ලග්න පලාපල

සැප්තැම්බර් 25, 2019

2019-09-23 සිට 2019-09-29 දක්වා

 

රැකියාවේ වෙනසක්

මේෂ

මුදල් ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරමින් සතිය ආරම්භ වේ. ගේදොර සැලසුමක් වෙනස් කිරීමට සිදුවන කරුණු කීපයක් සිදුකරයි. අසල්වැසි ආරවුලක් දුරදිග යෑමට ඉඩ ඇති බවක් පෙනේ. ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන කාලයකි. එමෙන්ම පවුලේ කෙනකුගේ දුරස්වීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන කාලයකි. දුරගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාර හිමිකරයි.

දේපල ගැටලුවක්

වෘෂභ

හදිසි තීරණ කීපයක් වෙනස් කරමින් සතිය ආරම්භ වේ. කලබල වී තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්ව ඇති කරයි. නිතර මානසික අවිවේකය ඇතිකරන කාලයකි. රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලීම යහපත් වේ. දේපළ ගැටලුවක් මතුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මැද කාලයේ දී දරුවකුගේ කටයුත්තක් සම්බන්ධව ඉවසිලිවන්තව කටයුතු කරන්න

කොන්දේ ආබාධයක්

මිථුන

ලැබීම් අතින් යහපත් සතියකි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සතිය මැද වන විට පවුලට අලුත් සාමාජිකයකු එක්විය හැකියි. දුර ගමන් පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට සිදුවන කාලයකි. වරින්වර මතුවන කොන්දේ අමාරුවට ප්‍රතිකාර ගැනීමට සිදුවන කාලයකි. වැඩිහිටි විරෝධය ගෙනදුන් විවාහ යෝජනාවකට මාපිය ආශීර්වාදය හිමිවන සතියකි.

ගනුදෙනුවකින් වාසි

කටක

විශේෂ කටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වේ. ලැබීම් අතින් යහපත් වන අතර පවුලේ වගකීමකින් නිදහස්වීමට ද මඟ සැලසේ. එසේම මෙතෙක් යටපත් වෙමින් පැවැති සහෝදර මතභේදයක් නැවත මතුවීමට කරුණු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන කාලයකි. හිතුවක්කාර තීරණ ගැනීමෙන් තමාට අවාසිදායක තත්ත්ව ඇති කරයි. හදිසි ගනුදෙනුකට අතගැසීමෙන් වාසි අත්වන කාලයකි. මවුපිය උරුම හිමිකමක් වෙනුවෙන් නීති පිහිට පතයි.

නොගැළපෙන ඇසුරක්

සිංහ

අවිවේකී සතියක් වන අතර අමතර වියදම් දැරීමට සිදුවන කාලයකි. මවුපස ඥාතියකු පිළිබඳ සිත් තැවුලක් අසන්නට ලැබේ. සමාජ සේවා කටයුතු පිළිබඳ දැඩි කැපවීමක් දැරීමට සිදුවේ. වෙහෙස ඇති ගමනකට සහභාගී වීමට අවස්ථාව සැලසේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි සතියකි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් මානසික පීඩා ඇති කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් හදිසි මුදලක් වැයකිරීමට මඟ සැලසෙන අතර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. .

නීති ගැටලුවක්

කන්‍යා

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයකි. නීති ගැටලුවකට මැදිවන කාලයත් වන අතර නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වීම යහපත් වේ. නිතර හමුවන හිතවතකු නිසා ගැටලු කීපයක් මතුවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. මෙතෙක් බාධා වෙමින් පැවැති විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. විදෙස්ගත ලැබීම්වලට හිමිකම් ඇති කාලයකි.

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

2019/09/25 තරුණි බලන්න