මල් කැකුළක් මිලින වෙන්න දෙන්න එපා

පෙබරවාරි 19, 2024

 

‘ඔබේ පුංචි දරුවාට පිළිකාවක්’ ඔබ මෙතෙක් අැසූ අමිහිරිතම වදන් කිහිපය එය විය හැකියි. මුළු ජීවිතයම දෙපතුළට කඩා වැටුණාක් වැනි හැඟීමක් ඇතිවීම අරුමයක් නොවේ. එහෙත් ඉදිරිය දෙස සුබවාදීව බලමින් කටයුතු කරනු වෙනුවට වෙනත් විකල්පයක් නොවේ.

මවුපියන්, රැකබලා ගන්නන් වන ඔබ මහත් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දේවි. ඔබ තවදුරටත් තනිවී නැහැ. ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලය දරුවාගේ කායික හා මානසික අවශ්‍යතා පිළිබඳ මැනවින් සොයා බලාවි. පෙර මෙන් නොව දරුවන් පෙළෙන බොහෝ පිළිකා දැන් සුවකර ගැනීමේ පහසුකම් ඇත.

ඒ පිළිබඳ අපේක්ෂාවේ පහන්සිළු දල්වාලනු හැකිවේවි.

පිළිකාවක ප්‍රධාන ලක්ෂණ

පිළිකාව යනු තනි රෝගයක් නොව රෝග කාණ්ඩයකි. මෙහිදී

*අසාමාන්‍ය සෛල ගොනුවක් පාලනයකින් තොරව වර්ධනය වීම

*ආසන්නතම පටක ආක්‍රමණය කිරීම

*සිරු‍ෙර් අනෙක් කොටස්වලට පැතිරීම සිදුවිය හැකියි.

*පිළිකාවක් සිරු‍ෙර් ඕනෑම තැනක ඇතිවිය හැකියි.

*සාමාන්‍යයෙන් පිළිකාවක් හඳුන්වනු ලබන්නේ එය හටගන්නා ස්ථානය අනුවයි. උදාහරණයක් ලෙස පෙනහලු පිළිකා, අක්මාවේ පිළිකා, පියයුරු පිළිකා.

දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පිළිකා අතර වෙනස

ළමා වියේ ඇතිවන පිළිකා වර්ග බොහෝවිට වැඩිහිටියන්ට ඇතිවන පිළිකා වර්ගවලින් වෙනස් වේ. උදාහරණයක් ලෙස මුඛ පිළිකා, පියයුරු පිළිකා, බඩවැල් ආශ්‍රිත පිළිකා වැඩිහිටියන් අතර බහුල වුවත් ළමාවියේදී බහුලව දැකිය හැකි වන්නේ රුධිරය ආශ්‍රිත පිළිකාවන ලියු‍ෙක්මියා, ලිම්ෆෝමා හෝ මොළය සහ මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකායි.

ළමා වියේ පිළිකාවලට හේතුව

*ළමා වියේ ඇතිවන බොහෝ පිළිකාවලට නිශ්චිත හේතුව කුමක්දැයි තවම පැහැදිලි නැත.

*සෑම වයසකම, සෑම ජාතියකම, සෑම මට්ටමකම දරුවකුට පිළිකාවක් වැලඳීමේ හැකියාව ඇත.

*සෑම පිළිකාවකදීම පාහේ ජානමය වෙනසක් දැකිය හැකිමුත් එම වෙනස්කම්, මවුපියන් ගේ ආරයෙන් (ප්‍රවේණිගතව) දරුවන්ට ලැබෙනුයේ කලාතුරකිනි.

*එම නිසා මවුපියන් තමාගේ වරදින් තම දරුවන්ට පිළිකාව බෝ වුණා යැයි කිසිවිට පසුතැවිලි විය යුතු නැත.

*ප්‍රතිකාර ක්‍රමවල නව සොයා ගැනීම් හේතුවෙන් බොහොමයක් ළමා වියේ පිළිකා සුව කිරිමේ හැකියාව ඇත.

*නමුත් පිළිකාව සුවකළ හැකි හෝ නොහැකි බව පිළිකාවේ වර්ගය සහ තවත් සාධක බොහොමයක් මත රඳා පවතී.

ළමා වියේ බහුල පිළිකා වර්ග

ලියුකේමියාව Leukemia)

 

ළමා වියේ බහුලව දැකිය හැකි පිළිකා වර්ගය වනුයේ ලියුකේමියාව නම්ි වූ රුධිරය හා ඇට මිදුලු අාශ්‍රිත පිළිකාවයි. ඒ අතුරින් ALL - Acute Lymphocytic Leukemia

AML - Acute Myeloblastic Leukemia වර්ග දෙක බහුලව දැකිය හැකිවේ.

