කොරෝනා රෝගය මුළු රටේම පැතිරීම වැළැක්වීමට

කාන්තාවට විශාල කාර්යභාරයක් කළ හැකියි.
අප්‍රේල් 15, 2020

 

කොරෝනා කොවිඩි-19 රෝගය හඳුනාගත් දිනයේ සිට පරීක්ෂණය වශයෙන් ර්‍ථඛ්අ පරීක්ෂණ සිදු කළා. දැන් ඊට අමතරව රැපිඩ් පරීක්ෂණය පිළිබඳව කතිකාවක් ඇතිවි තිබෙනවා. මේ පරීක්ෂණ දෙක පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

අපි පළමු පරීක්ෂණය වන ර්‍ථඛ්අ පරීක්ෂණය දිගටම කරගෙන ගියා. පරීක්ෂණයට භාජනය වන්නේ අදාළ වෛරසයයි. එසේ නැතිනම් ඇන්ටිජන් පරීක්ෂණයට භාජනය වනවා. මේ සඳහා පැය 4 - 6 ක කාලයක් ගත වෙනවා. පරීක්ෂණය නිම කිරීමට පැය 6ක් පමණ වැයවීම ප්‍රශ්නයක් . දැනට මෙතෙක් සැක සහිත පුද්ගලයන් 42,000 පමණ ප්‍රමාණයක් සිටින නිසා මේ සඳහා පරීක්ෂා කිරීමේදී ලොකු කාලයක් ගත වෙනවා.

 

දෙවන පරීක්ෂණය ලෙස සොයාගත් රැපිඩි පරීක්ෂණය තුළින් බලාපොරොත්තුවනු ලබන්නේ වෛරසය නොවෙයි. මෙහිදී වෛරසයට විරුද්ධව නිපදවන ඇන්ටිබොඩිය රැපිඩ් පරීක්ෂාවට භාජනය වෙනවා. රැපිඩ් පරීක්ෂණයෙන් ඇති වාසිය ර්‍ථඛ්අ පරීක්ෂාවට සාපේක්ෂව වැයවන මුදල අඩුයි. රුපියල් 500-1000 අතර මුදලක් පමණයි වැය වන්නේ. මේ සඳහා ගතවන කාලය අඩුයි. මෙහි තිබෙන අවාසිය ර්‍ථඛ්අ පරීක්ෂණයට සාපේක්ෂව මෙහි නිරවද්‍යතාවය අඩුයි. ර්‍ථඛ්අ පරීක්ෂණයෙන් 70% නම් මෙහි 50% විය හැකිය. නමුත් අපට නිරෝධායන සැකසහිත පුද්ගලයන් ඉතා කෙටි කාලයක් තුළ පරීක්ෂා කිරීමට හැකියාව තිබෙනවා. දිනකට කිහිපවාරයක් දින කිහිපයකට පසු නැවත සිදුකිරීම තුළින් සැක සහිත පුද්ගලයන් නැවත පරීක්ෂාවට භාජනය කිරීම සිදුවෙනවා. එසේ හමුවුණේ නැතත් දෙවන පරීක්ෂණයේදී අපට දින 3-4 ක් අතරදී නැවත වාරයක් පරික්ෂා කරන්න නියම කරනවා. එයට හේතුව ඇන්ටි බොඩි වෛරසය ශරීරයට ඇතුළු වෙලා බොඩි හැදෙන්න දින 4-5 ක් අතර කාලයක් යන නිසයි.

 

* කොරෝනා වෛරසයෙන් මුලදී වැඩි වශයෙන් මිය ගියේ වැඩිහිටියන් පමණයි. විශේෂයෙන් එය විදේශ රටවලදී අපිට දකින්නට ලැබුණා. නමුත් අප රටේ මරණ හයෙන්ම තරුණ වියේ පුද්ගලයෙක් හමුවුවා මෙයින් දැන් පෙනී යන්නේ වයස් භේදයක් නැතිව මිය යන්න පටන් අරගෙනද?

මේ වෛරසය ඇති වී දැනට මාස 3-4 ක කාලයකි තමයි ගතවුණේ. මෙහි වැඩි බලපෑමක් ඇති වන්නේ වයස්ගත පුද්ගලයන්ටයි. විශේෂයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදරෝග, පෙනහලු රෝග, වකුගඩු රෝග වැනි රෝග පවතින විටදී ව්‍යාකූලතා නිසා ඇතිවිය හැකි මරණ අනුපාතය වැඩියි. වයසත් සමග සාමාන්‍යයෙන් මරණ අනුපාතය වැඩි වෙනවා.

නමුත් වයස අඩු අයට මෙය ප්‍රශ්නයක් නෑ කියා කොහෙත්ම කියන්න බැහැ. වයස අඩු අයටත් මේ රෝගයෙන් ජිවීතය අවදානම් වීමේ හැකියාව තිබෙනවා. මෙයින් මියයාමේ සම්භාවිතාව වැඩිවන්නේ නිව්මෝනියා තත්වයට යාම තුළින්. වයස අවුරුදු හැට ඉක්මවු පසු වැඩි ප්‍රමාණයක් මිය යාමට ඉඩ තිබෙනවා.

