සුන්දර දෙතොලක රහස

ඔක්තෝබර් 2, 2019

නා දලු වැනි දෙතොල ළඳකගේ රුසිරු තව තවත් ශෝභමාන කරයි. මේ නිසාම හැඩට ඉන්න ළඳුන් හැඩවැඩ වීමේ දී දෙතොලේ ලිප්ස්ටික් ආලේපකර එයට වඩාත් ආකර්ෂණීය පෙනුමක් ගෙන දෙන්නට උත්සාහ කරයි.

එහෙත් සමහර කතුන් නම් ලිප්ස්ටික් ආලේප කරන්නේ ඕනෑවට එපාවටය. එමඟින් වන්නේ දෙතොල තව තවත් අවලස්සන වීම පමණි. ලස්සන කරන්නට කියා නොදැනුවත්කම නිසා සිදුකරගන්නේ කැත කරගැනීමය.

නිසි තේරුමකින් නිවැරැදිව ලිප්ස්ටික් ගල්වන්නේ සුළු පිරිසකි. ඒ නිසාම ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න පලඳින්න, ලස්සනට මේක්-අප් කරන්න, සොඳුරු පෙනුම තවත් ආකර්ෂණය කරගන්න හිතනවා නම් ඔබත් හරියට ලිප්ස්ටික් ආලේප කරන්න ඉගෙන ගන්න. එය ඔබේ පෞරුෂයටත් සැබෑ වටිනාකමක් ගෙන දේවි.

ලිප්ස්ටික් ඇප්ලයි කිරීම එහෙමත් නැත්නම් ආලේප කිරීම නිවැරැදිව කරන ක්‍රම රැසක්ම තියෙනවා. ඒත් හරියටම ලිප්ස්ටික් ගල්වන්න නම් පළමුව ඔබ ඔබේ දෙතොලේ හැඩය හරියටම හඳුනාගත යුතුයි. අපි හැමෝටම දෙතොලක් තියෙනබව සැබෑය. ඒත් අපි හැමෝගෙම දෙතොල එක ලෙසම පිහිටලා නැහැ. අපිට සොබාදහමෙන් උරුම කළ නියමිත හැඩයක් තියෙනවා. ඒත් මේ හැඩය අපේ මුහුණට නොගැළපෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී මුහුණට ගැළපෙන හැඩයට දෙතොල ඇඳගෙන ලිප්ස්ටික් ගැල්විය යුතුයි. හරියටම ගැල්වූවිට දිගු කාලයක් හොඳින් පවත්වාගෙන යන්නත් පුළුවන්.

පළමු පියවර

ඔබේ දෙතොලෙහි මැරුණු සම ඇත්නම් එම සම් කැබලි පළමුව ඉවත්කරගන්න. ඒ සඳහා ලිප් ස්ක්‍රබ් එකක් භාවිත කළ හැකියි. ලිප් ස්ක්‍රබ් යොදා ඔබේ දත් බුරුසුවෙන් මෘදුවට දෙතොල් ඇතිල්ලීමෙන් මැරුණූ සම් කැබැලි ඉවත්කර ගත හැකියි. එසේත් නැත්නම් සීනි සහ කුකිං ඔයිල් ස්වල්පයක් කලවම්කර දෙතොලේ ආලේපකර මෘදුව පිරිමැද සෝදාගන්න.

දෙවැනි පියවර

හොඳ පෙනුමක් ඇති තොල්වල රහස නම් ලිප් බාම් තොල්වල ගල්වා තෙතමනය ඇතිකර ගැනීමයි. මෙය ඔබේ තොල් මෘදු කිරීමට සහ සිනිඳු කිරීමට පමණක් නොව ලිප් ලයිනර් සහ ලිප්ස්ටික් වඩාත් ඒකාකාරව රඳවා ගැනීමට උපකාරී වේ. ලිප් ලයිනර් ඇඳීමට පෙර මෘදු ටිෂූ කොළයකින් අතිරික්ත ලිප් බාම් ඉවත් කරගන්න.

 

The Makeup Box Studio වෙතිනි

2019/10/02 තරුණි බලන්න