රෝග ලක්ෂණ

*නිතර ආසාදන වැලඳීම

*හන්දි / අස්ථිවල වේදනාව

*වෙහෙසකර බව

*සුදුමැලි වීම

*රුධිර වහනය

*උණ

*ශරීරයේ බර අඩුවීම

 

ලියුකේමියා ‍ෙරා්ගය වේගයෙන් වර්ධනය විය හැකි නිසා හඳුනාගත් වහා ප්‍රතිකාර ඇරඹිය යුතුය.

මොළය සහ මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා

මෙය ළමා වියේ දෙවනුව සුලබව දැකිය හැකි පිළිකා වර්ගයකි. මොළය ආශ්‍රිත පිළිකා වර්ග කිහිපයක් තිබේ.

මොළය ආශ්‍රිත පිළිකා නිසා දරුවාගේ කායික සහ මානසික වර්ධනයේ අඩාළවීමක්, හිසදරය, ඔක්කාරය, වමනය, බොඳ වී පෙනීම, කරකැවිල්ල, වලිප්පුව, ආදී රෝග ලක්ෂණවලට ද හේතුවිය හැකියි.

 

රෙටිනොබ්ලාස්ටෝමා (Retinoblsatoma)

උපතේ සිට වයස අවුරුදු 6 දක්වා කුඩා දරුවන්ගේ ඇසෙහි ඇතිවිය හැකි පිළිකා තත්ත්වයකි. මෙය සාමාන්‍යයෙන් දරුවා කුඩා කාලයේදීම මවුපියන් හෝ වෛද්‍යවරු විසින් ඇසෙහි ඇති අසාමන්‍යතාවක් ලෙස හඳුනාගනු ලැබේ. මෙම ‍ෙරා්ගය ඇතිවීමට ජානමය බලපෑමක් තිබෙන නිසා, රෝගය සහිත දරුවන්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් අක්ෂි වෛද්‍යවරයකුගේ පරීක්ෂාවකට ලක්්වීම වඩාත් සුදුසු වේ.

නියු‍ෙරා්බ්ලාස්ටෝමා (Neuroblastoma)

මෙම පිළිකා රෝගය ස්නායු පටක ආශ්‍රිතව හටගනී. මෙය දැකිය හැකිවන්නේ බොහෝවිට ළදරුවන් සහ කුඩා දරුවන් අතරය. මේ පිළිකාව සිරු‍ෙර් ඕනෑම තැනක හටගත හැකි අතර උදරය ආශ්‍රිතව ඉදිමුමක් ලෙසින් බොහෝ විට හඳුනා ගනී. උණ, අස්ථි වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

 

විල්ම්ස් ටියුමර් (Wilms tumour)

 

වකුගඩුවල හටගන්තා පිළිකාවකි. බොහෝ විට අවුරුදු 2 - 4 අතර දරුවන් කෙරෙහි දැකිය හැකි පිළිකා වර්ගය. උදරයේ ඇතිවන ඉදිරියට නෙරා ඒමක් ඉදිමුමක් ලෙස හඳුනා ගැනේ. එසේත් නැත්තම් උණ, කෑම අරුචිය, ඔක්කාරය වැනි ‍ෙරා්ග ලක්ෂණ ද ඇතිවිය හැකියි.

ලිම්ෆෝමා (Lymphoma)

සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසක්

 

 

වන වසා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයකි. උණ, වසාගැටිති ඉදිමීම, උදරය නෙරා ඒම ප්‍රධාන රෝග ලක්ෂණයි.

සාකෝමා (Sarcoma)

සාකෝමා යනු අස්ථි, මාංස පේශී වැනි ඕනෑම සම්බන්ධ පටකයක ඇතිවිය හැකි පිළිකා වර්ගයකි.

පොදු ‍ෙරා්ග ලක්ෂණ

*පිළිකා ‍ෙරා්ගයේ මුලදී ඇතිවන රෝග ලක්ෂණ කුඩා දරුවකුට සුලබව ඇතිවන රෝගයකදී පෙන්වන ‍ෙරා්ග ලක්ෂණවලට බෙහෙවින් සමාන වේ.

*මේ ‍ෙරා්ග ලක්ෂණ අතර උණ, අධික මහන්සිය, වසා ගැටිති ඉදිමිම, බර අඩුවීම වැනි රෝග ලක්ෂණ මෙන්ම සන්ධි වේදනාව, තැළීම්, අස්ථිවල වේදනාව සහ දරුවා නිතර නිතර අසනීප වීම වැනි ලක්ෂණ ද දැකිය හැකියි.

*මෙවැනි රෝග ලක්ෂණ කල්පවතී නම් හෝ නිතර ඇතිවේ නම් වැඩිදුර පරීක්ෂණ කිරීම අවශ්‍ය වේ.

 

ලබන සතියේ පිළිකාව හඳුනාගැනීම සඳහා පරීක්ෂණ

විශේෂ ස්තූතිය -

ජාතික පිළිකා මර්දන

වැඩසටහනේ වෛද්‍ය

සචින්තා දිල්හානිට