අංක විද්‍යාෙවන් පිහිට දියණියගේ අනාගතය කෙසේ වේවි ද?

අප්‍රේල් 1, 2024

 

ප්‍රශ්නය

2023.12.25 උපන් මාගේ දියණියගේ අනාගතය ගැන දැන ගැනීමට අවශ්‍යයි. ඇයට තවම මාස 4යි. ඇය නිතරම රෝගී වෙනවා. මෙය ඇයගේ උපතේ සම්බන්ධ ගැටලුවක් ද? අංක විද්‍යාවට අනුව පහදන්න.

 

පිළිතුර

 

ඔබගේ දියණියගේ පුද්ගලික අංකය 7 වන අතර දෛව අංකය 8 වෙයි. ලෞකික සැපතට බාධා වුවත් ආධ්‍යාත්මික පැත්තට නැඹුරුව වැඩියි. සාධාරණ, ගැඹුරැ අවබෝධය ඇති මෙම දරුවා තේරුම් ගන්න අමාරු ගුප්ත ගති පසුකාලීනව පෙන්වයි. අනික් අය ළඟ නැති ගුප්ත ගතිය, ආධ්‍යාත්මික බලය, නිර්මාණශීලී හැකියාවන් නිසා බාධා මැඬගෙන ඉදිරියට යාමේ හැකියාව ඇත. ආගමට දහමට නැඹුරුව වැඩියි. විදෙස්ගතවීමේ ප්‍රවණතා ඇති දෙයක් ඉවෙන් මෙන් දැනෙන නොපෙනෙන බලවේග සමඟ ගනුදෙනු කළ හැකි, බණ භාවනාවලට යොමුවිය හැකි අයෙකි. නමේ බල දුබලතාවයත්, උපන් ග්‍රහ පිහිටීම් අනුව මේ දේවල් වෙනස් විය හැකියි.

 

සහකරු පිළිබඳ ගැටලුවක්

 

මාගේ උපන් දිනය වන්නේ 1995.06.07 වේ. මාගේ සැමියාගේ උපන් දිනය වන්නේ 1996.03.01 ය. ඔහු මට වඩා මාස කිහිපයකින් බාලයි. අප විවාහ වී වසරක් ගත වී ඇත. විවාහ වීමට පෙර තිබූ ස්වභාවය දැන් ඔහු තුළ නැත. මට දැන් හිතෙන්නේ විවාහයට පෙර ඔහු හැමදේම රඟපා ඇති බවයි. ඔහු දැන් අසන්නේ ඔහුගේ මව කියනා දෙය පමණයි. ඔහු මවත් සමඟ එක් වී මා හට බොහෝ කෙනෙහිලිකම් කරයි. දිවි තොරකර ගැනීමට පවා සිතෙයි. අප විවාහ වූයේ හඳහන් ගළපා නොවෙයි. දැන් මට හිතෙන්නේ හඳහන් බලා විවාහ වූවානම් මට මේ මර උගුලෙන් බේරෙන්නට හැකිව තිබුණු බවයි. අංක විද්‍යාවට අනුව මා මේ පවුල තුළ තවදුරටත් සිටිය යුතු ද?

 

පිළිතුර

 

1995-06-07 උපන් ස්ත්‍රිය ගේ පුද්ගලික අංකය 07 වේ. දෛව අංකය 1 වෙයි. උපතින්ම දියුණු මනෝ භාවයක් පිහිටි ඔබට ඔහුගේ ගතිගුණ හැසිරීම් රටාව කලින් නොදැනීම, නොතේරෙන්න හේතුව ඔබ ඔහුට හදවතින්ම ආදරය කිරීම විය හැකිය. ගොඩක් දුරට මුල් කාලයේ පෙන්වන ආදරණීය ගතිය ඔහුගෙන් ඈත් වුණේ ඔහුගේ දෛව අංකය 2 වීම නිසා විය හැකිය. ඔහු ආත්ම විශ්වාසය අඩු, දෙයකට තීරණ ගැනීමේදී අන් අයගේ උපදෙස්වලට අනුව යන ගතිය පෙන්වයි. 1996-03-01 ඉපදුණ මොහුගේ පුද්ගලික අංකය 1 වුණත් දෛව අංකය 2 වීම නිසා මවගේ වචනයට උඩින් යාමට ඇති අකමැත්ත නිසා එසේ විය හැකිය. නමුත් ඔහුගේ දෛව අංකයේ ඇති බාධාකාරී තත්ත්වය මඟහැරීමට ඔහුගේ පුද්ගලික අංකය 1 ප්‍රමාණවත්. එහෙත් එසේ නොවීමට ඔබගේ, ඔහුගේ නමේ බලයද වැදගත්. ඔහු ද කෙනෙකුගේ කීමට වැඩ කරන අයකු නොවේ. එහෙත් දැන් ඔබ පත්වී ඇති මේ තත්ත්වයට හදිසි තීරණ ගන්න එපා. ඉවසීමෙන් ඔහු සමඟ නිදහසේ කතාකර මේ තත්ත්වය පහදා දෙන්න. ඉවසීම තමයි ගොඩක්ම අවශ්‍ය. දිවි තොරකර ගැනීම නෙවෙයි. ඔහුට සත්‍ය වැටහෙන අාකාරයට, ඔබගේ නිවැරදි බව ඔප්පු කිරීමට කටයුතු කරන්න. ඉක්මන් තීරණ ගන්න එපා.

 

 

උපදෙස්

ප්‍රවීණ අංක විද්‍යාවේදිනි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා