රසම රස රෙඩ් වෙල්වට් කේක් හදමු

අප්‍රේල් 28, 2021

 

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

කල්‍යාණි මුණසිංහ

 

 

Dainty Cake

 

අලුත් අවුරුද්දේ නෑගම් යන්නට, තේ සංග්‍රහයට රෙඩ් වෙල්වට් කේක් එකක් ගෙදරදීම හදමු. රස ඉතිරෙන සතුට විඳි ගනිමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 250 ක්

බටර් මිල්ක් කෝප්ප 1 ක් (ෆ්‍රෙෂ් මිල්ක් මිලි ලීටර් 250 කට දෙහි යුෂ මේස හැඳි 1½ ක් දමා හොඳින් මිශ්‍රකර පැය භාගයක් පමණ තබා ගන්න.)

කොකෝවා පවුඩර්

ග්‍රෑම් 10 ක් පමණ

බේකිං පවුඩර් තේ හැඳි ½ ක්

ආප්ප සෝඩා තේ හැඳි 1 ක්

පිටි ග්‍රෑම් 300 ක්

බටර් ග්‍රෑම් 100 ක්

බිත්තර 2 ක්

සුදු විනාකිරි මේස හැඳි ½ ක්

රතු කලරිං තේ හැඳි 2 ක්

ලුණු ස්වල්පයක්

වැනිලා තේ හැඳි එකක්

 

සාදන ආකාරය

පළමුව පිටි, බේකිං පවුඩර්, කොකෝවා පවුඩර් සහ ආප්ප සෝඩා එකට මිශ්‍රකර තෙවරක් හලාගන්න. පසුව බටර්, සීනි සහ ලුණු බඳුනකට දමා ක්‍රීම් වනතුරු බීට් කරන්න. පසුව බිත්තර එක බැගින් එයට මිශ්‍රකරමින් බීට් කරගන්න. දැන් මෙයට බටර් මිල්ක් මිශ්‍රණයෙන් භාගයක් දමා මිශ්‍රකරගන්න. ඉන් පසු ඉතිරි බටර් මිල්ක් වලට රතු කලරිං දමා එයද ඉහත මිශ්‍රණයට එකතු කරමින් බීට් කරන්න.

දැන් පිටි මිශ්‍රණය මෙයට දමා කලවම් කරන්න. වැනිලා ද එකතු කරන්න. පසුව සුදු විනාකිරි එකතු කරගන්න. දැන් මෙය බටර් තවරාගත් තැටියකට දමා මිනිත්තු 10 ක් පමණ රත්කරගත් අවන් එකක දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 35 ක් පමණ බේක් කරගන්න. කේක් එක හොඳින් බේක් වූ පසු පිටතට ගෙන ශීතකරණයට දමන්න.

 

දැන් ක්‍රීම් චීස් ෆෙස්ටිං

අයිසිං සාදමු.

ඒ සඳහා

ක්‍රීම් චීස් ග්‍රෑම් 150 ක්

බටර් ග්‍රෑම් 100 ක්

අයිසිං සීනි ග්‍රෑම් 600 ක් පමණ

වැනිලා තේ හැඳි 2 ක්

ෆ්‍රෙෂ් මිල්ක් අවශ්‍ය පමණ

සාදන ආකාරය

මුලින්ම ක්‍රීම් චීස් සහ බටර් බීට් කරගන්න. වැනිලා ද එයට එකතු කරන්න. ඉන්පසු අයිසිං සීනි ටික ටික එකතුකරමින් බීට් කරගන්න. මෙම මිශ්‍රණය ඝනකම් ස්වභාවයක් ගෙන ඇත්නම් එයට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න. මෙසේ සාදාගත් අයිසිං එක ගෙන කේක් එක සැන්ඩ්විච් කරගත යුතුයි.

එහිදී පළමුව ඔබට කැමැති ආකාරයකින් කේක් එක ලේයර් කරගන්න. පසුව ඒ මත ක්‍රීම් චීස් අයිසිං තවරන්න. ඉන්පසු කේක් එක උඩ ද එම අයිසිංවලින්ම කවර් කරගෙන කැමැති පරිදි මෝස්තරයක් දමා ගන්න. ඒ මත චෙරි තබා අලංකාර කරගත හැකියි.