බඳුන්, නැත්නම් මල් බඳුන්, හෝ බැලුන්

ලී ඇලවෙන ගම් වර්ගයක්

නිර්මාණය තිරීම

 

අඟල් කාලක හෝ ඊට අඩු ඝනකම සහිතව ලී කැබලිවලින් පෙති කපාගන්න. මේ සඳහා ප්‍රමාණ කිහිපයක මහතකින් යුතු කෝටු කැබලි තෝරාගෙන පෙති කැපිය යුතුයි. දැන් ඔබට අවශ්‍ය බඳුන ගෙන සෝදා පිරිසුදු කර වියළා ගන්න. ඊට පසු ගම් භාවිත කරමින් බඳුන වටා ලී පෙති අලවා ගන්න. බැලුනයක අලවන්නේ නම් බැලුනය පුම්බා පහළ හා වටේ ලී පෙති අලවා හොඳින් වියළෙන්න තබන්න. වියැළුණු පසු බැලුනය හිල්කර පුපුරවා අයින් කර බඳුන ගන්න. ලී පෙති අලවා වියළෙන්න තැබූ බඳුන් වියැළුණු පසු වාර්නිෂ් ස්ප්‍රේකර ලස්සන කරගන්න. මේවා කෘත්‍රිම හෝ ස්වාභාවික මල් දමා හෝ මල් සිටුවා අලංකාර කරගත හැකියි.