තරග රැසකින් රුවැත්තියන් කිරුළු දැරූ මොහොතක්

ජුනි 27, 2022

සොඳුරු රුවැත්තියන් වාගේම කඩවසම් යෞවනයන් ලෙසින් කිරුළු දරන්නට ඇති අවස්ථාවන් බොහෝමයි. එවැනි අවස්ථාවක් පසුගියදා මෙලෙස අපේ නෙත් ගැටුණා.

ඒ මලිත් රණසිංහ ජාතික අධ්‍යක්ෂ ලෙස සංවිධානය කළ “ මිස් ශ්‍රී ලංකා ටුවරිසම් වර්ල්ඩ් - 2022 / මිස්ටර් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා - 2022 සහ මිසිස් ශ්‍රී ලංකා යුනිවර්ස් 2023” තරගාවලියයි. එම තරගාවලියේදී රුවැත්තියන් වාගේම කඩවසම් යෞවනයන් රැසක් මෙරටට බිහි කර තිබිණි. එහිදී ලෝක සංචාරක රූ රැජිණ (ශ්‍රී ලංකා) ලෙසින් තිළිණි කුමාරි සහ ලෝක විවාහක රූ රැජිණ (ශ්‍රී ලංකා) ලෙස හංසි පෙරේරා කිරුළු පැලඳි අතර ශ්‍රී ලංකාවේ කඩවසම් පිරිමියා බවට පත් වූයේ ජනිත ජීවන්තයි.