හෝම් මේඩ් චිකන් සවර්මා

ජනවාරි 27, 2021

අවශ්‍ය ද්‍රව්‍ය

ෆිලිං එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 250ක්

තලාගත් සුදුලූනු ග්‍රෑම් 5ක්

පෙති කපාගත් බීලූනු ගෙඩි ½ ක්

පෙති කපාගත් අමුමිරිස්

සලාද කොළ කෑලි 4ක්

පිපිඤ්ඤා පෙති ග්‍රෑම් 25ක්

තක්කාලි ගෙඩියක් (පෙති කපා)

තේ හැදි එකක දෙහි යුෂ

ලුණු පිංචක්

ගම්මිරිස් පිංචක්

එළවළු තෙල් තේ හැන්දක්

මෙයෝනිස් සෝස් තේ හැඳි 3 ක්

සාදාගන්නා අන්දම

පළමුව කුකුළුමස් කැබැලි සිහින්ව කපාගන්න. එයට ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ දමා හොඳින් කලවම් කොට පදම් කරගන්න. ඉන්පසු ග්‍රිල් තැටියකට හෝ පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා රන්වන් පැහැවනතුරු ග්‍රිල් කරගන්න. මෙයෝනිස් සෝස් සමඟ හොඳින් තලාගත් සුදුලූනු එකතු කරන්න. දැන් එය ගාලික් මෙයෝනිස් සෝස් මෙනි. අවසානයේ රොටිය මතට කුකුළු මස්, අමුමිරිස්, ලියාගත් සලාද කොළ, තක්කාලි, ලූනු, ගාලික් මෙයෝනේස්, පිපිඤ්ඤා පෙති දමා හොඳින් රැප් එකක් ආකාරයට ඔතාගන්න. දැන් ඔබට හෝම් මේඩ් චිකන් සවර්මා රසවිඳීමට පුළුවන.

රොටිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පිටි ග්‍රෑම් 250 යි

බටර් ග්‍රෑම් 25

ලුණු ස්වල්පයක්

වතුර මිලිලීටර් 25ක්

රොටිය සාදා ගන්නා ආකාරය

ප්‍රථමයෙන් පාන්පිටි භාජනයට ගෙන බටර් සහ ලුණු සමඟ ක්‍රමයෙන් වතුර ස්වල්පයක් එකතු කරගනිමින් රොටිය හොඳින් අතින් අනාගන්න. ඉන්පසු බෝලයක් ආකාරයට දෙකට කඩා හොඳින් රවුම් කරගත් පසු විනාඩි 15ක් පමණ පසෙකින් තබා ඉන්පසුව තුනී රොටියක් ආකාරයට අතින් පැතිලි කරගන්න. (අඟල් 7ක් පමණ පළලට) ඉන්පසු මදක් රත්වුණු තැටියකට දෙපැත්ත දමා තුනී රොටිය මෙළෙක් ආකාරයට සාදා ගන්න.