වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
ස්මාර්ට් ලෝකයට නව ගැජට් සහ ඇප්ස්

කාන්තාවන්ට අතිශයින්ම වැදගත් අලුත්ම ඇප් එකක්
තාක්ෂණය සමඟ සෑම මොහොතකම බැඳී සිටින ඔබට දැන් ස්මාර්ට් දුරකථනය නැතුවම බැරි මෙවලමක් බවට පත්වෙලා. ඒ නිසාම දැන් එය ඔබේ ශරීරයේ කොටසක් තරමටම ඔබට සමීපයි. ඔබ අපහසුයි කියා කල් දමන අතැම් දේවල් ද මේ හරහා පහසුවෙන් කර ගන්න හැකි වී තිබෙන්නේ ඒ නිසයි.
සෑම ස්මාර්ට් දුරකථනයක්ම ඇප්ස්වලින් බලගන්වා ඇති අතර, ඔබගේ ඕනෑ එපාකම් අනුව පිටතින් ද ඇප්ස් එකතු කර ගන්න පුළුවන්. ඒ නිසයි play store වෙත දිනපතා එකතුවන ඇප්ස් පිළිබඳ ඔබ දැනුවත් විය යුත්තේ මේ නවතම ඇප්ස් හරහා ඔබගේ දෛනික වැඩ කටයුතු පහසු කරනවා පමණක් නොව නව තාක්ෂණය පිළිබඳ දැනුමක් ද ලබා ගත හැකියි.
ශ්‍රව්‍ය ගොනු සංස්කරණය කිරීම සඳහා වූ බොහෝ මෘදුකාංග ඉතා සංකීර්ණයි. ඒ වගේම මිල අධිකයි. හොරෙන් බාගත කරගෙන බුද්ධිමය දේපළ නීති සඳහා වරදකරුවකු නොවී බලපත්‍රය හරහාම නොමිලේ දෙන සහ භාවිතයට පහසු මෘදුකාංග බාගත කරගන්න. එවැනි මෘදුකාංග කිහිපයක්ම තිබේ.
ඒ අතර Hya - wave App එක ප්‍රධානයි. Audio edit කරන සෑම මෘදුකාංගයක්ම පාහේ පරිගණකයේ ස්ථානය කරගත යුතු ඒවායි. නමුත් Hya - Wave සතු විශේෂත්වයක් වන්නේ එය බ්‍රවුසරය මතම භාවිත කළ හැකි විමයි. මේ සඳහා කටහඬ පවා ඇතුළත් කරන්නට පුළුවන්. udio Edit කිරීමේදී Cut, Past, Crop තෝරන ලද කොටස් උපරිමයටම Zoom කළ හැකි වීම හා play කළ හැකි වීම වැනි මූලික පහසුකම් රැසක් මෙහි අන්තර්ගතයි. මූලික අවශ්‍යතාවන්ට ගැළපෙන Sound effects ද එක් කර ගත හැකි අතර, අවසානයට නමක් යොදා Rename කළ හැකියි.
මෙම මෘදුකාංගය Hya - Wave ලෙස play Store හිදි බාගත කර ගැනීමට පුළුවන්.
2019/09/11 තරුණි බලන්න
උපදෙස්
අනුරාධ කාරියවසම්
ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක
උපදේශක