කොරළ සම සඟවමු

ජනවාරි 29, 2020

කාටද දිස්නේ ගහන ලස්සන සමක් වුවමනා නැත්තේ. නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඕනෑම තරුණියකගේ හීනයක්. හැබැයි හීන දුටු පමණින් තමන්ට දිදුලන සමක් අයිති කරගන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒකත් හීනයක්ම තමයි.

ඔබට දිදුලන සමක් අවශ්‍ය නම්, එසේම උපතින්ම ඔබට සුන්දර සමක් හිමි වුවද එය එලෙසම දිගු කාලයක් රැක ගැනීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් සුළු හෝ කැප කිරීමක් කරන්න වෙනවා.

තමන්ගේ සුන්දරත්වය වෙනුවෙන් කාන්තාවන් නොකරන දෙයක් නැති තරම්. විශේෂයෙන් බොහෝ දෙනා තමන්ගෙ මුහුණෙ පැහැය ගැන සිතනවා.

ලස්සන පැහැපත් මුහුණක් කියන්නේ සෑම කාන්තාවක්ම බලාපොරොත්තු වන දෙයක්.

ඒ නිසා සියලුම සත්කාරයන් මුහුණට ලබා දෙන්න ඔවුන් අමතක කරන්නෙ නෑ. මුහුණ ගැන එතරම් සැලකිලිමත් වුවත් ඔවුනට තමන්ගේ අත්වල සහ කකුල්වල සුන්දරත්වය ගැන, පැහැපත්බව ගැන සිතන්න අමතක වෙනවා. එහෙමත් නැතිනම් අමතක කරලා.

බොහෝ දෙනකුගේ මුහුණේ තියෙන පැහැපත්බව අත්වල සහ කකුල්වල දක්නට නැත්තේ ඒ නිසයි.

ඒ හේතුව නිසාම අත්, කකුල්වල සමෙහි කොරළ මතු වීමට වැඩි ඉඩක් පවතී. විශේෂයෙන්ම මේ දිනවල පවතින දැඩි හිරු රශ්මියත්, වියළි කාලගුණයත් කොරළ මතුවීමට හේතුවක් විය හැකියි.

සමෙහි කොරළ ස්වභාවය කියා අප හඳුන්වන්නේ සමෙහි ඇතිවන වියළි බවටය. මේ අධික වියළිබව නිසා සමෙහි ඉරි තැලීම් ඇතිවීම, පොතු ආකාරයෙන් සම ගැලවීයාම ආදී ලක්ෂණ දැක ගන්න පුළුවන්.

නමුත් මුහුණට ලබා දෙන සත්කාර සමටත් ලබාදුනහොත් මේ කොරළ තත්ත්වය අවම කරගත හැකියි.

බොහෝ කාන්තාවන් සිතන්නේ තමන්ගේ සුන්දරත්වය මනින එකම ඉන්ද්‍රියය මුහුණ බවයි.

එය වැරැදි ආකල්පයක්. සුන්දරත්වය කියා අප හඳුන්වන්නේ සමස්ත ශරීරයේම සුන්දරත්වය ගැනයි.

 

පිරිසුදුකම

පිරිසුදුකම කියන්නේ රූමත්බව රැක ගන්න හොඳ මාර්ගයක්. මුහුණ පමණක් නොව අත් කකුල් වගේම සෑම බාහිර අවයවයක්ම පිරිසුදුව තබා ගැනීමෙන් සමෙහි නිරෝගී බව රැක දෙනවා.

සම අවලස්සන කරන කොරළ, ඉරිතැලීම්, වියළි බව, දද සහ කුෂ්ට ඇති වීමට ප්‍රධාන හේතුවක් ලෙස බලපාන්නේ අපිරිසුදුකමයි.

 

දෑත්, දෙපාවලටත් - Sun Screen Cream

කෙනකුගේ වියපත් බව ඉක්මනින්ම පෙන්නුම් කරන්නේ දෑත්වලින්. දෑත්වල කොරළ හටගන්නේ ඔබේ දෑත් නිතරම හිරු එළියට නිරාවරණය වන නිසයි.

සමේ තද බව, අදෙනසුලු බව සහ කොලජන් විනාශ කරන්නට හිරු එළිය සමත්. රිය පදවන කෙනකුට නම් මේ ප්‍රශ්නය උග්‍ර වෙනවා.

ඊට අමතරව දවසේ බොහෝ වතාවක් ඔබ අත් දෙක සෝදන කෙනෙක් නම් සම ඉක්මනින් වියළි වී රැලි ගැසෙනවා.

එළියට යන හැම විටම අත් දෙකේ වගේම කකුල් දෙකටත් ඉභද ඉජපඥඥද ඛ්පඥචථ එකක් හොඳින් ආලේප කරන්න

අත් සෝදන හැම වතාවකම සමේ තෙතමනය රකින ර්ධඪඵබභපඪලඥප එකක් ආලේප කරන්නත් අමතක කරන්න එපා.

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

ස්වීනීතා කොතලාවල

 

2020/01/29 තරුණි බලන්න