අපේ කාලයේ මාර්ගපල ලාභිනී දීපා-මා ගේ කතාව

මැයි 16, 2022

ඇය සිය ගුරු මුනීන්ද්‍ර ඉදිරිපිට එක්වර ම පෙනී සිටීම බිත්තිය තුළින් පැමිණීම වැනි දේ කරමින් සියුම් වින්දනයක් ලබා ගත් බව කියැවේ

 

 

උන්වහන්සේ ගේ දෙසුම් පවත්වන ශාලාවට යාමට ඇති පියගැටපෙළ නගිද්දී ඇයගේ හෘද ස්පන්දන ය අසාමාන්‍ය ලෙස වැඩි විය. ඉතාම දුර්වල වුණු ඇය පඩිපෙළේ අන්තිම කොටස පසු කළේ දණගාමිනි. එතරම් අමාරුවෙන් ශාලාවට ඇතුලු වූ ඇය, බස නොතේරෙන නිසා එහි ම හිඳ ගෙන සිය භාවනාව දිගටම කරගෙන ගියා ය. ඇගේ ඒකාග්‍රතාව එතරම්ම ගැඹුරු විය. සිරුර ගල් ගැසී ඇති ලෙසක් ඇයට දැනුණි.

 

මෙලෙස අනවරත ව සතිපට්ඨානය වැඩූ ඇය දිනෙන් දින විසුද්ධි මාර්ගයේ සඳහන් පියවරයන් අත් දකිමින් භාවනාව ඉදිරියට කරගෙන ගියා ය. වරෙක ඇයට ඉතා ප්‍රභාවත් ආලෝකයක් දැනිණි. ඉනික්බිති තම සිරුරත් හිඳගෙන සිටි ස්ථානයත් සියල්ලත් සිඳී බිඳී යන අයුරු දැනෙන්නට විය. අනතුරුව තම සියොලඟ පිච්චෙමින් වේදනාවෙන් මිරිකෙනු දැනෙන්නට විය. ඒ පීඩනයෙන් තමාව පුපුරා යනු ඇතැයි ඇයට සිතුණි. ඉන් පසු දිනක අසාමාන්‍ය දෙයක් සිදුවුණි. අනෙක් යෝගීන් සමඟ බිම හිඳගෙන බවුන් වඩාත් දී, එකවරම වචනයෙන් කිව නොහැකි පරිවර්තනයක් සිදුවිණි. එය ඉතාමත් ප්‍රසන්න වූත් සුමුදු වූත් අත්දැකීමක් විය. ඒ සමඟම තමා තුළ වෙනස් නොවන ආකාරයේ මහා පරිවර්තනයක් සිදුවුණ බව ඇයට හැඟිනි. පසු කලෙක එය ගැන විමසූ විටෙක දීපාමා ගේ පිළිතුර වූයේ “මොකක් ද වුණේ කියා මා දන්නේ නැහැ යන්න යි” .

දශක තුනකටත් වඩා කාලයක් පුරා මිදීම සොයමින් ගිය ගමන, පනස් තුන් වැනි වියේ දී, දින හයක් පුරා නොකඩවා කළ පුහුණුවක් අවසන දීපාමා සෝවාන් පලය සාක්ශාත් කරගත්තා ය. ඒ හා සමඟම ඇගේ රුධිර පීඩනය, සහ හෘද ස්පන්දනය සාමාන්‍ය තත්ත්වයට පත් විය. පඩි නැගීමේ අපහසුව නැති විය. කඩිනමින් ඇවිදීමට පුළුවන් විය. එදා සිහිනයෙන් දුටු පරිදිම ඇගේ සිතේ තිබුණ දුක වේදනාව, සංතාපය, බිය ඒ ඇසිල්ලේ සිඳී ගියේය. තම සන්තානය පුරා පැතිරුණු සැනසිලි දායක බවක්, උපේක්ඨෂාවක්, පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ආත්ම විශ්වාසයක් ඇති විනි.

