දූදරු පෝෂණයට රසැති කෑම

ජනවාරි 20, 2021

දරුවන් තරම් වටිනා වස්තුවක් මාපියනට නැත. ඔවුන් හැමවිටම වෙහෙසෙන්නේ තම දූ දරුවන් සතුටින් තියන්නයි. ඔවුන්ගේ පෝෂණය, සුව සම්පත මාපියන්ගේ ජීවිතයේ අංක එක.

ඒනිසාම දරුවන්ට පෝෂණයෙන් පිරුණූ ගුණදායී කෑම බීම සකසා දෙන්නත් අම්මා දරන්නේ අපමණ වෙහෙසක්. නිසි ලෙස පෝෂණය නොලැබෙන විට දරුවාගේ බුද්ධි වර්ධනයට වගේම කායික හා මානසික වර්ධනයටත් එය විශේෂ බලපෑමක් කරනවා. හොඳින් අධ්‍යාපනය ලබන්න, නීරෝගීව වැඩෙන්න, ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න, ප්‍රතිශක්තිය වර්ධනය වෙන්න නම් පෝෂණීය කෑම දරුවන්ට ලබාදිය යුතුමයි.

මේ වසරේ මුල සිට ඔබේ දරුවා වැඩෙන ආකාරය බලා අවශ්‍ය පෝෂණය ලබා දෙන්නට සිතට ගන්න. එය ඔවුනගේ අනාගතය සඳහා ඔබ කරන හොඳම ආයෝජනයකි. එසේ සිතා වෙහෙසෙන මවුවරු වෙනුවෙන් විශේෂ තිළිණයකි මේ. දූදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබාදිය හැකි පහසුවෙන් සකසාගන්න පුළුවන් කෑම වර්ග කිහිපයක් මෙහි අන්තර්ගතයි. මේ කෑම උදෑසන ආහාරයට තෝරාගන්න පුළුවන්. ඒ වගේම අමතර ආහාර ලෙසත් සකසා දිය හැකියි. ඔබේ දරුවාගේ රුචි අරුචිකම් අනුව කෑමට ආශා හිතෙන ආකාරයට මේ රස පිරුණු කෑම ඔවුන් වෙනුවෙන් සැකසිය හැකියි.

මේ රසවත් කෑම වර්ග ඔබට ලබාදෙන්නේ 'රස ගුණ සමඟ සෙනෙහසින් අපි' සමූහයේ සාමාජිකාවන් පිරිසකි.

මේ රස කෑම එකතුකර ඔබත් සමඟ බෙදාගන්න එම සමූහයේ නිර්මාතෘ ජනනී ගුරුසිංහ දරණ වෙහෙසට අපගේ ප්‍රණාමය.

ස්තූතිය - සූපවේදිනී ජනනී ගුරුසිංහ

 

------------------------

පරිප්පු රොටී DHAL ROTI

අවශ්‍ය ද්‍රව්‍ය

පරිප්පු කෝප්ප ½ ක්

රුලං කෝප්ප 1 ක්

ගා ගත් පොල් හෝ ඩෙසිකේට්

පොල් මේස හැඳි 2 ක්

පොඩි රට ලූනු ගෙඩි 1 හෝ රතු ලූනු

කරපිංචා ටිකක්

ලීක්ස්, ලූනු කොළ, හෝ නිවිති (ඕනෑම

කොළ වර්ගයක්)

කුඩා කැරට් අලයක්

ගම්මිරිස් කුඩු තේ හැඳි ¼ ක්

මිරිස් කුඩු තේ හැඳි ¼ ක්

තුන පහ කුඩු තේ හැඳි ¼ ක්

ලුණු (රස අනුව)

(මෙයට කැමැති එළවළු වර්ගයක් එකතු කර ගත හැකියි. ආටා පිටි, පාන් පිටි, කුරක්කන් පිටි වැනි ඕනෑම පිටි වර්ගයකින් ද සාදා ගත හැකියි.)

 

සාදන ආකාරය

පරිප්පු හොඳින් සෝදා පැය භාගයක් පෙඟෙන්න තියන්න. එළවළු, ලූනු, කරපිංචා සිහින්ව කපා ගන්න. පැය භාගයක් පෙඟුණු පරිප්පු ටික හොඳින් අඹරා ගන්න. (බ්ලෙන්ඩ් කර ගත හැකියි.) අඹරා ගත් පරිප්පු එකට ඉහත සඳහන් සියලු දෑ එක් කර රොටී මිශ්‍රණය හොඳින් අනා ගන්න.

(පරිප්පුවල තෙත ගතිය ඇති නිසාත් රුලං පිටි එක් කරන නිසාත් වතුර එක් කිරීමට අවශ්‍ය නොවේ.) තෙල් ගා ගත් මතුපිටක් මත තුනී කර අවශ්‍ය හැඩයට කපා ගෙන හෝ රොටී ලෙස සාදා ගෙන අඩු ගින්දරේ හොඳින් පුලුස්සා ගන්න. පොඩිත්තන් කැමැති විදිහට පිළිගන්වන්න.

