ලාබෙට පවුලටම පොල් කේක්

ජූලි 28, 2025

බිබික්කන්, එහෙමත් නැත්නම් පොල් කේක් බොහෝ දෙනෙක් ආසාවෙන් රස විඳින කේක් වර්ගයක්.

 

ඕනෑම විශේෂ අවස්ථාවක කේක් කෑල්ලක රස බලන එක දැන් අපිට පුරුද්දක්. බිබික්කන්, එහෙමත් නැත්නම් පොල් කේක් බොහෝ දෙනෙක් ආසාවෙන් රස විඳින කේක් වර්ගයක්. එකපාරට බලපුවහම මේ කේක් එක ටිකක් නත්තල් කේක් එකක් වගේ. ඒ වුණාට මේ කේක් එකට තියෙන්නේ ඒකටම ආවේණික වුණු වෙනමම රසයක්.

කොහොමවුණත් හවස තේ පැන් සංග්‍රහයකටත් කදිමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

හීනියට ගාගත් පොල් ග්‍රෑම් 250ක්

කිතුල් පැණි මිලි ලීටර් 340ක්

පාන් පිටි ග්‍රෑම් 150ක්

බිත්තර 03ක්

කොටාගත්ත කරාබු නැටි, කරදමුංගු, කුරුඳු පොතු මිශ්‍රණය තේ හැඳි 01ක්

බේකිං පවුඩර් තේ හැඳි 01ක්

කෑලි කපා ගත් රටඉඳි ග්‍රෑම් 100ක්

කෑලි කපා ගත් කජු ග්‍රෑම් 100ක්

වියළි මිදි ග්‍රෑම් 50ක්

වැනිලා තේ හැඳි 01ක්

ලුණු - තේ හැඳි 01ක්

සාදන ක්‍රමය:-

 

01. පැණි ටික පෑන් එකකට දාලා මඳ ගින්දරේ රත් කර ගන්න. ඔක්කොම පැණි ටික දාගන්න එපා. පැණි පොඩ්ඩක් ඉතුරු කර ගන්න. මේ ටික අපිට කේක් එක හදලා ඉවර වුණහම ඕනේ කරනවා. මේ පොල් කේක් එක හදන්න කිතුල් පැණි වෙනුවට පොල් පැණි, සීනි, හකුරු එහෙමත් අර ගන්න පුළුවන්.

 

02. මේකට කොටාගත්ත කරදමුංගු මිශ්‍රණය හා ලුණු දාන්න. පොල් ටික දාලා කලවම් කරගන්න.

 

03. මේ පොල් පැණි ටික තෙත ගතිය තියෙද්දී ළිපෙන් බා ගන්න. පොල් පැණි ටික වේළිලා ගියොත් එහෙම කේක් එකත් ටිකක් වේළෙන්න බලනවා.

බිත්තර ටික බීට්කර ගන්න.

04. පිටි ටික බේකිං පවුඩර් ටිකත් එක්ක කලවම් කරගන්න. පිටිවල කැටි වගේ තියෙනවනම් පිටි ටික හොඳට හලලා අර ගන්න.

 

පොල් පැණි ටික හොඳට නිවුණාට පස්සේ බීට් කර ගත්ත. බිත්තර ටික දාන්න. පොල් පැණි රස්නේ තියෙද්දී බිත්තර දාන්න එපා. එතකොට බිත්තර ටික කැටි වෙන්න බලනවා.

 

05. දැන් මේකට පිටි ටික දාලා කලවම් කර ගන්න. පිටි ටික දාගත්තාට පස්සේ අපේ කේක් එකේ පාට ටිකක් අඩු වෙනවා. ඔයාලට මේ කේක් එක හොඳටම තද පාටට ඕනේ නම් එහෙම පොල් පැණි හදද්දී සීනි ටිකක් කර කරලා අර ගන්න.

ඊළඟට කජුයි, රටඉඳියි, වියළි මිදියි, වැනිලා ටිකයි දා ගන්න.

මේ ඔක්කොම ටික හොඳට කලවම් කර ගන්න.

