දෙපාවල ලස්සන ගැනත් හිතන්න

ඔක්තෝබර් 30, 2023

අපි හැමෝම කැමැතියි ලස්සනට ඉන්න. ඒ නිසා අපි හුඟක් වියදම් කරලා ක්‍රීම් ජාති ගානවා. ඒ වගේම සැලෝන් යනවා. මේ ඔක්කොම දේවල් කරන්නේ මුහුණ පැහැපත් කරගන්න. එහෙමත් නැත්තම් ලස්සන දිග කොණ්ඩයක් වෙනුවෙන්. මේ නිසා අපිට කකුල් දෙකේ ලස්සන අමතක වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට අදින්නේ කකුල් වැහෙන්න ඩෙනිම් වගේ ඇඳුම් නේ. හඳිසියේ හරි කොට ගවුමක් සායක් වගේ අඳින්න ගියාම තමා කකුල්වල අවලස්සන පේන්නෙ.

ගොඩක් අයගේ කකුල්  කළු පාටයි, හම හරිම වියළියි. එහෙමත් නැත්තම් නියපොතු දුර්වර්ණ වෙලා, යටි පතුල් පැලිලා ගිහින්. මේ හැමදේටම හේතුව දෙපාවලට නිසි සැලකිල්ලක් නොදැක්වීම කිව්වොත් හරි.

පාර තොටේ ඇවිද්දාම කකුල්වල කුණු දූවිලි රැඳෙනවා. අපි හරියට කකුල් සේදුවේ නැති වුණාම කුණු දූවිලි රැඳිලාම තියෙනවා. ඉතින් ලස්සන දෙපයක් හිමි කරගන්න නම් පොඩ්ඩක් විතර මහන්සි වෙන්නත් ඕනෙ.

මේ තියෙන්නේ ඒ වගේ ගෙදරදීම කරන්න පුළුවන් සත්කාරයක්.

සබන් එහෙම නැත්තම් බොඩි වොෂ් ටිකකින් හැමදාම හවසට කකුල් දෙක සෝදන්න. ඊට පස්සෙ පොඩි රෙදි කෑල්ලකින් නැතිනම් පියුමික් ස්ටෝන් එකකින් පොඩ්ඩක් යටි පතුල් අතුල්ලන්න. මේකෙන් කකුල්වල රැඳිලා තියෙන කුණු දූවිලි ඉවත් වෙනවා. ඒ වගේම සතියකට සැරයක් වගේ මෙ විදියට පොඩි සත්කාරයක් කරන්න.

මුලින්ම කියුටෙක්ස් අයින් කරගන්න රිමූවර් එකකින්. ඊට පස්සෙ මඳ උණුසුම් වතුර බේසමකට ෂැම්පූ ටිකක් ලුණු ටිකක් එකතු කරලා ටික වෙලාවක් කකුල් දෙක වතුර බේසමේ දාගෙන ඉන්න. විනාඩි 10ක් වගේ. පරණ දත් බුරුසුවක් අරන් නියපොතු ටික හොඳට පිරිසුදු කරගන්න. ගොඩක් වෙලාවට අපේ නියපොතු දුර්වර්ණ වෙලා තියෙන්නෙ කුණු රැඳිලා තියෙන නිසා. ඊළඟට යටි පතුල්වල තියෙන මැරුණු සම ඉවත් කරගන්න.

පියුමික් ස්ටෝන් එකකින් හොඳින් අතුල්ලන්න. පිරිසුදු වතුරෙන් සෝදලා ඊට පස්සෙ ෆුට් ස්ක්‍රබ් එකකින් යටි පතුල්වල ඉඳන් දණහිස් ළඟට එනකම් වගේ ස්ක්‍රබ් කරන්න. මේකෙන් මැරුණු හම අයින් වෙනවා. අන්තිමේදී පිරිසුදු වතුරෙන් සෝදලා moisturizing cream එකක් ගාන්න.

ගෙදරදීම හදාගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් තමා කෝපි ස්ක්‍රබ් එක. මේකට ඕනෙ වෙන්නෙ කෝපි කුඩු ටිකක්, පොඩි කැට තියෙන සීනි ටිකක් සහ ඔලිව් ඔයිල් ටිකක්. මේ ටික හොඳට මික්ස් කරලා ඇඟිලි තුඩුවලින් හෙමිට ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ සීතල වතුරෙන් සෝදලා moisturizing cream ටිකක් ගාන්න. 

තවත් දෙයක් අපි දෙපා සේදුවට පස්සේ තුවායකින් කකුල් දෙකම තෙත මාත්තු කළාට. ඊට පස්සේ තමා moisturizing cream ගාන්න ඕනෙ.

තවත් දෙයක් කකුල්වල අනවශ්‍ය රෝම අයින් කරන්න ගොඩක් අය රේසර් කරනවා. ඒත් එක පරිස්සමෙන් කරන්න ඕනෙ. නැත්තම් තුවාලවෙලා අන්තිමට ඒ තුවාල කැළැල් කකුල් දෙක අවලස්සන කරනවා.

කකුල්වල යටි පතුල් පැලෙන, ඉරි තැලෙන අයට කරන්න පුළුවන් හොඳම දෙයක් තමා හැමදාම රෑට කකුල් හොඳින් සෝදලා නිදාගන්න යද්දී ඔලිව් ඔයිල් ටිකක් යටි පතුල්වල ආලේප කරන එක. එහෙම නැතිනම් කෝමාරිකා මදය වුණත් ආලේප කරන්න පුළුවන්.

කාන්තාවන් හැමෝම කැමතියි ලස්සනට නේල් ආට්ස් දාලා හැඩට වැඩට යන්න. ඒත් කියුටෙක්ස් තෝරා ගනිද්දී ප්‍රමිතියකින් යුතු ආලේපන විතරක් මි‍ලට ගන්න. දින දෙක තුනකින් කියුටෙක්ස් රිමුව් කරන්න. මොකද නිය ආලේපන හදලා තියෙන්නේ රසායනික ද්‍රව්‍ය වලින්, දිගු කාලයක් නියපොතු මත කියුටෙක්ස් තියෙද්දී සමහර වෙලවට නියපොතු දිරාපත් වෙනවා.

අන්තිමේදී කියන්න ඕනෙ නිතරම නැවුම් එළවලු පලතුරු ආහාරයට ගන්න. ඒ වගේම දවසකට වතුර ලීටර 6 ක් වත් බොන්න එතකොට සම වියළෙන එක වළක්වා ගන්න පුළුවන්.