ලස්සන නියපොතුවලට ‍ෙගාඩක් දේ කරන්න පුළුවන්

මාර්තු 20, 2023

දෑතේ රතැඟිලි සේම නියපොතු ද යුවතියකට ආභරණයක්. එය ඇගේ පෞරුෂත්වයට ද මනා රැකුලක්. සිහින්ව දිගැටිව මන බඳිනා ලෙසින් නියපොතු සෑම යුවතියකටම පිහිටන්නේ නැත.

සිත් ළඟන්නා සුළු නියපොතු පිහිටා නැතැයි දුක්වන්නට එපා. දැන් ඒ සඳහා හොඳම විකල්පයක් රූපලාවණ්‍ය ලොව දික්විජය කර ඇති බව නොරහසක්. ස්වභාවිකව නියපොතු ලස්සනට පිහිටා නොමැති අයට උත්සව අවස්ථාවකට, ප්‍රියසාදයන්ට එදිනෙදා කාර්යාලයට පවා Nail extensions ක්‍රමය භාවිත කළ හැකියි. මින් ස්වභාවික නියවල දිග වැඩි කර පෙන්වයි. එය මනා නිමාවක් ගෙන දෙන්නක් නිසා දෑතට අපූර්වත්වයක් ද එක් කරයි.

Nail Extension දෙයාකාරයකට සිදුවෙයි.

පළමු වැන්න නම් :

ගම් ආධාර කරගෙන ප්ලාස්ටික් මඟින් සැකසූ කෘත්‍රිම නිය (Tips) ස්වභාවික නියපොත්තේ අගට අලවා ගැනීමයි. ඇලවූ නිසා නිමාකර ගැනීමට UV Gel හෝ Acrylic භාවිත කිරීම බහුලව දක්නට ලැ‍බෙනවා.

දෙවැන්න නම් :

Form ආධාර කරගෙන (නිය සැකසීමේදී භාවිත කරන නියපොතු අගට අලවන ස්ටිකර් විශේෂයක්) ඒ මත ඇක්‍රිලික් හෝ ජෙල් භාවිත කර නිය සැකසීමයි.

*ප්‍රථමයෙන් නිය සකසන පුද්ගලයා හා නිය සැකසීම ලබාගන්නා පුද්ගලයා යන දෙදෙනාගේම දෑත් ‘සැන්ටයිසර්‘ භාවිතයෙන් පිරිසුදු කර ගත යුතුය.

*නිය ආලේපන ඉවත් කරන ද්‍රාවණයක් යොදා පෙර තවරා ඇති නිය ආලේපන ඇතොත්, ඒවා ඉවත් කර ගත යුතුය.

*දැන් ‘ක්ලෙන්සින් ස්ප්‍රේ‘ එකක ආධාරයෙන් නිය පිරිසුදු කර ගත යුතුය.

*‘ඔරේන්ජ්‘ ස්ටික් මෙට්ල් ටූල්‘ භාවිත කර ‘කියුටිකල්‘ පසුපසට තල්ලු කර ගන්න

*අනවශ්‍ය ‘කියුටිකල්‘ ඇතොත් ‘කියුටිකල් සිසර්‘ මඟින් කපා ඉවත් කර ගත යුතුය.

*‘නේල් ෆයිල්‘ එක ආධාරයෙන් නිය මුදුන ‘ෆයිල්‘ කර ගන්න.

*‘නේල් බෆර්‘ ආධාර කරගෙන නිය මත දිස්නය ඉවත් වන ලෙස ‘බෆ්‘ කරන්න.

*‘නේල් ඩීහයිඩ්‍රේටර්‘ ආලේප කරන්න.‘නේල් ටිප්ස්‘ ලෙස ‘නේල් ටිප්ස්‘ වල හොඳ වර්ගයක ‘නේල් ග්ලූ‘ එකක් අලවන අග්‍රයේ ආලේප කරගන්න.

*අංශක 45 ආතතියකට නිය පොත්තේ අගට හේත්තු කරගන්න. ගම් ආලේප කරන ලද කෘත්‍රිම ‘නේල් ටිප්‘ එක ස්වභාවික නිය මත තබා තප්පර 10ක් පමණ තදකරගෙන සිටිය යුතුය. අග්‍ර දෙක තදින් ඇලීමට ලක් වේ දැයි විමසිලිමත් වන්න. වායු බුබුළු නොසිටින ලෙස හොඳින් ඇලීම වැදගත් වේ.

*අමතර ගම් තැවරී ඇතොත් ‘ලින්ට් ෆ්රී පෑඩ්‘ ආධාරයෙන් පිරිසුදු කරගන්න.

*‘නේල් බෆර්‘ එක ආධාරයෙන් කෘත්‍රිම නිය මත ‘බෆ් කර එහිදී දිස්නය‘ඉවත් කරන්න.

*‘නේල් ටිප් කටර්‘ එක ආධාරයෙන් ‘නේල් එකේ දිග අවශ්‍ය පරිදි කපාගන්න.

