සුපිරි තරු දරුවන් ද ආචීස් සමඟ සිනමාවට

මැයි 23, 2022

 

බොලිවුඩ් පුරයේ තරු දරුවන් ගැන රසිකයන් ‍ගේ අවධානය යොමු වන්නේ ඔවුන් උපන් දින සිට ය. ඔවුන් උස් මහත් වී තිරයේ පායන තුරු ඔවුනට සැනසීමක් නම් නැත. අම්තාබ් බච්චන් ගේත් ජයා බච්චන් ගේත් මුනුබුරා අගස්ත්‍ය නන්දා , ශාරුක් ඛාන් ගේ දියණිය සුහානා ඛාන්, ශ්‍රී දේවිය ගේ බාල දියණිය, ජාන්වී ගේ නැඟණිය කුෂි තරු නො වුණ ද කලක සිට පුවත් මැවූවන් ය. රසිකයන් ගේ කුතුහලය සංසිඳුවාලමින් ඔවුන් “ ද ආචීස් “ සිනමා පටයෙන් තිරයේ දකින්නට වරම් ලැබී ඇත.

 

එහෙත් ඒ සඳහා 2023 වනතුරු ඉවසීමට සිදුවෙයි.

අධ්‍යක්ෂිකා සෝයා අක්තාර් ගේ සිනමා නිර්මාණයක්වූ “ ද ආචීස් “ සුප්‍රසිද්ධ අමෙරිකානු විකට පොත් පෙළක් ඇසුරින් නිර්මාණය කළ ඉන්දියානු ආරට නිපදවූ අපූරු සිනමා නිර්මාණයකි.

සුපිරි තරු දරුවන්ට අමතරව මෙහි 2019 දී තිරගතවූ සුපර් 30 හින්දි සිනමා පටයේ රැඟූ මිහිර් අහූජා, ඩොට්, යුවරාජ් මෙන්ඩා හා වේදං රෙයිනා ද රඟති.

සුහානා දොරට වඩින සිනමා පටය ගැන කලින් කලට විවිධ කතා පැතිරිණි. 2018 වසරේ වෝග් සඟරාවට ඇය කියා සිටියේ තමන් රංගනයට උමතුවී සිටින බව මාපියන් මුලින් ම දැන ගත්තේ පාසලේදී කළ රංගනයකදී බවය. සුහානා ගේ සිනමා සම්ප්‍රාප්තියේ සතුට සැමරීමට ශාරුක් ගේ බිරිය ගෞරී ආචීස් තේමාව රැගත් කේක් ගෙඩියක් සාදා සතුට බෙදාහදා ගන්න‍ට අමතක නො කළාය. සුහානා මෙහි රඟන්නේ වෙරෝනිකා ගේ චරිතයයි. ශාරුක් දශක හතරකට ආසන්න සිය රංගන අත්දැකීම්වලින් දියණියට ගුරු හරුකම් දී තිබෙයි. සුහානා ගැන ශාරුක් හා ගෞරී මහත් බලාපොරොත්තු දල්වා ගෙන සිටියි.

ශ්‍රී දේවියගේත් බොනි කපූර් ගේත් බාල දියණිය කුෂි රඟන්නේ බෙටී ගේ චරිතයයි. බොනි කපූර් ගේ විවාහයන් දෙකේ ම දරුවන් දෙදෙනකු මේ වන විට නළු නිළියන් ලෙස සිනමා ගමන අරඹා අවසන් ය. පළමු විවාහයේ පුතු අර්ජුන් කපූර් හා දෙවැනි විවාහයේ වැඩිමල් දියණිය ජාන්වී මඟ යමින් කුෂි ද රංගනයට එක්වීම ගැන බොනි කපූර් සිටින්නේ සතුටිනි. “ දරුවන් වයස අවුරුදු 19 - 20 ක් වෙන තුරුම අනාගත වෘත්තිය ගැන විවිධ කතා කිව්වා. කුෂි කැමැත්තෙන් හිටියේ මෝස්තර නිරූපිකාවක් වෙන්න. ජාන්වී 2018 දී ධදක් රූ

ගත කිරීම්වලට සහභාගී වෙද්දී කුෂිටත් රංගනයට කැමැත්තක් ඇතිවුණා. ශ්‍රී දේවි සිටියා නම් ඇය ජාන්වීට මෙන් ම කුෂිටත් උදව් වේවි. දැන් මං මවත් පියාත් වෙමින් දරුවන් ගේ ගමනට උදව් කරනවා.“ ශ්‍රී දේවිය මෙන් ම ඇය ගේ දූවරුන් දෙදෙනා ද රංගනයට මෙන්ම නර්තනයට දස්කම් පානවාදැයි දැක ගැනීමට ක්ෂේත්‍රයේ සියල්ලන් ම නො ඉවසිල්ලෙන් බලා සිටියි.

අම්තාබ් බච්චන් ගේ මුනුබුරු අගස්ත්‍ය නන්දා අම්තාබ් හා ජයා ගේ එක ම දියණිය ස්වේතා ගේ පුතුයි. මේ තිදෙනා ම විසිඑක් හැවිරිදි වියේ පසුවීම ද දෛවෝපගත කරුණකි. මුත්තණුවන් -මිත්තණියන්,

 

අම්මලා තාත්තලා මොවුන ගේ සුපිරි සාර්ථකත්වය ගැන කොතෙක් බලාපොරොත්තු දල්වා ගෙන සිටියත් ඔවුන් සුපිරි තරු වන්නේ ද නො වන්නේ ද කියා තීරණය වන්නේ රසික මනාපය මතයි.

අප්‍රේල් මාසයේදී ද ආචීස් සිනමා පටය රූගත කිරීම ඇරැඹිණි.

සිනමා පටය Netflix ඔස්සේ දී තිරගත ‍වීමට නියමිත 2023 දී වුවත් මේ වන විට එහි පූර්ව ප්‍රචාරක පටවලට යහපත් ප්‍රතිචාර නම් ලැබෙන්නේ නැත. ඉන්දියානුවන් කළු සුද්දන් කළ සිනමා පටයක් බවට එල්ල වන

ගල් මුල්වල ඇත්ත දැන ගැනීමට එය තිරගත වන තුරුම

 

බලා සිටීමට සිදුවෙයි. සුපිරි තරුවල දරුවන් රංගනය උරුමකර ගන්නවාට කංගනා රනවුත් වැනි තාරකාවන් ඇරැඹූ වාදය උණුසුම් කිරීමට ද සුහානා - කුෂී - අගස්ත්‍ය ගේ දොරට වැඩීම හේතුවී තිබෙයි.

අධ්‍යක්ෂිකා සෝයා සිනමා පටය ගැන පවසන්නේ වෙනස් ම කතාවකි. ඇය පවසන්නේ මේ ප්‍රහසන කතා පෙළ තම ළමා හා ගැටවර වියේ කොටසක් බව ය. කතාවේ එන චරිත ලෝකයට ම පොදු චරිත බව සෝයා පවසන්නීය.

 

අන්තර්ජාලයෙනි