නත්තල හැඩ කරන්න ස්නෝ කේක් එකක්

දෙසැම්බර් 19, 2022

 

මෙවර නත්තල උත්කර්ෂවත්ව සමරන්න සූදානමින් සිටින ඔබටයි මේ පොයින්ට්සෙටියා කොළවලින් කළ කේක් නිර්මාණය.  ඔබේ නත්තල් කෑම මේසය මිහිර ගන්වන්න මේ නත්තල් කේක් එක හදලා බලන්න

 

ග්‍රෑම් 500 රවුම් තැටියක සාදාගත් රිබන් කේක් කිලෝ 2ක්

බටර් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

රෝයල් අයිසිං

සරසා ගැනීමට වෙළෙඳපොළේ ඇති ස්ප්‍රින්කල්ස්

වර්ණක

 

පළමුව ග්‍රෑම් 500 තැටියේ සාදාගත් කේක් දෙක ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කර නැවත සම්පූර්ණ කේක් එකම බටර් අයිසිංවලින් කවර් කරගන්න. ඉන්පසු උඩ කොටසට නැවත අයිසිං ලේයර් එකක් දමා පැලට් නයිෆ් එකකින් වටේට අයිසිං කරන්න.

 

දැන් දුඹුරු පාටින් අයිසිං ටිකක් සාදා ගෙන නොසල් #18 භාවිත කර කේක් එක වටේට අයිසිං කරන්න. ඉන්පසු කේක් එක වටා ඇති පොයින්සිටියා කොළ අයිසිං කර ගැනීමට කොළ පාට අයිසිංවලින් නොසල් #352 භාවිත කරන්න.

 

කේක් එක උඩ සරසා ගැනීමට ෆොන්ඩන්ට්වලින් නත්තල් සීයා, පිනි මුවා, කැන්ඩි කේන්ස් සහ ස්නෝ ෆ්ලේක්ස් සාදා ගන්න. පසුව ස්ප්‍රින්කල්ස් භාවිත කර රූපයේ ඇති ආකාරයට සරසන්න.

 

රතු පාට රිබන් එකකින් බෝ එකක් සාදා ගෙන එය කේක් එක මත ඇලවීම සඳහා එඩිබල් ගම් භාවිත කර ඇති අතර එය සාදා ගැනීමට වතුර මේස හැඳි දෙකකට තයිලෝ පවුඩර් තේ හැන්දක් දමා හොඳින් මිශ්‍ර කර ගම් එක සාදාගත හැකියි.

එමෙන්ම රෝයල් අයිසිංවලින් නොසල් #3 භාවිත කර නත්තල් සුබ පැතුම කේක් බෝඩ් එක මත ලියන්න.

 

 

උපදෙස් -

කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක

අප්ලන්ඩ් කේක්ස්

ඇන්ඩ් ඇකඩමි