*‘නේල් ෆයිල්‘ ආධාරයෙන් නිය පොත්තේ අග හැඩය අවශ්‍ය පරිදි සකසා ගන්න.

*විශාල බුරුසුවක ආධාරයෙන් ‘ඩස්ට්‘ ඉවත් කර ගන්න.

දැන් ඔබේ කෘත්‍රිම නිය ඇලවීමේ ක්‍රියාව අවසන් අතර ඉදිරියට UV ජෙල්‘හෝ ‘ඇක්‍රිලික්‘ආධාරයෙන් නේල් එක පිරවීමේ ක්‍රියාවලියට නිය සූදානම් වී හමාරය.

 

‘ඇක්‍රිලික්‘ මඟින් නිය නිමාකරගැනීම

*‘නේල් ඇක්‍රිලික් ප්‍රයිමර්‘ එකක් ආලේප කරන්න.

*‘ඇක්‍රිලික් බුරුසුවක්‘ භාවිත කරමින් වෙන්කර ගත් ‘ලික්විඩ් මොනිටර්‘ දියරය තුළට ගිල්වා අතිරේක ද්‍රාවණය බේරා එම බුරුසුව ‘ඇක්‍රිලික්‘ පවුඩර් භාජනය තුළට දමා පබුලක ආකාරයට තවරාගෙන පින්සල ඉවතට ගන්න. (ඉක්මනින් මෙය කරගත යුතුය)

*නේල් බෙඩ් එකේ පිරවිය යුතු කොටස එල්ල කර ඉහත ඇක්‍රිලික් බුබුළ තබා තෙරපා පිරවීම කර ගත යුතුය. කියුටිකල් ආසන්නයට යන ලෙසත් පිරවිය යුතු කොටස පිරවෙන ලෙසත් කෘත්‍රිම නිය නැවත අඩු වී යන ලෙසත් පිරවිය යුතුය. වියලි යාමට ප්‍රථම සියල්ල සිදුකළ යුතුය.

*නිය හැඩය සැකසීමේදී පැති පෙනුම විමසීම ද වැදගත්ය.

*ඇක්‍රිලික්, එකකට එකක් වියළී යාමට ප්‍රථම කීප වරක් මේ ආකාරයට අවශ්‍ය හැඩය ලබාගන්න

*‘ඇක්‍රිලික්‘ හොඳින් වියළී ගිය පසු ‘ජෙල් ෆයිල්‘ ආධාරයෙන් හැඩය ෆයිල් කර ගන්න. මතු පිට සුමට කර ගන්න.

*හොඳින් සුමට වූ පසු ‘කියුටිකල් ෆයිල්‘ ස්වල්පයක් ආලේප කර අවසන් කරගන්න.

*දැන් ඔබේ ඇක්‍රිලික් නියට, නිය ආලේපන කර ගැනීමට සූදානම්ය.

 

"UV ජෙල්‘ මඟින් නිය නිමකර ගැනීම

*‘ප්‍රෝටීන් බොන්ඩ්‘ ආලේපය එක් වරක් ආලේප කර වියළා ගන්න.දෙවන වරද එලෙසම කරන්න.

*දෑතේ ජෙල් ආලේප කරන බුරුසුවක් ආධාරයෙන් ‘බේස් ජෙල්‘ කියුටිකල් සිට නිදහස් අග්‍රය දක්වා සමබර එක තට්ටුවක් ආලේප කරන්න. එය "UV ලෑම්ප්‘ එකට දමා තත්පර 30 තබාගන්න.

*දෑතේ නාඩි ජෙල් පබුලක ආකාරයට ගෙන ‘කියුටිකල්‘ අයලින් ‘ජෙල් බෙච්‘එකේ මැද තබා කියුටිකල් දෙසටත් "n" අකුරක හැඩයට දෙපසින් පහළටත් විහිදුවන්න. දැන් නැවතත් තප්පර 30 "UV ලෑම්ප්‘ එකට දමා ගන්න.

*තවත් ‘හාඩ් ජෙල්‘ පබුලක් ගෙන පෙර අලේපකර ‘"n" අකුරේ මැද ප්‍රදේශය ආවරණය කර පතුරුවා හරින්න. නැවතත් "UV ලෑම්ප්‘ එකට දමා විනාඩි 4ක් තබන්න.

*දැන් ‘ජෙල් ක්ලේන්සර්‘ ආධාරයෙන් නිය පිරිසුදු කරන්න.

*‘ෆයිල්‘ කර හැඩ කර ගන්න.

*නැවතත් නිය පිරිසිදු කරගන්න

*‘ප්‍රෝටීන් බොන්ඩ්‘ ආලේපනය කර වියළා ගන්න

*‘ෆිනිෂින් ජෙල්‘ ආලේපනය සිදු කරන්න. මෙවරද "UV ලෑම්ප්‘ එකට දමා තත්පර 30ක් තබන්න.

 

 

ඉදිරිපත් කිරීම :

ප්‍රවීණ නිය අලංකරණ ශිල්පී

නිහාල් නන්දන රණතුංග