රුව සොඳුරු කරන මේක්-අප්

ඔක්තෝබර් 16, 2019

ලස්සනට ඉන්න කැමැති ළඳුන්ට මේක්-අප් කියන්නේ නැතිවම බැරි අංගයක්. ඔබ නොදන්නවාට මොනතරම් කැතැයි කියලා හිතන රූපයක් තිබ්බත් නිවැරැදි මේක්-අප් එකකින් අති සුන්දරත්වයක් බිහි කළ හැකියි.

ඒ නිසා තමන් කැතැයි කියලා මැසිවිලි නොනගා නිවැරැදිව මේක්-අප් එකක් කරන්නට ඉගෙන ගෙන තමන්ගේ රූපය සුන්දර කරගන්න. මේ සඳහා මේක්-අප් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ඔබ හඳුනාගෙන සිටිය යුතුමයි. ඒ සඳහා අත්වැලක් වෙමින් ගෙන එන ලිපි පෙළේ දෙවැන්නයි මේ.

අපි දැන් ෆවුන්ඩේෂන්, කන්සීලර් සහ පවුඩර් පිළිබඳ දැනුවත්. අද එතැන්සිට ඉදිරියට යමු.

 Blush  - බ්ලෂ්

ඔබේ මුහුණට ගැළපෙන ව්‍යුහය පෙන්නුම් කිරීමට භාවිත කළ හැකියි. අඳුරු සමක් ඇති අයට ඉතා සුදුසුයි. matte සහ shine ලෙස තෝරා ගත හැකියි. මනා නිමාවකින් යුතු Oval   හැඩයේ  perfect face  එකක් ලබාගැනීමට contour (අවුට් ලයින්) කිරීමටත් blush  භාවිත කරනු ලබයි. shimmer, shine blush  ඉතා ලස්සනයි.

Eye make-up- අයි මේක්-අප් Eye shadow- අයි ෂැඩෝ

ඇඳුමට සමට ගැළපෙන ලෙස පාට වර්ග තෝරා ගන්න.

eye shadow  වර්ණ අද වෙළෙඳ පොළේ ඉතා අඩු මිලට සොයා ගන්න පුළුවන්. දහවල් කාලයේ යන සාමාන්‍ය ගමනකට  earth colours භාවිත කිරීම සුදුසුයි. එනම් brown, bronz  වගේ වර්ණ ද උත්සව අවස්ථාවන්වල දී glitter  වර්ග යොදා ගන්න. දිලිසෙන eye shadow colours ඉතා ලස්සනයි.

 

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2019/10/16 තරුණි බලන්න