වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
මාව චිත්‍ර ශිල්පිනියක් කළේ අප්පච්චිගේ කළු ලෑල්ල
ඩූඩ්ල් ආර්ට් කරන පුංචි කෙල්ල. කවුරුත් ඇය ගැන කිව්වේ එහෙමයි.
මුහුණු පොතට ගියොත් ඇය සිත්තම් කළ චිත්‍රයක් ඇස නොගැටුණු අයෙක් නැති තරම්. ඇගේ මේ විස්මිත හැකියාවේ රහස ඇගෙන්ම අහලා දැනගන්න නම් ඇයව සොයාගන්නම වෙනවා. ඒ නිසාම අපි හිතුවා ඇයව සොයාගෙන යන්න. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ කුරුණෑගල ඇහැටුවැවට. මේ ඇගේ ගම් පියසයි.
At Art කිව්ව ගමන් ඔබට මතක් වෙයි අද කවුරු ගැනද කියන්න යන්නේ කියලා. ඔව් මේ ඇය. සචිනි වන්නිනායක. At Art පේජ් එකේ චිත්‍ර අඳින සිත්තරාවිය. නොදැකපු... ජීවතුන් අතර නැති කෙනකු පවා සිත්තමට නැඟීමට තරම් ඇයට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.. මේ හැකියාව ගැන ඇය හඬ අවදි කළේ මේ විදිහට.
මම කරන්නේ ඩිජිටල් ඩූඩ්ල් ආර්ට් ඩ්‍රෝවින්. මුලින්ම පෙන්සිල් ආර්ට්වලින් තමයි පටන් ගත්තේ. මම කාඩ්ස් හදන්න ආසයි. මම කාඩ් හදන්නෙත් වෙනම විදිහකට. කස්ටර්මගේ ෆොටෝ එකක් අරගෙන එයාව කියුට් විදිහට.. ඒ කියන්නේ හුරුබුහුටි පෙනුමක් ලැබෙන විදිහට පින්තූරයක් නිර්මාණය කරලා ඒ කාඩ් එකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ මට හිතුණා තවදුරටත් ඒක වැඩි දියුණු කරලා ඩිජිටල් ඩ්‍රෝවින් එකකට යන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මම ඩිජිටල් ඩ්‍රෝවින් ෆ්ලැට්ෆෝම් එකට ආවේ.
කොහොමද චිත්‍ර අඳින්න හැකියාව ලැබුණේ ?
මම පොඩි කාලේ ඉඳලම චිත්‍ර ඇන්දා. මගේ අප්පච්චි, මට පොඩි කාලේදි එක එක චිත්‍ර අඳින්න කියලා දෙනවා. එයා එයාගේ අත් දෙකෙන්ම මට කළු ලෑල්ලක් හදලා දීලා තිබුණා. අප්පච්චි ගෙනල්ලා දෙන චෝක්වලින් මම එක එක චිත්‍ර ඇඳලා මගේ මල්ලිටත් ඉගැන්නුවා මට මතකයි. එහෙම තමයි චිත්‍ර අඳින්න ගත්තේ. කළු ලෑල්ලෙන් අඳින්න පටන් අරගෙන ඊට පස්සේ ගේ පුරාම එක එක චිත්‍ර ඇන්දා.
ඕඩස්වලට චිත්‍ර අඳින්න අරන් දැන් කොපමණ කාලයක් වෙනව ද?
කැම්පස් එකෙන් අවුට් වෙන කිට්ටුව තමයි මම ඕඩස්වලට චිත්‍ර අඳින්න ගත්තේ. 2020 අවුරුද්දේ තමයි මම කැම්පස් එකෙන් අවුට් වුණේ. ඒ කියන්නේ කොරෝනා කාලෙදි. ඒ කාලදි අම්මලට කරදර කරන්නත් බැහැ. මට ආදායම් මාර්ගයක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ තමයි පෙන්සිල් ආර්ට් අඳින්න ගත්තේ. කොවිඩ් නිසා අපි ගෙවල් ඇතුළෙමනේ හිටියේ. ගේ ඇතුළේ ඉඳන් කරන්න පුළුවන් හොඳම දේ වුණේ මේක. චිත්‍ර ඇන්දට පස්සේ කුරියර් එකට කෝල් කළාම එයාලම ඇවිත් අරන් යනවා. At art පේජ් එක පටන් ගත්තෙත් ඒ විදිහට. පේජ් එක නිසා මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා.
පෙන්සිල් ආර්ට්වලට වඩා ඩිජිටල් ආට්වල වාසිය මොකක් ද?
පෙන්සිල් ආර්ට්වලට වඩා ඩිජිටල් ඩ්‍රෝවින් එකේ වාසිය තමයි ගොඩක් අය ඉල්ලන්නේ සොෆ්ට් කොපි එකනේ. ඒක ඊමේල් කරන්න විතරයි තියෙන්නේ. අරවගේ වියදම් කරලා කුරියර් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසයි මම දිගටම ඩිජිටල් ඩ්‍රෝවින්ම කරන්න හිතුවේ.
දැන් එතකොට ඔයාගේ වෘත්තිය වෙන්නේ මේක ද?
ඔව්. දැනට මගේ එකම ආදායම් මාර්ගය මේක. කැම්පස් එකෙන් අවුට් වෙද්දි ෙකාවිඩ් කාලෙ නිසා ගෙදරින් කැමති වුණේ නැහැ ජොබ් එකකට යවන්න. ඉතින් ජොබ් එකකට යන්න පහසු වටපිටාවක් තිබුණේ නැහැ. ඒත් මම ඩිජිටල් ඩ්‍රෝවින් පටන් අරගෙන යම්කිසි හොඳ මට්ටමකට ආපු නිසා දිගටම මේ ක්ෂේත්‍රයේම ඉන්න හිතුවා. දැන් සෑහෙන ඕඩස් ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවෙන විදිහට මම ඒ දේවල් කළමනාකරණය කර ගන්නවා.
