ලග්න පලාපල

ජුනි 19 සිට 25 දක්වා
ජුනි 19, 2023

 

මේෂ

 

වටපිටාව ගැන සැලකිලිමත් විය යුතුය. එදි‍ෙනදා කටයුතු කරන අය සමඟ ගැටලු ඇති වීමට ඉඩ තිබේ. අනුන්ට සවන් දී කටයුතු කිරීම වඩා හොඳ සතියකි. ගෙදරදොර සතුට වාසනාව ඇති කරයි. තම කටයුතු හෝ හැකියාවන් අගය කිරීම්වලට ලක් වෙයි. ගමන් අධික වේ.

 

 

වෘෂභ

 

හිසරදය, ඇස් රෝග ඇතිවිය හැකියි. සතුරන් හෝ අහිතවත් අය මඟ හැර සිටීම වඩාත් හොඳයි. නෑදෑ හිතවතුන් සමඟ අනවශ්‍ය වාද විවාද ඇතිවිය හැකියි. රැවටීම්වලට හසුවිය හැකි මුදල් හානි ඇති කරයි. සිත්තැවුල්, කායික අපහසුතා වැඩි සතියක් වෙයි.

 

 

මිථුන

 

ඉක්මන් කෝපය නිසා විවිධ පාඩු අලාභ, අවාසි ඇතිකරගන්නා සතියකි. පෙනහළු, උදරාබාධ, පපුවේ වේදනා, සෙම් රෝග ආදිය සෑදීමට ඉඩ තිබේ. වෙහෙසකාරී ගමන් මෙන්ම ධන හානිය ද සිදුවන දේ වෙයි. සැක බිය, අවිශ්වාස ගති නිතර බල පවත්වයි. ඉවසීම අවශ්‍යම දින කිහිපයකි.

 

කටක

 

තමන්ගේ වැරදි අඩුපාඩු නිවැරදි කර ගැනීමට සිතයි. මුදල් හානිය කළත් මුදල් ලාභ ද ගෙන දේ. තමා අන් අයගේ සැකයට අවිශ්වාසයට භාජනය වන කරුණු යෙදේ. මිතුරකු සතුරකු ලෙස හැසිරෙනු දැකිය හැකි අවස්ථා ඇති වේ. අන් අය සමඟ කරන කටයුතුවලදී අවංක වීම වාසි සහගතය.

 

 

සිංහ

 

සඋත්සහය තුළින් එදිනෙදා බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වන සතියකි.

තමාගේ අයගෙන් ලාභ වාසි ඇති කරයි. කලක සිට අපේක්ෂා කළ දෙයක් ඉටු වන බවට පෙරනිමිති ඇති කරය. සහනය ගෙවී යන දින කිහිපයකි.

 

 

කන්‍යා

 

අපිළිවෙළ සහ නොසැලකිලිත්කම නිසා අවාසි පාඩු ඇතිකරගන්නා සතියකි. අලස ගති මතු කරයි. පවුල් ප්‍රශ්න ඇතිවිය හැකියි. දක්ෂතා පෙන්වමින් ඉස්මතු වීමට සුදුසු සතියක් නොවේ. කරන කියන කටයුතු වලට බාධා ඇතිවෙයි. හිසේ අමාරු උදරාබාධ ඇති වන්නට ඉඩ තිබේ.

 

 

තුලා

 

උසස් වැදගත් අයකු හමු වීමට ද එමඟින් තම අපේක්ෂාවන් ඉටු වීමට ද බොහෝ දුරට ඉඩ ඇත. විනෝදය සතුට කෙරෙහි වෙනදාට වඩා සිත යොමුවේ. එවැනි අවස්ථා ද උදා වෙයි. ධනය අතින් ද එතරම් සතුටුදායක නොවේ. පින් පිණිස කරන කටයුතු ද ඇති කරයි.

එසේම මානසික පීඩා ද ඇති කරයි.

 

 

වෘශ්චික

බිය ඇති කරන සිදුවීම් සහිත සතියකි.මනස යහපත් ව තබා මනස නිරුවුල් කරගත යුතුයි. සමීපතමයකුට කරදරයක් ඇති වීමට නියමිතයි. ඒ වෙනුවෙන් කැපවීම් කරන්නට ද වෙහෙස වන්නට සිදුවෙයි. කීර්තියට හානි වන සිදුවීම් ඇතිවෙයි.සති අග වන විට සතුට සහනය ද ඇතිවේ. මුදල් හෝ ද්‍රව්‍ය ලාභ ද ඇති කරයි.

 

 

ධනු

මුත්‍රා රෝග, තුනටිය අමාරු වලට ඉඩ ඇති මුදල් හානි සහිත සතියකි. පවුලේ අසමගිය ඇති කරවන සුළු දේට සම්බන්ධ වීමෙන් වළකින්න. වාද විවාද ඇති කරන සතියකි. උත්සාහයෙන් කටයුතු කළ යුතුයි. අනවශ්‍ය වියදම් වළක්වා ගැනීමටත් අවධානය යොමු කරන්න.

 

 

මකර

නීරෝගිී සුවය ඇති වේ. දුක් තැවුල් පහවී සතුට සැනසීම ඇතිකරයි. කරන කියන කටයුතු අපහසුතාවයකින් තොරව සාර්ථක කරගත හැකියි. පවුලේ දියුණුව පිණිස උත්සාහවන්තව කටයුතු කරයි. සමීප අයගෙන් අවශ්‍ය සහයෝගය ලැබෙයි. ඥාතියෙකු හෝ සමීප හිතවතෙකු නිවසට පැමිණෙයි.

 

 

කුම්භ

සතුරු කරදර සතිය පුරාම බලපවත්වයි. මුදල් කරදර කරන කියන කටයුතු අපහසුතා මධ්‍යයේ වැඩ කරන්නට සිදුවෙයි. හදිසි අනතුරුවලට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් විය යුතුයි.

සිත් අසහන අධික වේ. ඉවසීම අත්‍යවශ්‍ය වන සතියකි.

 

 

මීන

තම පවුලේ අය සමඟ හිතවතුන් සමග මතභේද ඇති වන බැවින් ඒ කටයුතුවලින් වැළකී සිටිය යුතුයි. සෙම් රෝග මුඛ රෝග සමේ රෝග ඇති කරයි. මිල මුදල් අගහිඟකම් ඇති කරයි. සිත ශක්තිමත්ව තබා ගත යුතු සතියකි. උරුම හිමිකම් පිළිබඳ ගැටලු ඇති කරයි. අන් අය සමඟ හොඳ හිත පවත්වා ගැනීමට අවශ්‍යයි.