පොසොන් සමයට නිර්මාංස ආහාර

ජුනි 2, 2021

 

 

සැම සිත් පහන් වන බැතිබර පොසොන් සමය උදා වෙලා. සිරිලකට බුදු දහම ලැබුණු අසිරිමත් පොසොන් මංගල්‍යය හැමෝම සූදානම් වන්නේ මාස ගණනාවක සිටයි. නමුත් පසුගිය වසරේ වගේම මේ වසරේත් නිවෙසේ සිටම පොසොන් සමරන්න සිදුව ඇත්තේ අප රට ද කොරෝනා වසංගතයට ද මුහුණ පාමින් සිටින නිසයි.

දැඩි සෞඛ්‍ය නීති රිතීවලට අනුගත වෙමින් නිවෙසටම සිටින ඔබට මේ පොසොන් සමයේ පවුලේ පෝෂණය සඳහා

නිර්මාංස ආහාර සැකසිය හැකියි.

ඒ නිසාම මේ පොසොන් සතියේ නිර්මාංස ආහාර වේලක් ඔබට පිරිනමන්න අප අදහස් කළා. ඔබත් සකසා රස බලන්න.

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

 

 

පරිප්පු සමඟ බ්‍රොකලි

 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

පරිප්පු කෝප්ප 1/2 ක්

පොඩියට කපාගත් බ්‍රොකලි ග්‍රෑම් 250ක්

අබ ස්වල්පයක්

සූදුරු තේ හැඳි 1ක්

කඩාගත් වියළි මිරිස් කරල් 2ක්

කරපිංචා ඉත්තක්

කපාගත් අමුමිරිස් කරල් 2ක්

තලාගත් සුදුලූනූ බික් 2ක්

තලාගත් ලොකු ලූනූ ගෙඩි 2ක්

ලුණු රස අනූව

කහ කුඩු තේ හැඳි 1/2ක්

 

සාදන ක්‍රමය

පරිප්පු වලට වතුර දමා තම්බාගන්න. ඉන්පසු වතුර පෙරාගන්න. වෙනම පෑන් එකකට තෙල් ටිකක් දමා රත්වෙන විට අබ, සූදුරු, සුදුලූනූ, අමුමිරිස්, කරපිංචා, වියළි මිරිස් දමා තෙම්පරාදු කරන්න. 

ටිකකින් ලූනූ ටිකත් දාගන්න. ලූනූ ටික තෙම්පරාදු වූ පසු බ්‍රොකලි ටික දාගන්න. කහ කුඩු හා ලුණු දාගන්න.  

ඊටපස්සෙ පරිප්පු ටික දාලා කලවම් කරලා අන්තිමට චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාලා ළිපෙන් බාගන්න

******************

පතෝල පරිප්පු කරිය

 

අවශ්‍ය ද්‍රව්‍ය

පිරිසුදු කර කපාගත් පතෝල කෝප්ප 1ක්

පරිප්පු කෝප්ප 1/2ක්

දියකිරි කෝප්ප 1ක්

මිටිකිරි කෝප්ප 1ක්

අමුතුනපහ කුඩු තේ හැඳි 1ක්

කහ කුඩු තේ හැඳි1/2ක්

කරපිංචා ස්වල්පයක්

තලාගත් රතුලූනූ ගෙඩි 2ක්

 

 සාදන ක්‍රමය

පතෝල හීනියට කපාගන්න. පරිප්පු එක්ක දියකිරි දාලා ළිපේ තියන්න. 

ඔයාට අමු තුනපහ කුඩු, කහ කුඩු, කරපිංචා, රතුලූනූ දාගන්න. 

හොඳට තැම්බුනාම මිටිකිරි දාලා රස අනුව ලුණු එක්කර උතුරවාගන්න. 

 

 

*********************

පරිප්පු සමඟ මුරුංගා කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

ළපටි මුරුංගා කරල් කිහිපයක්

පරිප්පු මිටක් පමණ

කහ කුඩු තේ හැඳි 1/2ක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්

තුනපහ කුඩු තේ හැඳි 1/2ක්

අබ ස්වල්පයක්

කපාගත් සුදුලූනූ බික් 3ක්

අමුමිරිස් කරල් 2ක්

රම්පේ හා කරපිංචා

කපාගත් තක්කාලි ගෙඩි 1ක්

තෙල් ස්වල්පයක්

වියළි මිරිස් කරල් 2ක්

දියකිරි කෝප්ප 1 1/2ක්

මිටිකිරි කෝප්ප 1ක්

 සාදන ක්‍රමය

මුරුංගා සෝදලා පොතු හැර, කෑලි කපා පරිප්පු එක්ක දියකිරෙන් තැම්බෙන්න තියන්න. 