 

06. දැන් මේ කේක් එක සෙල්සියස් අංශක 180° ක උෂ්ණත්වයක විනාඩි 45ක් විතර බේක් කර ගන්න. කේක් එක බේක් වෙලා ඉවර වුණාට පස්සේ අවන් එකෙන් එළියට අරගෙන අපි ඉතුරු කර ගත්ත පැණි ටික කේක් එක උඩින් ගාන්න. අපි මේ පැණි ටික ගාන්න ඕනේ කේක් එක රස්නෙට තියෙද්දී. එතකොට කේක් එකට පැණි ටික හොඳට උරා ගන්නවා. දැන් කේක් එක නිවෙන්න තියලා කෑලිවලට කපා ගන්න.

 

උපදෙස්

ප්‍රවීණ කේක් උපදේශිකා

සර්වදර්ශනී අප්සරා

 

 

----------------------------------------------------------

හරියට පදමට කේක් හදන්නේ මෙහෙමයි

කේක් සෑදීමේදි සිදුවන වැරදිම් සහ අතපසුවීමි නිසා නිවැරදිව කේක් එක සකසා ගැනීමට නොහැකි වෙනවා. එම නිසා කේක් සෑදීමට ප්‍රථමයෙන් සිදුවිය හැකි එවැනි වැරදීම් හා එයට හේතුව සහ එය නිවැරදි කර ගන්නේ කෙසේද දැනගෙන කේක් හදන්න පටන් ගමු.

 

* කේක් එක මැදින් ඉස්සීම

 

හේතුව -: බටර් අඩු වීම, කේක් මිශ්‍රණය තද ගතියෙන් යුක්ත වීම, උදුනේ උඩ උණුසුම අධික වීම.

විසඳුම : - වටිටෝරැව අනුව යොදන්න, දියර පරිමාව, බිත්තර වැඩිකරන්න, උඩ උණුසුම අඩු කරන්න.

 

* කේක් එක මැදින් බැසීම

 

හේතුව : - සීනි වැඩි වීම, පිටි/බිත්තර මද බව බේකිං පවුඩර් වැඩි වීම, උදුන නිවී තිබිම.

 

විසඳුම : - වට්ටෝරුව අනුව යොදන්න,

පිටි/බිත්තර වැඩි කරන්න, බේකිං පවුඩර් වටිටෝරුව අනුව යොදන්නෙ, උදුන රත් කරන්න.

 

* කේක් එක අඩුවෙන් ඉස්සීම

හේතුව : - අඩුවෙන් තැම්බීම.

විසඳුම : - හොඳින් බේක් වූ පසු ඉවතට ගන්න.

 

* මතු පිට තද ගතියෙන් යුක්ත වීම

 

හේතුව : - ඉතා අධික උණුසුම, උදුනේ ඉහළ උණුසුම වැඩිවීම, සීනි හා කිරි අධික වීම.

විසඳුම : - නියම උණුසුම යටතේ බේක් කරන්න. ඉහළ උණුසුම අඩු කරන්න, වටිටෝරුව අනුව සීනි, කිරි යොදන්න.

 

* පාට මදි වීම

හේතුව : - උදුන නිවී තිබීම, තුලනය නොවු වට්ටෝරුව

 

විසඳුම : - උදුනේ උණුසුම පාලනය කරන්න. වට්ටෝරුව නියමිත පරිදි යොදන්න.

 

* ඝනකමි පිට පොත්ත/ ඉරි තැළී තිබීම

 

හේතුව : - උදුනේ උණුසුම අධික විම

බෝහෝ වේලාවක් බෙික් විම, තැටියට අවශ්‍ය ආවරණය නොමැතිකම.

 

විසඳුම : - උදුනේ උණුසුම පාලනය, නියමිත කාලය යොදා ගන්න, නිවැරදි ලෙස තැටිය ආවරණය කරන්න

 

සියලු වැරදි නිවැරදි කරමින් කේක් කලාවට පිවිසෙන්න. එය තුළින් අගනා නිර්මාණ බිහි කළ හැකියි.