සම සුරකින Night Cream

පෙබරවාරි 13, 2020

ලස්සන වෙන්න, වයස නොපෙනෙන්න තරුණ විදිහට ඉන්න කවුරුද අකැමැති? ඕනෑම කෙනෙක් රුව අලංකාරව තබාගැනීමට බොහෝ කැමැතියි. තවත් සමහරු තිබෙන රුව තවත් ඔපවත් කර ගන්නට උත්සාහ කරති. ඒ සඳහා ස්ත්‍රී, පුරුෂ භේදයක් නැත.

ස්ත්‍රිය රුව අලංකාරයට වැඩි කැමැත්තක් දැක්වූව ද අද ඒ හා සමානව පිරිමි පක්ෂයත් රුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරති. ඒ නිසාම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සම පැහැපත් කරගන්නට නිරෝගී කරගන්නට විවිධ ආලේපන භාවිත කරති.

එලෙස සම සුන්දර සහ පැහැපත් කරවන ක්‍රීම් වර්ග දහස් ගණනක් වෙළෙඳපොළේ දක්නට ලැබෙනවා. මේ සියලුම ක්‍රීම් වර්ගඩේ ක්‍රීම් (Day Cream) සහ නයිට් ක්‍රීම් (Night Cream)  ලෙස ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැකියි.

ච්චර ජපඥචථ පිළිබඳ වැඩි දෙනෙක්ට අවබෝධයක් තිබුණ ද රාත්‍රීයට ආලේප කරන Night Cream තවමත් බොහෝ දෙනකුට ආගනතුකය. ඒ නිසා Night Cream භාවිත කිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ දැනටමත් භාවිත කරනවා නම් මේ කරුණු ගැන සැලකිලිමත් විය යුතුයි.

නයිට් ක්‍රීම් එකක් තෝරාගන්නේ කෙසේ ද?

ඕනෑම ක්‍රීම් වර්ගයක් මිලදී ගැනීමට පෙර ඔබේ සමට සහ වයසට ගැළපෙන ක්‍රීම් එකක් තෝරාගත යුතුයි. ඒ සඳහා රූපලාවණ්‍ය ශිල්පිනියකගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්.

ව්ඪඨඩබ ඛ්පඥචථ භාවිතයේ දී වයස පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. කුඩා දරුවන්ට වගේම තරුණ වියේ පසුවන අයට ව්ඪඨඩබ ඛ්පඥචථ භාවිතය සුදුසු නොවේ. වර්තමානයේ බොහෝ නව යොවුන් වියේ පසුවන තරුණියන් සම පැහැපත් වීමට යැයි කියා විවිධ වර්ගයේ නයිට් ක්‍රීම් භාවිත කිරීමට පෙලඹී සිටියි.

මෙය ඉතා අහිතකර තත්ත්වයකි. නයිට් ක්‍රීම් භාවිතය වඩාත් සුදුසු වන්නේ වයස අවුරුදු 35 පසු වූ අයටයි. නමුත් ඔබ තරුණ වයසේ පසුවන අයෙක් නම් ඔබේ සම අධිකව වියළී ඇත්නම් පමණක් නයිට් ක්‍රීම් භාවිත කිරීම සුදුසුය. ඒ වගේම ඔබ දිනපතාම ර්චඬඥ භන දමන කෙනෙක් නම් ඔබේ සමටත් නයිට් ක්‍රීම් සුදුසුය.

ඕනෑම ක්‍රීම් වර්ගයක් මිලදී ගැනීමට පෙර එහි කල් ඉකුත් වන දිනය, ප්‍රමිතිය සහ අඩංගු ද්‍රව්‍ය ගැන සැලකිලිමත් වන්න. ප්‍රමිතියෙන් යුතු නයිට් ක්‍රීම් ඝන බවින් තොර වන අතර ඉතා මෘදු බවින් යුක්තයි. ඒ වගේම සුවඳින් තොරයි.

ඔබේ සමේ කුරුලෑ ඇතිවීමේ අවදානමක් තිබෙනවා නම් සම පිරිසුදු කිරීමේ ගුණය ඇති නයිට් ක්‍රීම් වර්ගයක් භාවිත කළ හැකියි. සම වියළි නම් තෙතමනයෙන් පොහොසත් ක්‍රීම් වර්ගයක් ද සම තෙල් සහිත නම් තරල හෝ ජෙල් අඩු ක්‍රීම් වර්ගයක් ද තෝරාගත හැකියි. ඔබට ඇත්තේ මේරූ සමක් නම් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන (වයස්ගත වීම වළකන) නයිට් ක්‍රීම් වර්ගයක් තෝරාගන්න.

ඔබ තෝරාගන්නා නයිට් ක්‍රීම් වර්ගය ස්වාභාවික ශාක සාරවලින් පොහොසත් නයිට් ක්‍රීම් වර්ගයක් ද කියා සහතික කරගන්න. වැඩි වශයෙන් රසායනික සංඝටක අඩංගු ක්‍රීම්වලින් සමට ඉක්මන්, තාවකාලික පැහැපත්බවක් ලබාදුන්න ද ඉක්මනින්ම සම අවලස්සන කරයි.

බොහෝ නයිට් ක්‍රීම්වල විටමින් සී අඩංගු වේ. එය සම පැහැපත් කිරීමට හේතුවක් වේ. ඒ වගේම විටමින් ඊ සහ ඒ, ජොජෝබා තෙල්, ඔලිව් තෙල්, ඇප්රිකොට් තෙල්, රෝස තෙල්, කෝමාරිකා, මීපැණි, ජැස්මින් ඔයිල්, ඇමයිනෝ අම්ල, ප්‍රතිඔක්සිකාරක සහ කොලජන් වර්ධනය කරන පෝෂණ සංඝටක රැසක් අඩංගුය.

Night Cream  එකක් ආලේප කළ යුත්තේ රාත්‍රී කාලයේ දී ය. එය නමින්ම පැහැදිලි වේ. දහවල් කාලයේ ආලේප කර එළියට යෑමෙන් සම කළු විය හැකි අතර අවශ්‍ය ප්‍රතිඵල නොලැබී යා හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්විනීතා කොතලාවල

 

2020/02/19 තරුණි බලන්න