මේකට කහ කුඩු, මිරිස් කුඩු, කපාගත් ලූනූවලින් ටිකක්, සුදුලූනූවලින් ටිකක්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු හා රම්පේ කරපිංචා දාගන්න. හොඳට තැම්බෙන්න අරින්න. 

වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. මේකට චොප්කරගත් ලූනූ හා සුදුලූනූ ටිකක් හා කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. 

දැන් තම්බාගත් මුරුංගා හා පරිප්පු ටික දාලා මිටිකිරි ටික දාගන්න. රස අනුව ලුණු දාලා උතුරවගන්න.

*********************

අල ස්ටූ

 

අවශ්‍ය ද්‍රව්‍ය

කපාගත් අර්තාපල් ගෙඩි 5ක්

ලියාගත් ලූනූ ගෙඩි 2ක්

කපාගත් මාළුමිරිස් කරල් 3ක්

දිගු අතට කපාගත් අමුමිරිස් කරල් 3ක්

රම්පේ හා කරපිංචා

කපාගත් සුදුලූනූ බික් 4ක්

කහකුඩු තේ හැඳි 1/4ක්

අබ ස්වල්පයක් 

තෙල් ස්වල්පයක් 

ලුණු හා ගම්මිරිස්කුඩු 

විනාකිරි කෝප්ප 1/2ක්

කුරුඳු කැබැල්ලක්

එනසාල් ඇට 2ක්

 

සාදන ක්‍රමය

අර්තාපල් ටික තම්බලා කෑලි කපාගන්න. තෙල් ටිකක් පෑන් එකට දාලා රත්වෙනකොට අබ ටික දාලා පුපුරවගන්න. 

මේකට රම්පේ, කරපිංචා, සුදුලුනු හා එනසාල් ටිකත් දාලා බැදගන්න. ‍ෙමයටම ගම්මිරිස්කුඩු හා ලුණු දාලා කලවම් කර, කුරුඳු එක්ක විනාකිරි හා කහකුඩු එකතු කරලා කලවම් කරමින් විනාඩියක් වගේ පිසගන්න. 

ඒකට අමුමිරිස්, මාළු මිරිස් එක්ක ලූනූ ටික දාගෙන අන්තිමට අල ටික දාලා කලවම් කරලා තව විනාඩියක් දෙකක් පියනකින් වසා පිසගන්න. 

 

************************

රාබු පරිප්පු කරිය

 

අවශ්‍ය ද්‍රව්‍ය 

කපාගත් රාබු අල 2ක්

පරිප්පු කෝප්ප 1/2ක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

තුනපහ කුඩු තේ හැඳි 1/2ක්

කපාගත් අමුමිරිස් කරල් 2ක්

කරපිංචා ස්වල්පයක්

ලුණු රස අනූව

දියකිරි කෝප්ප 1ක්

මිටිකිරි කෝප්ප 1ක්

 

 සාදන ක්‍රමය

රාබු හා පරිප්පු වලට දියකිරි දාලා ළිපේ තියන්න. මේකට කහ කුඩු, තුනපහ කුඩු, සුදුලූනූ, අමුමිරිස්, කරපිංචා හා මිරිස් කුඩු දාගන්න. 

හොඳට තැම්බුනාම මිටිකිරි දාලා රස අනුව ලුණු දාලා හින්ඳගන්න.

**************************

අල ඇඹුල

 

අවශ්‍ය ද්‍රව්‍ය 

තම්බාගත් අල

ගෙඩි 3ක්

ලියාගත් ලොකු ලූනූ

ගෙඩි 1ක්

මිරිස්කුඩු තේ හැඳි 2ක්

කහකුඩු තේ හැඳි 1/4ක්

අමු තුනපහකුඩු තේ හැඳි 1ක්

රම්පේ හා කරපිංචා 

අබ ඇට ස්වල්පයක් 

සූදුරු ඇට ස්වල්පයක් 

කුරුඳු කෑල්ලක්

ලුණු රස අනූව

ගොරකා අඬු 2ක්

මිටිකිරි කෝප්ප 1/2ක්

දියකිරි කෝප්ප 1/2ක්

 

සාදන ක්‍රමය

අල ටික තම්බා කෑලි කපාගන්න. අල ටිකට කහකුඩු හා අමු තුනපහකුඩු දාලා කලවම් කරගන්න. 

පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ, සූදුරු, කුරුඳු දාලා බැදෙන්න අරින්න. ටිකකින් රම්පේ හා කරපිංචා එකතු කරන්න. මේකටම සුදුලූනූ හා අමුමිරිස් ටිකත් දාගන්න. අන්තිමට මිරිස්කුඩු ටිකත් දාලා හොඳට කලවම් කරගන්න. 

ටිකකින් අල ටික දාලා කලවම් කරලා දියකිරි ටික දාලා විනාඩි10ක් වහලා තියන්න. ඊට පස්සෙ ගොරක දාලා මිටිකිරි ටිකත් දාලා කලවම් කර හිඳෙන්න අරින්න. 

************************

අල කිරි හොදි

 

අවශ්‍ය ද්‍රව්‍ය 

අර්තාපල් ග්‍රෑම් 300ක්

කපාගත් අමුමිරිස් කරල් 2ක්

කුරුඳු කෑල්ලක්

ලියාගත් ලොකු ලූනූ ගෙඩි 1/2ක්

කරපිංචා සහ රම්පෙ

කහකුඩු තේ හැඳි ½ක්

අබ කුඩු තේ හැඳි ¼ක්

සූදුරු කුඩු තේ හැඳි ¼ක්

උළුහාල් තේ හැන්දක්

මිටිකිරි කෝප්ප 2ක්

ලුණු රස අනූව

 

අවශ්‍ය ද්‍රව්‍ය

අල ටික ලුණු දාලා තම්බගන්න. කෑලි කපාගන්න. 

ලොකු භාජනයකට පොල්කිරි එක්ක අනික් සියල්ලම දාලා රස අනුව ලුණු එකතු කරගෙන උතුරනකම් හැඳිගාන්න. 

කිරි උතුරගෙන එනකොට අල ටික දාලා ටිකකින් ළිප නිවාගන්න. පාන්, ඉදි ආප්ප වැනි අහාරයක් සමඟ මෙය කදිමයි නේද.

********************

බණ්ඩක්කා පකෝරා 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

බණ්ඩක්කා කරල් 12ක්

කඩල පිටි කෝප්ප 1/2ක්

පාන්පිටි කෝප්ප 1/2ක්

සුදුරු මේස හැඳි 1ක්

ලුණු කුඩු තේ හැඳි 1ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

කහකුඩු තේ හැඳි 1/4ක්

වතුර කෝප්ප ¾ක්

එළවළු තෙල් ස්වල්පයක්

 

සාදන ක්‍රමය

බණ්ඩක්කා කරල් හොඳින් සෝදා තෙත හිඳගන්න. වෙනම බෝල් එකක් ගෙන එයට කඩල පිටි හා පාන්පිටි දාගෙන හොඳින් මිශ්‍ර කරන්න. ඒකටම සුදුරු,  ලුණු කුඩු, මිරිස් කුඩු, කහකුඩු දාලා හොඳින් කලවම් කරන්න. 

දැන් ටික ටික වතුර දාලා බැටර් එකක් එන විදිහට හොඳට මිශ්‍ර කරන්න. බැටර් එක ටිකක් ඝනකමට තියෙන්න ඕනා.  

දැන් බැටර් එක වහලා විනාඩි 30 ක් තියන්න. 

පෑන් එකකට තෙල් අඟලක් විතර පුරවගෙන හොඳින් රත්වෙන්න තියන්න. තෙල් රත් වුණාම බණ්ඩක්කා කරල් හදා ගත් බැටර් එකේ තවරගෙන තෙල් එකට දාලා රන්වන් පැහැවන තුරු බැදගන්න. (බණ්ඩක්කා හොඳට තැම්බෙන්න ඕන නිසා බැදගන්න ඕන අඩු ගින්දරේ)

ගොඩක් ක්‍රිස්පි ගතියට අවශ්‍ය නම් බැදගත් බණ්ඩක්කා කරල් නැවත වරක් බැටර් එකේ දාලා බැදගන්නත් පුළුවන්. 

