මේක්-අප් ද්‍රව්‍ය හරියට ම තෝරාගන්නේ කොහොමද?

ඔක්තෝබර් 9, 2019

ලස්සන වෙන්න හැම කාන්තාවක්ම කැමැතියි. එය ගැහැනියක් සතුව ස්වභාවයෙන්ම පිහිටි කැමැත්තකි. එසේ නො වන්නේ නම් එය ඇත්තටම පුදුමයකි. බාල, තරුණ, මහලු කුමන වයසක කාන්තාවක් වුවත් ලස්සනට අඳින්න, පලඳින්න කැමැතියි.

මේ නිසාම බොහොමයක් ළඳුන් මේක්-අප් තම ජීවිතයේ එක් අංගයක් බවට පත්කරගෙන හිඳී. කාර්යාලයට, සාප්පු සවාරියට මෙන්ම උත්සව අවස්ථාවක දී වුවත් ඇය යම්තරමකට හෝ මේක්-අප් එකක් කරයි. මොනවා නැතත් ලිප්ස්ටික් ටිකක්, පවුඩර් ටිකක් හෝ තවරා ගනී.

ඇත්තටම ගැහැනියක් නම් ඇය ලස්සනට සිටිය යුතුයි. මොනතරම් කරදර පැමිණියත් ඇය තමන්ගේ ලස්සන වියැකෙන්නට දිය යුතු නැහැ. ඒ වගේම තමන්ගේ දුක්, සාංකා ලෝකයට පෙන්විය යුතු නැහැ. ඒ නිසා මේක්-අප් එකක් කියන්නේ කාන්තාවන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු දෙයක්. මේක්-අප් එකකට පුළුවන් අපේ පෙනුම වෙනස් කරන්න. ඒවගේම අපේ හැඟීම් වසන් කරන්නත් පුළුවන්.

ඒ කොහොම වුණත් සෑම කාන්තාවක් සතුවම ලිප්ස්ටික් කූරක්, පවුඩර් එකක් ආදී කිහිපයක් හෝ තියෙනවා. ඒ නිසා මේ දේවල් තමන්ට අවශ්‍ය විදිහට ලබාගන්නේ කොහොමද? ඒ ඒ කාර්යය සඳහා ඇති මේක්-අප් ද්‍රව්‍ය මොනවද? අපි කොහොමද ඒවා තෝරාගන්නේ? භාවිත කරන්නේ කොහොමද කියන එක සෑම කාන්තාවක්ම දැනුවත්ව සිටිය යුතු දෙයක්. මේ පිළිබඳ පුංචි හෝ අවබෝධයක් සෑම කාන්තාවකටම තිබිය යුතුයි. ඒ නිසාම තරුණී කියවන, ලස්සනට ඉන්න කැමැති ඔබ වෙනුවෙන් මේ දැනුම මෙලෙස තිළිණ කරනවා.

 

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2019/10/09 තරුණි බලන්න