වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
හැඩේ අනුව වැඩ දාන්නයි හදන්නේ
උදේ කාලය සහ සවස් කාලය අනුව මේක් අප්වල පැහැය වෙනස් වේ. මෙය ෆවුන්ඩේෂන් පමණක් නොව අනෙකුත් සියලුම මේක් අප්වලට අදාළ වේ.
මනාලියක් කියන්නේම සිත නිවෙන දසුනකි. හෙළ කුල සිරිතට පියනඟින ඈ වෙතින් දිස් විය යුතු වන්නේ නැවුම් බවකි. පිවිතුරු බවින් වෑහෙන පෙනුමක් ඈ සතු විය යුතුවේ. මනාලියක වන දා ඇයව හැඩ ගැන්විය යුතු වන්නේ මේ සියලු ගුණාංගයන්ගෙන් පරිපූර්ණවයි.
NVQ 4 පාඨමාලාවේ Bridal Dressing කොටසේදී ඔබට මනාලියක් හැඩගැන්වීම පිළිබඳ පූර්ණ අවබෝධයක් ලැබේ.
විවාහ උත්සවය අවසන් වන තෙක්ම මනාලියගේ මේක් අප් එකට කිසිදු වෙනස්කමක් සිදු නොවීමට රූපලාවණ්‍ය ශිල්පියා/ශිල්පිනිය වග බලා ගත යුතුවේ.
ඔබ වෙත පැමිණෙන ඇය මනාලියක වනදා හැඩවැඩ ගැන්වෙන අයුරු පිළිබඳ පූර්ව සූදානමක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි.
* ඇය දිනපතා මේක් අප් කරන තැනැත්තියක්ද?
* සමේ සහ ඇස්වල සංවේදීතාව කෙසේද? එසේ වූවිට අයිලයිනර් ගැල්වීම යනාදිය අපහසු වේවි.
* නිතර ජලය පානය කරන කෙනෙක්ද? එසේ නොවූ විට සම සෑහෙන්න වියළි වේ. සම වියළි වූ විට දිස් වන්නේ වැඩිමල් පෙනුමකි. එවැන්නවුන්ගේ මුහුණට යෝගා ව්‍යයාම ආදිය කරන්නට උපදෙස් දීම වැදගත් වේ.
* සමේ වර්ගය අනුව විජලනය වී ඇත්ද, සංවේදී වී ඇද්ද, වියපත් වී ඇත්ද යන්න පිළිබඳ අවබෝධය
* හැමවිටම ගුණාත්මකබවින් යුතු නිෂ්පාදනයන් පාවිච්චි කිරීමට වග බලා ගන්න. එකම වෙළෙඳ නාමයෙන් යුතු නිෂ්පාදන පෙළක් භාවිතයෙන් වට්ටම් ලබා ගැනීමට මෙන්ම සේවා දායකයාගේ විශ්වාසයද දිනා ගැනීමට හැකිවනු ඇත. හොඳ නිෂ්පාදනයන්ගෙන් සමටවන හානිය ඉතාම අවම වේ.
* මේක් අප් එක රඳවා තබා ගත යුතු කාලය
* මේක් අප් එක කරන්නේ කුමන ආලෝක ධාරාවන් යටතේද?
* මනාලියගේ මල් සහ ඇඳුම්වල වර්ණයන්
* මනාලියට ෆේෂල් එකක් කරන්නේ නම් එය විවාහ උත්සවයට පැය 48කටවත් පෙර කළ යුතුයි. ෆේෂල් එකක් කරද්දි උඩින්ම ඇති මැරුණු සමේ තට්ටුව ඉවත්ව යයි. එය යථා තත්ත්වයට පත් වීමට දින දෙකක් පමණ ගතවෙයි. පැය 8 - 15 අතර මේක් අප් කිරීමෙන් යම් යම් ආසාදනයන් පවා ඇති වීමට පුළුවනි.
* මනාලියට ඇත්තේ Oil Skin එකක් නම් තෙල් මතුවී මේක් අප් එක කළු වීමට පුළුවනි. මේ නිසා සමේ තත්ත්වය පිළිබඳ පූර්ණ අවබෝධයක් තිබිය යුතුම වේ.
මේක් අප් එකක සාර්ථකත්වය රඳා පවතින්නේ ෆවුන්ඩේෂන් එක මතයි. නිවෙසක පැවැත්ම එහි අත්තිවාරම මත රඳා පවතින්නාක් මෙන් මේක් අප් එකක පැවැත්ම ඇත්තේ ෆවුන්ඩේෂන් එක මතයි.