 

*******************

බණ්ඩක්කා සුදුලූනූ ෙතම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය 

ළපටි බණ්ඩක්කා කරල් 6 ක් පමණ

අමුමිරිස් කරල් 3ක්

එළවළු තෙල් ස්වල්පයක්

කපාගත් ලූනූ ගෙඩි 2ක්

කපාගත් සුදුලූනූ බික් 3ක්

කරපිංචා ස්වල්පයක් 

කහ ස්වල්පයක්

කෑලි මිරිස් සැර අනුව

ලුණු ස්වල්පයක් 

දෙහි යුෂ ස්වල්පයක්

 

 සාදන ක්‍රමය

බණ්ඩක්කා පිරිසුදු කරගෙන අඟල් එකහමාරක විතර කෑලි කපා ගන්න. නැවත ඒවා එක කෑල්ලක් දිග අතට තීරු හයකට පමණ කපන්න. 

අමුමිරිස් සිහින්ව කපා ගන්න. තෙල් ටිකක් ළිපේ තියලා රත් වී ගෙන එද්දි  ඒකට කපාගත් සුදුලූනූ, ලූනූ, කරපිංචා, කහ හා කෑලිමිරිස් දාලා තෙම්පරාදු කරගෙන බණ්ඩක්කා හා අමුමිරිස් දාන්න. ටිකක් කලවම් කර බැදීගෙන එද්දි ලුණු ටිකක් එකතු කරන්න. හොඳට බණ්ඩක්කා තැම්බුනාම ළිපෙන් බා ගන්න. දෙහි යුෂ එක් කර කලවම් කරගන්න. 

******************

 කඩල රෙඩ් කරි

 

අවශ්‍ය ද්‍රව්‍ය 

තම්බාගත් කඩල

කෝප්ප 1ක්

තලාගත් ඉඟුරු, සුදුලූනූ

මේස හැඳි 1ක්

මිරිස්කුඩු තේ හැඳි 2ක්

චොප්කරගත් ලූනූ ගෙඩි 1ක්

තක්කාලි සෝස් ස්වල්පයක්

ලුණු හා ගම්මිරිස්කුඩු

එළවළු තෙල් ස්වල්පයක්

 

 සාදන ක්‍රමය

භාජනයක් ළිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුලූනූ හා ලූනූ ටික දාගන්න. ටිකකින් මිරිස්කුඩු එකතු කරන්න. දැන් මේකට තම්බාගත් කඩල ටික දාලා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. ළිපෙන් අයින් කරන්න කලින් තක්කාලි සෝස් මේස හැඳි 2ක් විතර දාලා කලවම් කරගන්න.

*******************

සූරපු මුරුංගා  කරිය

 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

කෑලි කපාගත් මුරුංගා කරල් 4ක්

පරිප්පු මිටක් පමණ

කපාගත් ලොකු ලූනූ ගෙඩි 2ක්

කපාගත් සුදුලූනූ බික් 2ක්

රම්පේ හා කරපිංචා 

කපාගත් අමුමිරිස් කරල් 2ක්

කහකුඩු තේ හැඳි 1/2ක්

අමු තුනපහකුඩු තේ හැඳි 1ක්

උළුහාල් ස්වල්පයක් - ලුණු ස්වල්පයක්

අබ ස්වල්පයක්  - එළවළු තෙල් ස්වල්පයක් 

කඩාගත් වියළි මිරිස් කරල් 4-5ක්

මිටිකිරි කෝප්ප 2ක්

 

සාදන ක්‍රමය

මුරුංගා කෑලි එක්ක පරිප්පු දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා තම්බගන්න. තම්බාගත්ත මුරුංගා ටික වෙන් කරගෙන මුරුංග මදය ඇටත් එක්ක හැන්දකින් සූරලා එකතු කරගන්න. 

වෙනම භාජනයක් ළිපේ තබා තෙල් ටිකක් දාල රත් වෙන කොට අබ දාල අබ පුපුරනකොට උළුහාල්, වියළි මිරිස්, රම්පෙ, කරපිංචා දාල තෙම්පරාදු කරන්න. ඒකටම ලූනූ, අමුමිරිස් සහ සුදුලූනූ දාලා කහකුඩු, තුනපහකුඩු, ලුණු දාලා හොඳට තෙම්පරාදු කරගන්න. 

‍ෙමයටම මිටිකිරි ටික දමා උතුරන කොට මුරුංගා සහ පරිප්පු එකතු කර රස අනුව ලුණු දාගන්න. හොද්ද උකු වෙනකම් ගාණකට හින්දගෙන ළිප නිවාගන්න.