 

 

උපදෙස් හා ඡායාරූප

පාවී පෙරේරා

ඉතාලිය බ්‍රේෂියා

 

 

------------------------

 

බිස්කට් BISCUITS

අවශ්‍ය දේවල්

 

පාන් පිටි ග්‍රෑම් 250 ක්

සීනී ග්‍රෑම් 100 ක්

බේකිං පවුඩර් තේ හැඳී 1ක්

ලුණු පිංචක්

බිත්තර 1 ක්

බිත්තර කහ මද 1 ක් (සුදු මද නැතිව)

උණුකරගත් බටර් ග්‍රෑම් 50 ක්

ලෙමන් ගෙඩියක් වටේ කහ පාට පොත්‍ත (ග්‍රේට් කරගන්න)

 

සාදන ආකාරය

ඉහත සියල්ල ගෑරුප්පුවකින් මිශ්‍ර කරගන්න. ඊට පසු අතින් හොඳීන් අනාගන්න. අවශ්‍ය නම් වතුර තේ හැඳී 1 ක්- 2 ක් පාවිච්චි කරන්න. සියල්ල එකතුකර පිටි මෝලිය හදා ගන්න. සාමාන්‍ය ගානට තූනී කර ගන්න. (හීනීයටත් නෙමේ මහතටත් නෙමේ) බිස්කට් කටර් එකකින් කපාගන්න. බේකිං ට්‍රේ එකක් ගෙන ඒ මත බේකිං පේපර් එකක් තබා බිස්කට් අතුරන්න. සෙල්සියස් අංශක 180 ට කලින් රත්කරගත් අවන් එකේ මිනිත්තු 14 තියන්න. පාට වෙනස් වෙනකම් තියන්න එපා. අයිසිං සීනී ටිකක් උඩින් ඉස දරුවන්ට දෙන්න.

 

උපදෙස් හා ඡායාරූප

ප්‍රබුද්දි නාකන්දල

ඉතාලිය බ්‍රේෂියා

 

------------------------

බනානා බ්‍රෙඩ් ලෝෆ්

banana bread loaf

අධික කැලරී ප්‍රමාණයෙන් යුත් කේක් වර්ගයකි. (කැලරි 350) නියමිත බර ගන්න ඕනෙ ළදරුවන්ටත් ගොඩක්ම හොඳයි. දරුවන්ටත් නිසා ඹඩධතඥ ඹඩඥචබ පිටි සහ දුඹුරු සීනි එකතු කර සාදා ඇත.

 

අවශ්‍ය දේවල්

හොඳින් පැසුණු කෙසෙල් ගෙඩි 3 ක්

බටර් කෝප්ප½ ක් (කාමර උෂ්ණත්‍වයයේ තබාගත්)

සීනි කෝප්ප ¾ ක්

බිත්තර 2 ක්

පිටි කෝප්ප 1½ ක්

බේකිං සෝඩා තේ හැඳි 1 ක්

වැනිලා තේ හැඳි ½ ක්

ලුණු තේ හැඳි ½ ක් (ලුණු රහිත බටර් ගන්නවා නම් පමණක්)

 

සාදන ආකාරය

බටර් සහ සීනි බීට් කරගන්න. එම ම්ශ්‍රණය ක්‍රීම් ගතියට ආ පසු බිත්තර එක බැගින් එකතුකරමින් බීට් කරගන්න. වැනිලා එකතු කරන්න. හොඳින් පොඩි කරගත් කෙසෙල් ගෙඩි තුන එකතු කරන්න. හැන්දකින් මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර වූ පසු පිටි සහ බේකිං සෝඩා දමා හලා ගත් පිටි ද එක්කර පෙරළා ගන්න.

කේක් ට්‍රේ එකට බටර් ටිකක් ගා අවශ්‍ය නම් බේකිං පේපර් දමා ඒ මත කේක් මිශ්‍රණය අතුරගන්න. විනාඩි 10ක් කලින් රත්කරගත් අවන් එකට දමා විනාඩි 55-60 ත් අතර කාලයක් ෆැරන්හයිට් නම් අංශක 350 හෝ සෙල්සියස් නම් අංශක 180 ට සකසා පුලුස්සා ගන්න. කැමැති නම් බැදගත් වොල් නට්ස් කෝපප 1 ක් සහ රේසින්ස් කෝප්ප ½ ක් පිටි මිශ්‍ර කළ පසු එකතු කරගත හැකියි. මිශ්‍රණය කේක් තැටියේ ඇතිරුවාට පසු උඩින් චොකලට් චිප්ස් දාගන්නත් පුළුවන්.

 

 

 

 

උපදෙස් හා ඡායාරූප

නිලූකා වික්‍රමසිංහ

ටොරෙන්ටෝ, ඔන්ටාරිඕ - කැනඩාව

2021/01/20 තරුණි පුවත්පත බලන්න