වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
එදිනෙදා වැඩ පහසුකරවන අලුත්ම වෙබ් අඩවි

වර්තමානයේ එදිනෙදා කටයුතුවලට තාක්ෂණය නැතිවම බැරි දෙයක් වෙලා. ඒ නිසාම තාක්ෂණයට කැමැත්තක් දක්වන බොහෝ දෙනා අන්තර්ජාලයට එකතුවන ඇප්ස්, වෙබ් අඩවි සහ ගැජට් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වෙනවා.
තාක්ෂණික වශයෙන් දියුණුවන ලෝකයක ජීවත්වන ඔබ අප සියලු දෙනාමත් තාක්ෂණය සමඟින් කටයුතු කළහොත් සංකීර්ණ ජීවිතය සරල කරගත හැකි වේවි.
2019 වසර වන විට අන්තර්ජලයේ ඇති වෙබ් අඩවි සංඛ්‍යාව බිලියන 1.94 ක් පමණ වන බව වාර්තා වෙනවා. මේ වෙබ් අඩවි අතරින් බොහොමයක් ඔබේ ජීවිතය පහසු කරන්න උපකාරි වෙනවා. අන්තර්ජාලයේ නිතර දෙවේලේ සැරිසරන ඔබට අතිශයින් වැදගත් වේබ් අඩවි කිහිපයකි මේ.
Free Anonymous Temporary Email
අන්තර්ජාලය තුළ විවිධ සේවාවන් භාවිත කරද්දී ඒවා වෙත sign in වීමට සිදු වෙනවා. නමුත් sign in හරහා ඔබට ඒ සේවාවේ විවිධ ප්‍රචාරණ email ආදිය පැමිණෙන්නට බොහෝ ඉඩ කඩ තියෙනවා. මේ සේවාව ඔබ භාවිත කරන්නේ එක වරකට පමණක් නම් එවැනි email පණිවිඩ තමන්ගේ පෞද්ගලික හෝ රාජකාරි විද්‍යුත් ලිපිනයන් වෙත පැමිණීම කරදරයක්. මෙයට හොඳම විසඳුම නම් තාවකාලික විද්‍යුත් ලිපිනයක් භාවිත කිරීමයි. මෙවැනි සේවාවන් සපයන වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා. 10 minutemail කියන්නේ එවැනි සේවාවන් සපයන එක් වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවිය හරහා විනාඩි 10 කට පමණ තාවකාලික විද්‍යුත් ලිපිනයක් සකසා දෙනවා. එය කල්ඉකුත් වෙන තෙක් එය හරහා වැඩ කරගන්න ඔබට හැකියාව තියෙනවා.
උපදෙස්
අනුරාධ කාරියවසම්
ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක
2019/09/25 තරුණි බලන්න