රැන්ගූන් නුවර සිය නි‍ෙවසට ආපසු යාමට පෙර තව මාස දෙකක් තතානායික්තා භාවනා මධ්‍යස්ථානයෙහි ම රැඳී හිඳිමින් දිගටම භාවනා කළා ය. ඉනික්බිති වසර දෙකක කාලය ගතවුණේ නිතර නිතර භාවනා මධ්‍යස්ථානය ට යමින් එමින් ය. ඇගේ ඊළඟ භාවනා පුහුණු සැසිය අතරතුර දින පහක් ගෙවුණු තැන උතුම් සකෘදාගාමී බව ලබා ගන්නට පුළුවනි.මෙම දෙවැනි අත්දැකීමත් පළමුවැනි අවස්ථාවට සමාන වුණද ශාරීරික වේදනාවන් ඊට වඩා තීව්‍ර විය. දෙවැනි මග පල ලැබීමේ අත්දැකීමෙන් පසු ඇගේ ශාරීරික සහ මානසික තත්ත්වය තවත් යහපත් වුණි. අසහනකාරී බව තවත් අඩු වුණ අතර, ශාරීරික ශක්තිය වැඩිවුණි.

ඇගේ මෙම වෙනස්කම බාහිරින් දැක ගත හැකි විය. ඇයත් ඒ බව කියමින් අනෙක් අයත් බවුන් වැඩීමට උනන්දු කරවී ය. එහි ප්‍රතිපලයක් ලෙස සිය පවුලේ සාමාජිකයන් ද භාවනාවට යොමු විය. ඒ අතර සිටි සිය සොයුරිය හේමා මුල් තැන ගත්තාය. ඇය දරුවන් අට දෙනෙකුගේ මවක් වූවාය. ළමා වයසේ සිටි දීපා ද තවත් එම වයස් වල සිටි දරුවන් කිහිප දෙනෙක් ද භාවනාව ට යොමුවුණි.

පාසල් නිවාඩු කාලයන් හිදී හේමා සහ දීපා ගේ නිවෙස කුඩා දරුවන්ගෙන් පිරුණ ද භාවනා‍වට උපයෝගි වන චර්යාවන්ට නතු වීමට සියල්න්ට සිදු විය. උදාහරණයක් ලෙස ආහාර ගන්නා විට සියල්ලන් සිහියෙන් නිහඬව අනෙක් අය දෙස නොබලමින් ආහාර ගැනීම සිරිත විය. එම වසර අවසන් වන විට බරුවා පවුලේ ළමයින් සය දෙනා ම සෝවාන් මග පල ලබා ගැන්මට සමත් විය.

1965 වසරේ දී ඇගේ සිල්වත් බව සහ ඉහළ සමාධීන්ට එලැඹීමට ඇති හැකියාව නිසාම අනගාරික මුනීන්ද්‍රද, දීප මා හට විවිධ අධි මානසික හැකියාවන් වන සිද්ධීන් ලබා ගැන්මට මග පෙන්වී ය. එමගින් එක්වනම නොපෙනී යාමට ඇති හැකියාව, එක වර දෙතැනක පෙනී සිටීමට ඇති හැකියාව, ගිනි නොමැතිව ආහාර පිසීමේ හැකියාව, අනුන්ගේ සිත් දැන ගැනීමේ හැකියාව, දේව තල සහ අපායයන් වෙත පිවිසීමේ හැකියාව, අතීතය අනාගතය දැකීමේ හැකියාව, පෙර විසූ කඳ පිළිබඳ දැනගැන්මේ නුවණ වැනි විවිධ හැකියාවන් ඉතා කෙටි කලෙකින්ම සාක්ෂාත් කර ගැන්මට දීප මා ට හැකි විය. ඇය පඤ්ච අභිඥා ලාභියකු බව ප්‍රකට විය. සමහර දිනවල ඇය, සිය ගුරු මුනීන්ද්‍රග ඉදිරිපිට එක්වර ම පෙනී සිටීම, බිත්තිය තුළින් පැමිණීම, වැනි දේ කරමින් සියුම් වින්දනයක් ලබා ගත් බව කියැවේ.

1966 දී අනගාරික මුනීන්ද්‍ර ඉන්දියාවට ගිය පසු රැන්ගූන් නුවර ප්‍රකට භාවනා ගුරුවරියක් බවට පත් විය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.