ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම්

ජනවාරි 15, 2024

ත වී යන, උදාවන හැම තත්පරයකම වටිනාකමක් රැඳෙනවා. ඇත්තෙන්ම අද දවස වගේම හෙට දවසත් හිතට ගෙන දෙන්නේ නැවුම් බලාපොරොත්තු. ඔබ ඒ පැතුමන්, අරමුණු එකිනෙක ජයග්‍රහණය කරගන්න නොකරන දෙයක් නැහැ නේද? ඇත්තටම අනාගතයේ වෙන්නෙ මොකක්ද? කොහොමද වෙන්නෙ කියලා දැනගන්න කාගෙ කාගෙත් යටි සිත උනන්දුයි.
 

මේ කාරණාවේදී ජ්‍යොතිෂයෙන් ලැබෙන පිටිවහල අතිශය වැදගත්. ඒත් හැමෝටම කේන්දරයක් එහෙමත් නැත්නම් හඳහනක් නැහැනෙ. හඳහනක් නැතත් දැන් අංක විද්‍යාව තුළින් අනාගතයට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් අනාගතය ගැන, අධ්‍යාපනය ගැන, පවුල් ජීවිතය ගැන විවිධ ගැටලු ඇති. තරුණී අප ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම් ලබා දෙන්න සූදානම්.
අපේ ලිපිනය... අංක විද්‍යාවෙන් පිහිට,
තරුණී, ලේක්හවුස්,
කොළඹ - 10.
 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.
 

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙබරවාරී මාසය හොඳ ද?

ප්‍රශ්නය
මම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙමි. දැනටම ඊට අවශ්‍ය මූලික දේවල් සකසමින් සිටිමි. 2024 වසරේ පෙබරවාරි මාසයේදී මගේම වෙළෙඳසැලක් ආරම්භ කිරීමට සූදානමින් පසුවෙමි. පෙබරවාරි මාසය ඊට සුදුසු ද? මාගේ උපන් දිනය වන්නේ 1980. 06. 21 වැනිදාය.
සුජානි - ගම්පහ

පිළිතුර

1980 - 06 - 21 දින උපන් ඔබට පෙබරවාරි මාසය ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු මාසයක් නොවෙයි. මාර්තු, ජූලි සහ දෙසැම්බර් මාසවල බ්‍රහස්පතින්දා දිනයක 3, 6, 9 දිනයට ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න. සුබ නැකතක් සාදා ගැනීමට ජ්‍යෝතිෂවේදියකු හමුවන්න. ඒ අනුව කටයුතු කළොත් ඔබ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා ඒකාන්තයි.

දියණියගේ අසනීපයට හේතුව ග්‍රහ බලපෑමක් ද?

ප්‍රශ්නය

අවුරුදු 10ක් වයසැති මාගේ දියණිය ගැන ගැටලුවකි. ඇය නිතරම අසනීප වෙයි. එක් ලෙඩක් හොඳ වූ පසු තවත් අසනීපයක් වැලඳෙයි. මේ නිසා ඇයගේ අධ්‍යාපන කටයුතු පවා අඩාළ වී ඇත. කෙතරම් ප්‍රතිකාර කළත් නිසි විසඳුමක් නොලැබුණි. ඒ නිසා මේ ගැටලුවට පිහිටක් ලැබේවි යැයි මා විශ්වාස කරමි. 2013. 08. 09 වැනිදා උපන් දියණියගේ උපන් වෙලාව වන්නේ උදෑසන 3.26. ඇයට අපල හෝ ග්‍රහ දෝෂ ඇත්නම් කළ යුතු යමක් තිබේ ද?

පිළිතුර
1980 - 06 -09 දින උපන් මේ දියණියට තරමක් වේගවත්, සැර පරුෂගති, ඉක්මනින් කේන්තියන ගතිය ඇතත් ඥානය, බුද්ධිය ඇති දරුවෙකි. නිතර අසනීපවන ගතිය මේ දරුවාගේ උපතත් සමඟ ආ කර්ම ශක්තියෙනි. මිථුන ලග්නයෙන් ඉපදී ඇති මේ දරුවාගේ පපුව අශ්‍රිත රෝග ඇතිවිය හැකිය. සෙම් බහුල ශරීරයක් ඇති අයකු නිසා පීනස ආදී රෝග සෑදීමට බොහෝ ඉඩ ඇත. සම්පූර්ණ කේන්දර පරීක්ෂාවක් කරගත යුතුය.


උපදෙස් -
ප්‍රවීණ අංක විද්‍යාවේදිනි
ලක්ෂි පුෂ්පලතා පෙරේරා