ඔබ ජාත්‍යන්තරයත් දිනාගෙන අවසන්...
මට ගොඩාක් විදේශිකයන්ගෙන් ඕඩස් එනවා. ඒ සම්බන්ධතාව ඇති වුණේ කොහොමද කියලා මට හිතා ගන්න බැහැ. මං කරපු ඩූඩ්ල් ආට් එකක් දැකලා වුණ දෙයක් කියලයි මං හිතන්නේ. මට මතකයි මං ෆේස්බුක් දාපු එක පේන්ටින් එකකට ගොඩාක් ඕඩස් ආවා.
ජීවතුන් අතර නැති අයව පවා ඉමැජින් කරලා අඳින්නත් ඔබට තියෙන්නේ හරි අපූරු හැකියාවක්...
එක රට ඉන්න ගැහැනු ළමයෙක් එයාගේ තාත්තගේ උපන් දිනයට සීයත් එක්ක ඉන්න විදිහට පේන්ටින් එකක් කරලා දෙන්න කිව්වා. ඒ ගැහැනු ළමයා සීයාව දැකලා තිබුණෙ නැහැ. එයා එවපු ෆොටෝස්වලින් ඒ විදිහට මම සීයාව නිර්මාණය කළා. එයාගේ තාත්තත් එක්ක ඉන්න විදිහට නිර්මාණය කරලා දෙන්න කියලා.
තව අක්කා කෙනෙක් ඉල්ලීමක් කළා එයාගේ තාත්තා නැති වෙලා.. ඒ වගේම එයාගේ සහෝදර සහෝදරියෝ ඉන්නෙ එක එක රටවල. ඉතින් ඒ ඔක්කොමලව දාලා වෙඩින් ගෲප් ෆොටෝ එකක් ඕනේ කියලා. ඒකත් ගොඩක් වයිරල් වුණා.
ඊට පස්සේ මම ටික් ටොක් හදාගත්තා. ඒ හරහා මට පිටරටවලින් ගොඩක් ඕඩර්ස් ආවා.
මේ ව්‍යාපාරය කරගෙන යද්දි ගැටලු හමුවන තැනුත් ඇති නේද?
මම ඉන්නේ කුරුණෑගලත් ගල්ගමුවෙත් අතර මැද තියෙන ඇහැටුවැට කියන ගමේ. ඉතින් ඕඩර් එකක් ආවාම චිත්‍ර ඇඳලා ෆ්‍රේම් කරලා.. ඩිලිවර් කරන එක දක්වා සියලු දේ මම කරන්න ඕනේ. මේ ගමේ ඒක ස්ටුඩියෝ එකකට දීලා කරගන්න ලොකු කොස්ට් එකක් යනවා. ඉතින් මම කුරුණෑගල ටවුන් එකට ගිහින් තමයි ප්‍රින්ට් අවුට් ගන්නේ.. ෆ්‍රේම් කරගන්නේ ඒ හැමදේම කරගන්නේ. මට බස් එකේ කුරුණෑගලට යන්න පැය එකහමාරක් වගේ යනවා. ෆ්‍රේම් කරලා දෙන තැන කට්ටිය මට උදවු කරනවා ගොඩක් වෙලාවට..
මගේ ගමේ හැමදාම උදේටයි හවසටයි බස් එකක් යනවා. එයාලා ෆ්‍රේම් කරාට පස්සේ ඒ බස් එකට දෙනවා. මම බස් එක එනකම් ඉඳලා බස් එකෙන් ඒවා ගන්නවා.
දැන් අධ්‍යාපන කටයුතු අවසන් ද?
ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා පාසලෙන්, ඉන්පසු ගල්ගමුව ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබපු ඊට පස්සේ සෞන්දර්ය කලා
විශ්ව විද්‍යාලයට තේරුණා. දැන් උපාධිය අවසන් කරලා ඉන්නේ. මම චිත්‍ර අංශයෙන් ගුරුවරියක් වෙනවට මගෙ අම්මා හරි කැමැතියි. ඉතින් පසුගිය දවස්වල ඒ ගුරු විභාගවලට පෙනී හිටියා. සම්මුඛ පරීක්ෂණයටත් සහභාගි වෙන්න තියෙනවා.
පවුලේ විස්තර
අප්පච්චි සමන්සිරි දිසානායක. එයා පොලිස් සේවයේ වැඩ කළේ. මම සාමාන්‍ය පෙළ විභාගය කරන කාලේදී මගෙ අප්පච්චි හෘදයාබාධයක් හැදිලා නැති වුණා. අම්මා තමයි අපිව බලාගත්තේ. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම පවුලේ වැඩිමලා. අම්මා කමනි නිරංජනා. මගේ අම්මා හැම වෙලාවෙම කියන දෙයක් තමයි අපි පස්දෙනා එකට ඉන්න චිත්‍රයක් ඇඳලා දෙන්න කියලා. මොකද තාත්තා එක්ක අපේ මේ කාලේ ගහපු ෆොටෝ නෑනේ. එයා නැතිවෙලා කාලයක් වෙනවනේ. ඉතින් මට මේ වැඩත් එක්ක තාම ඒක කරගන්න බැරි වුණා. නමුත් මම ඒක පුළුවන් ඉක්මනට කරනවා.