වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
කෑම කාමරයට හැඩ ගෙනෙන මල් පලතුරු පිරි දසුනක සිරි

ගස්වැල් මලින්, ඵලින් පිරෙන සුන්දර වසන්තය එළැඹෙන්නට දැන් ළඟයි. කොහෝ කුරුලු නාදයත් හිමිහෙමින් පැතිරෙන්නට අරන්. අප හැමෝම සෙනෙහසින් පිළිගන්නට බලා හිඳින සිංහල, හින්දු අලුත් අවුරුද්දට නිවෙස කලඑළි කරගන්න ලස්සන බිත්ති සැරසිල්ලක් තිබුණොත් හොඳයි නේද? විශේෂයෙන්ම කෑම කාමරයේ අලංකාරයට එහි සුවිශේෂීත්වයක් තිබේවි. කතිර රටා මඟින් මෙවැන්නක් නිර්මාණය කරගන්න තරමක කාලයක් ගතවන නිසා අපි එම නිර්මාණය කල් ඇතිවම ඔබට ලබා දෙන්නෙමු. මල්, පලතුරු පිරි මේ සුන්දර නිර්මාණය සැබෑවටම සෞභාග්‍ය පිරුණු අලංකාර නිර්මාණයක් නේද?
2020/03/19 තරුණි බලන්න