ෆවුන්ඩේෂන් ගැල්වීම
ෆවුන්ඩේෂන් එක තෝරාගැනීම කෙරෙහි මූලිකවම බලපානුයේ සමේ පැහැයයි. සම යටින් Under tone එකක් තිබේ. මෙලනින්වල පිග්මන්ට් එක අනුවයි මේක් අප්වල පිග්මන්ට් එක සාදා ඇත්තේ.
තද තලෙළු සමක් ඇත්තේ නම් ෆවුන්ඩේෂන් එක රතු හෝ කහ පැහැයට හුරු එකක් විය යුතුවේ. ෆවුන්ඩේෂන් එක අයිවරි හෝ සුදු පැහැයෙන් වීම මෙවැනි සමකට කොහෙත්ම ගැළපෙන්නේ නැත. මේක් අප් එකෙන් වෙස් මුහුණක සේයාවක් දිස්වන්නේ ඒ අනුවයි.
Fair skin, Vary fair skin, Black skin, Olive skin, Asian skin වැනි සමේ ස්වභාවය අනුව ෆවුන්ඩේෂන් ඇතුළුව මේක් අප් එක තෝරාගත යුතුවේ.
Jaw line එකේ ආලේප කර ෆවුන්ඩේෂන් එක සමට ගැළපෙන එකක් දැයි නිගමනයට ඒමට පුළුවනි. මැණික් කටුවේ ආලේප කිරීම සාමාන්‍යයෙන් කළත් එය මුහුණේ පැහැයට වඩා තරමක් වෙනස් වීමටත් පුළුවනි.
සමේ පැහැයට ගැළපෙන ෆවුන්ඩේෂන් එක තෝරා නොගතහොත් මේක් අප් එකෙන් ලැබෙන නියමම නිමාව නොලැබේවි.
ආලෝක තත්ත්වය
උදේ කාලය සහ සවස් කාලය අනුව මේක් අප්වල පැහැය වෙනස් වේ. මෙය ෆවුන්ඩේෂන් පමණක් නොව අනෙකුත් සියලුම මේක් අප්වලට අදාළ වේ.
උදේ කාලයට සුදුසු යන්නේ ස්වාභාවිකව ආලෝකයට ගැළපෙන වර්ණයි. සවස් කාලයේදී එක්කරන්නේ කෘත්‍රිම ආලෝකයට ගැළපෙන වර්ණයි. වෙළෙඳසල්වල සහ සැලෝන්වල ඇත්තේ දීප්තිමත් කෘත්‍රිම ආලෝකය නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් මේක් අප් උපකරණ මිලදී ගන්නටත් වග බලා යුතුවේ.
ෆවුන්ඩේෂන් ස්ටික් එකක් ලෙස, ද්‍රාවණයක් (Liquid) ලෙස, පවුඩර් ලෙස තිබේ.
Cover stick, Cover mark, Cover up, කන්සීලර් ලෙස ෆවුන්ඩේෂන් තිබේ.
සමට වඩා අඩුපැහැ, වැඩි පැහැ ලප කැලැල්, කුරුලෑ, අළුහම් ලප යනාදිය ඇත්නම් ඒවා වැසීම මනාව කළ යුතු දෙයකි.
වියළි සම, තෙල් සහිත සම, සාමාන්‍ය සම යන සමේ වර්ගය අනුවත් ෆවුන්ඩේෂන් තෝරා ගැනීම කළ යුතුයි. වියළි සමට දියරමය ෆවුන්ඩේෂන් එකත්, තෙල් සහිත සමට ස්ටික් එකත් ගැළපේවී. ඒ අනුව සාමාන්‍ය සමට පවුඩර් එක සුදුසු වේවී.
Oil base, Water base, Alcohol base, Silicon base, Powder base ෆවුන්ඩේෂන් ආලේප කරන්නේද යන්න ගැනක් පූර්ව නිගමනයකට පැමිණිය යුතුයි. රූගත කිරීමක් සඳහා කරන මේක් අප් එකක් නම් වැස්සේ තෙමෙන දර්ශනයක් නම් Water base ෆවුන්ඩේෂන් ආලේප කළ යුතුයි.
ඉදිරිපත් කිරීම
ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)
චර්ම රෝග විශේෂ
චාමලී කල්දේරා
(NVQ Level-3/4 ඇගයීම් නිලධාරිනි)