තරුණ දියණියට සරල බන් විලාසිතා

ඔක්තෝබර් 28, 2020

'බන්' හෙයාස්ටයිල් කියන්නේ මුහුණට එළියක් ගෙන දෙන සරල කොණ්ඩ මෝස්තරයක්. මේ බන් විලාසිතාව විවිධාකාර ක්‍රමයන්ට දැමිය හැකියි. එමඟින් එකිනෙකට වෙනස් පෙනුමක් මුහුණට ලබාගන්නත් පුළුවන්. ගිය සතියේ දී අපි විවධ මුහුණු හැඩ සමඟින් ඒ මුහුණූවලට ගැළපෙන බන් විලාසිතා පිළිබඳ කතා කළෙමු. ඒ නිසාම අද, ඔබට තනිවම දමාගත හැකි ආකාරයේ සරල බන් වලාසිතා කිහිපයක් මෙලෙස හඳුන්වා දෙනවා.

කොණ්ඩය හොඳීන් පීරා ඉදිරිපස සහ පිටුපස හිස් මුදුනට වෙන්න පෝනි ටේල් එකක් දමා ගන්න. ඉන්පසු රවුම් බන් එක ගෙන පෝනිටෙල් එක එතුළින් අරගන්න. දැන් පෝනිටේල් එකේ මුල් කොටසට හොඳින් බන් එක තද කරගන්න.

ඉන්පසු කොණ්ඩය ගෙන හිස් මුදුනට දමාගත් බන් එක වටේ ආවරණය කර ගන්න. පෝනිටෙල් එකේ කෙළවර කටු ගසා සඟවා ගන්න. ඔබට අවශ්‍ය නම් එය හැඩ කර ගැනීමට මල්, සැරසිලි සහිත කොණ්ඩ කටු ගස ගසා ගත හැකියි.

නැත්නම් මෙහි දැක්වෙන ලෙස එම බන් එක ආවරණය කර ගැනීමට පෙර ඉතා සියුම් ලෙස කොණ්ඩ කොටස් වෙන් කරගෙන හීනියට ගොතාගත් කොණ්ඩ කොටස්වලින් රූපයේ පෙනෙන ආකාරයට වුවද හැඩ කරගැනීමට පුළුවන්.

 

සැලකිය යුතුයි

සෑම විටම මෙම මෝස්තර දැමීමේ දී තම භාවිතය සඳහා යොදා ගන්නා පනාව කඩතොලු රහිත විය යුතුයි. එසේ නැත්නම් කොණ්ඩය පැටලී කැඩී යාමට පුළුවන්. මෝස්තරය දැමීමට ප්‍රථම දැති ලොකු පනාවකින් තම කොණ්ඩය හොඳීන් ගැට කඩා පීරා ගත යුතුයි. හොඳීන් ෂැම්පෝ කර කන්ඩිෂනර්කර ගැනීමෙන් කොණ්ඩය හසුරුවා ගැනීම පහසු වේ

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2020/10/28 තරුණි බලන්න.