 

* ඉදිරි දින කිහිපය වඩාත්ම තීරණාත්මක බව වෛද්‍යවරු පවසනවා. අවදානම වැඩියි කියා ප්‍රකාශයට පත්වෙනවා. වැඩියෙන්ම ප්‍රවේසම් වෙන්න ඕනෑ කියනවා. මෙයට විශේෂ හේතුව කුමක් විය හැකිද?

පසුගිය කාලය තුළ අවදානම් ලෙස සිදුවීම් කිහිපයක් ඇතිවුණා. පුද්ගලයන් බොහොමයක් නිවෙස් වලට යාම සිදුවුණා. මෙහිදි හඳුනාගත් රෝගීන් සිටියොත් මේ රෝගීින් හරහා සමාජය තුළට යෑමට බෙහෙවින් ඉඩකඩ තිබෙනවා. මේ දිස්ත්‍රික්ක හරියටම අපිට කියන්න බැහැ.මේ සඳහා අප අවදානයෙන් සිටිනවා. ඒ නිසා ජනතාවට නිවෙස් වලම රැදී සිටින ලෙස අප ඉල්ලා සිටිනවා. මේ හරහා සමාජයේ යම් පැතිරයාමක් සිදුවුණොත් ඒ හරහා දැනට අපගේ රෝගීන් හමු වීමේ සම්භාවිතාව වැඩිවෙන්න පුළුවන්.

 

*එදා සිට පැනවූ නීතිවලට වැඩි වැඩියෙන් තවත් නීති මේ රෝගය සඳහා එකතු කර තිබෙනවාද ?

මෙහිදී සමාජ දුරස්ථභාවය වැඩියෙන්ම වැදගත් වෙනවා. එක ළඟිින් නොසිට මීටරයක් පමණ දුරින් සිටීමෙන් මුඛයෙන් නිකුත් වන කෙළ බිඳිති අනෙක් කෙනාවෙත එන්න තිබෙන ඉඩ අඩුයි. ඊට අඩු දුරක සිටින විටදී ඒවා යාමට ඇති සම්භාවිතාව වැඩියි. එවිට පැතිරයාමේ අවදානම ද වැඩි වෙන්නට පුළුවනි.

 

*කාන්තාවන්ට මෙහිදි වැදගත් කාර්ය භාරයක් තියෙනවාද? එහිදි ගෘහණියක් වශයෙන් ඇති දායකත්වය කුමක්ද?

ගෙදර ගෘහ මූලිකයා පිරිමියා වුවත් ගෙදර කාන්තාවට අම්මාට ගෙදර බුදුන් කියා හැඳින්වීමක් සිදුවූයේ කිසියම් හේතුවක් නිසයි. මුළු පවුලම හදාගන්න ඒ වාගෙම ඉස්සරහට රැගෙන යන්න වගකීමක් තිබෙන්නේ කාන්තාවටයි. තමන්ගේ දරුවන්, ස්වාමිපුරුෂයා මේ පිළිබඳව හරියට දැනුවත් කර මතක් කර ගෙදරින් එළියට බසිනවා නම් අවශ්‍ය උපදෙස් දැනුවත් කිරීමේ පුරෝගාමියා වන්නේත් ගෘහණියයි. ඊට අමතරව ගෙදර මූලිකයා කාන්තාව රෝගී තත්වයකට පත් වුණොත් එය මුළු පවුලටම බලපානවා. පවුලේ නීරෝගී බව පෙරට ගෙන යන්න අමාරු වෙනවා. එයින් පැහැදිලි වනුයේ කාන්තාවට මෙහි වැඩිම වගකීමක් තිබෙන බවයි. එසේම කාන්තාව ආදර්ශවත් වීම , ක්‍රියාශීලි වීම මේ අවදානම් අවස්ථාව්දී මේ උවදුර පැතිර යාම වළක්වාලමින් මුළු රටම බේරා ගැනීමට ලොකු දායකත්වයක් හිමි වී තිබෙනවා.

නිවසට වී සිටින කාලය තුළදී ඉදිරියේදී වෙනත් රටවලට අත නොපා ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට ආහාර හැකි පමණ වගා කිරීමටත් ක්‍රමවේදයක් කාන්තාව විසින් ඇති කිරීමට හැකියාව තිබෙනවා.එවිට අපට ජයග්‍රහණය කරන්නට පුළුවනි. නිවසට ලැබෙන ආහාර බහා ලන බෑග්, මුදල් පරිහරණය පිළිබඳ කටයුතු වලදී සබන් ගා අත් සේදීම, නිවසේදී අවශ්‍ය සෑම අවස්ථාවකදීම සිදු කිරීමට ලොකු වැඩපිළිවෙළක් යෙදීමද, සෑමවිටම ඇල්කොහෙල් වැඩි සාන්ද්‍රණයක් ඇති විෂබීජ නාශකයක් යොදා පිරිසිදු කිරීමද බාහිර පරිසරය හා ඉතාම කෙටි සම්බන්ධ වීමකදී පවා මාස්ක් එකක් භාවිතයට තම ස්වාමි පුරුෂයාටද දරුවන්ව ගෙදර සියලු දෙනාවම යෙදවීම ද ගෙදර කාන්තාව සතු ලොකු වගකීමක් බවද කිව යුතුයි.

විශේෂ ස්තූතිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර සංස්කාරක වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය මහතාට

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති

විශේෂඥ වෛද්‍ය

අනුරුද්ධ පාදෙණිය