පොත් කවරය හැඩ කරන්න

හරි කදිම පූස් යාළුවෙක්
මැයි 27, 2020

පොපි මල් පඳුරක් අසල දඟකරන ලස්සන පූස් පැංචෙකි. මෙය ඔබේ දූදරුවන්ගේ පොත් කවර හැඩ කරන්න කදිමයි. එපමණක් නොව කුඩා ප්‍රමාණයේ බිත්ති සැරසිල්ලක් ලෙසත් මෙය භාවිත කළ හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 11ක් හෝ 14ක්

සුදු පැහැති

අයිඩා රෙදි

නොම්බර 24 හෝ

නොම්බර 26 ටැපැස්ටි‍‍්‍ර ඉඳීකටු

අවශ්‍ය වර්ණවල කැරැලි නූල්

රාමුව. කතුර

 

නිර්මාණය කිරීම

අඟලට කොටු 14 ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් මෙම නිර්මාණය සෙන්ටිමීටර් 15.78×21.23 ප‍‍්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10 හෝ 11 ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් මෙහි ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප‍‍්‍රමාණය අනුව නිර්මාණයේ ප‍‍්‍රමාණය වෙනස් වේ. කෙසේ වෙතත් තමන් කරන නිර්මාණය අනුව අවශ්‍ය ලෙස වටේට ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි.

කුෂන් කවරයක් නම් එයට අවශ්‍ය ප්‍රමාණය අනුව කපාගන්න. කොටු 10 න් 10 ට නූල් ඇද ගැනීමෙන් මැසීම පහසු වේ. නැතිනම් නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප‍‍්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප‍‍්‍රමාණය ද වෙනස් වේ.

අඟලට කොටු 14 නම් නූල් පොටවල් 2 ක් සෑහේ. අඟලට කොටු 11 ක් හෝ 10 ක් නම් නූල් පොටවල් 6 ම භාවිත කරන්න. සම්පූර්ණ නිර්මාණය කතිර මැස්මෙන් මසා පූසාගේ රැවුල අළු වර්ණයෙන් කෙළින් මැස්මෙන් මසා ඇත.ලිකා දිල්රුක්ෂි