අංක විද්‍යාෙවන් පිහිට

අප්‍රේල් 8, 2024

 

අනාගතය කෙසේ වේවි ද?

 

ප්‍රශ්නය

2000.10.15 උපන් මා දැනට විදේශගත වී සිටිමි. මාගේ බලාපොරොත්තුව දරුවා හා බිරිය මෙහි ගෙන්වා ඔවුන් හා සතුටින් ජීවත් වීමයි. මාගේ එම බලාපොරොත්තු හා අනාගතය කෙසේ වේවි ද?

 

පිළිතුර

2000-10-15 දින උපන් ඔබ දැනට වයස 23 මාස 5ක් පමණ වේ. උපන් දිනයට අනුව ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර දෛව අංකය 9 වේ. උපතින් ගෙනා ආකර්ෂණය, අලංකාරයට, සුවපහසුවට, ජීවත්වීමට කැමැති ඔබ විදෙස්ගතවී දරුවා සමඟ බිරියව ද තමන් ළඟට ගැනීමට දරන උත්සාහය, ප්‍රයත්නය ඔබ සසරින් ගෙනා එඩිතරකම, පස්සට නොයන ගතිය, දිනන්න හදන ගතිය නිසායි. දෛව අංකය 9 වන ඔබ පස්සට යන්න හදන අයකු නොවේ. නමුත් ඉක්මන් ගතිය, ආවේගශීලිත්වය ඇති ඔබගේ වයස 18, 27, 36 හොඳ හැරවුම් ලක්ෂ්‍ය වෙයි. ඔබ විදෙස් ගත වුවත් ඔබගේ, බිරියට හා දරුවාට විදෙස් ගතවීමේ භාග්‍යය තිබිය යුතුමයි. එසේ ඇත්නම් ඒ අයට ද ඔබ සමඟ විදෙස්ගතව සතුටින් ජීවත් විය හැකිය. ඒ ගැන ද අවධානය යොමුවිය යුතුයි. ඔබගේ වයසට අනුව ඔබ බොහොම එඩිතර, ආදරණීය සැමියෙකි, පියෙකි. ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා !!!

 

රැකියාව කුමක් වේවි ද?

 

ප්‍රශ්නය

2001.06.27 උපන් මාගේ දියණියට කුමන ක්ෂේත්‍රයක රැකියාවක් හිමි වේවි ද? එය සිදුවන්නේ කුමන කාලයේදී ද? අනාගතයේ විදෙස්ගත වීමට හැකිද?

 

පිළිතුර

2001-06-27 වන දින උපන් ඔබගේ දියණියගේ පෞද්ගලික අංකය සහ දෛව අංකය දෙකම 9 වෙයි. බොහොම ආවේගශීලී, තම මතයටම වැඩ කරන පස්සට යාමට අකැමැති මැය කාටවත් මෙල්ල නොවෙන සටන් කරලම දිනන්න හදන ගතිය උපතින් රැගෙනවිත් ඇත. මුලින්ම තමන්ව තමා පාලනය කරගත යුතුයි. රාජ්‍ය සේවයට, ත්‍රිවිධ හමුදාවට හොඳින් ගැළපෙන අයෙකි. වැඩකරන ආයතනයට පක්ෂව රාජකාරි කරයි, වචනයෙන් අනුන්ව පාලනය කරන්න පුළුවන් මැයට විදේශ රැකියා, පිරිසක් පාලනය කළහැකි රැකියා, සුදුසුකම් ඇත්නම් ආයතනයක මුල් පුටුවට දෙයක් සංවිධානය කළහැකි අයෙකි. සතුරන් වැඩියි. හැංගිලා පහර දෙන අය වැඩියි. ඕනෙම අභියෝගයක් බාරගන්න, දිනන්නම හදන අයෙකි. කාටවත් නැවෙන්නේ, මුළාවෙන්නේ නැති වුණාට ආදරයේදී බොහෝ මුළා වේ. තමා විසින්ම තමාව පාලනය කරගෙන ඉදිරියට යන්න පුළුවන්. එසේ නොවුණොත් තමාගේ අරමුණු කරා යාමේදී ප්‍රශ්න මතුවේ. වයස 18, 27, 36, 45, 54 වැනි වයස් ඔබගේ තීරණාත්මක වයස වෙයි. සැමවිටම ආදරණීය වන්න. ඉවසීම අවශ්‍යයි. තමාව පාලනය කරගෙන ගියොත් ඉදිරියටම යා හැකිය. අවබෝධයෙන් යා යුතුය.

 

 

උපදෙස්

ප්‍රවීණ අංක විද්‍යාවේදිනි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා