කොරෝනා වසංගතය මැද ලොවටම දැනුණු අපේ මනුස්සකම

අප්‍රේල් 8, 2020

කොරෝනා වෛරසය මේ වනවිට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 205කටත් වඩා ප්‍රමාණයක් ආක්‍රමණය කර අවසන්.

මේ සටහන තැබෙන මොහොත වන විට ලොවපුරා පුද්ගලයින් 1348628ක් මේ වෛරසය ආසාදනය වී සිටින අතර 74816කටත් අධික ප්‍රමාණයකගේ ජීවිත බිලිගෙන අවසන්. මේ වෛරසයට ලොකු පොඩි, දුප්පත් පොහොසත්, බලවත් දුබල හෝ වෙනත් කිසිදු වෙනසකින් නොමැති අතර එයට හොඳම සාක්ෂ්‍ය ලෙස වෙද්‍යවරුන්, ප්‍රසිද්ධ නළුවන්, දේශපාලනඥයන් ඇතුළු ප්‍රබල චරිත ගණනාවක් වෛරසය වැලඳීමෙන් මියයාම දක්වන්නට පුළුවන්. අපේ රටේ මේ වනවිට මේ වෛරසය හේතුවෙන් 5දෙනකු මියගොස් ඇති අතර, ලොව වෙනත් රටවලදීද ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකුද බිලි අරන්. කොරෝනා වසංගතය මුළු ලොවම වෙලාගත් පසු බොහෝ රටවල විවිධ ආරක්ෂණ ක්‍රමවේදගෙන තිබූ අතර ඒ නිසාම විවිධ මානුෂීය ගුණාංගද ගිලිහී ගොසින්. එහෙත් අපට අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා

යුද හමුදාපතිතුමා, සෞඛ්‍ය ඇමැතිතුමිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු කොරෝනා වෛරසයට එරෙහිව

සටන් වදින සියලුම දෙනා පිළිබඳව ඇත්තේ ගෞරවයක්. භක්තියක්. ආදරයක්. ඒ මේ වෛරසයෙන් අපේ ජනතාව බේරාගන්නට දිවා රෑ නොබලා කරන මෙහෙවර නිසාවෙන්. චීනයේ වූහාන් ප්‍රදේශයෙන් මුලින්ම වාර්තාවූණු මේ වෛරසය වසංගතයක් ලෙස චීනයේ ජීවිත බිලගන්නා විට චීනයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් විශේෂිත ගුවන් යානයකින්

මෙරටට ගෙන්වා ගන්නට ජනාධිපති තුමා කටයුතු කිරීමත් ඒ ගෞරව ආදරයට හේතුවක්. ඉතාලියට අයත් එම් එස් සී මැග්නිෆිකා ර්ඉඛ් ර්චඨදඪටඪජච නමැති සුඛෝපභෝගී මගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියකු වන අනුර හේරත් තරුණයා

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මගින් තමන්ට ශ්‍රී ලංකාවට ගොඩබසින්නට අවසර ලබා දෙන ලෙස ඉල්ලීය. එය මෙරට සමාජමාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ අතර රූපවාහිනී නාළිකා ගණනාවකම විකාශය විය. මේ පිළිබඳව ගරු ජනාධිපති තුමාගේ අවධානය යොමුවූ අතර, ඒ අනුව පසුගිය 06 වැනිදා පෙරවරුවේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු මැදිහත්වීමෙන් අනුර බණ්ඩාර මහතාට

මවුබිමට ගොඩ බසින්නට අවස්ථාව උදාවිය. මෙම තරුණයා නිසි ක්‍රමවේදයන්ට අනුකූලව පූර්ණ විෂබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව දින 21 ක පූර්ණ නිරෝධායනයක් සඳහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යැවිණි.

මවු බිමට පා තැබු මොහොතේ ශ්‍රී ලාංකික සූපවේදි අනුර හේරත් මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයාගේ පූර්ණ මැදිහත් වීම මත තමාට ලංකාවට පැමිණීමට හැකි වු බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහිදී විශාල වෙහෙසක් ගනු ලැබු බවත් පැවසු ඒ මහතා, තමාව ඉතා ආරක්ෂාකාරි ලෙස ඔවුන් ගොඩබිමට ගෙන ආ බවත් පැවසීය.

මේ රටේ මාධ්‍ය තමාට විශාල මෙහෙවරක් ඉටු කළ බවත් පැවසු ඒ මහතා, සියලු දෙනාටම ස්තූතිවන්ත

වන බවද කියා සිටියේය.

එසේම ශ්‍රී ලාංකේය අපගේ මනුෂ්‍යත්වයෙන් පිරි හදවත් පිළිබඳව ලෝකයාගේම හදවත් කම්පනයට පත්කරවීමට සමත් සිදුවීමක් ද ඒ සමඟම සිදුවිය. ඒ මේ නෞකාවේ සිටි රීස්මෙරි මාග්‍රට් නම් වූ 75 වියැති ජර්මානු ජාතික හදවත් රෝගී කාන්තාවක්ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කිරීමයි.

ශ්‍රී ලංකාව අත්තර් ජාතික නීතියට සහ සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව වග කියන සොයා බැලීමේ සහ මුදවා ගැනීමේ කලාපය (ඉඒඅඅ) තුළ අනතුරට හෝ හදිසි තත්වයන්ට මුහුණ පාන නෞකාවන් සඳහා ආධාර කිරීමේ වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත.

එසේ නමුත් දැනට ලෝකය පුරා පවතින සෞඛ්‍යමය තත්ත්වය මත වගකීමටත් එහා ගිය මානුෂීයත්වයකින් මෙම රෝගී වූ කාන්තාව ගොඩ බිමට රැගෙන ඒමට නාවික හමුදාධිපති වරයා සෘජුව මැදිහත්වී ඇති අතර මෙහිදී සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයක් තුළ කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්යය සාධක බළකායේ

නියමයන්ටද අනුකූල වන ආකාරයට ගොඩබිමට රැගෙන ආ මේ කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. එසේ කටයුතු නොකළා නම් ඇතැම් විට ඇගේ ජීවිතයට අනතුරක් වීමටද ඉඩ තිබිණි. ඒ මේ නෞකාවට ලොව කිසිදු රටක වරායකට ඇතුළු විමට අවසර ලැබී නොමැති නිසා එය කෙලින්ම ඉතාලිය බලා ගමන් කළ යුතු වීමයි. ඒ සඳහා දින 15ක් පමණ ගතවන අතර ඒ අතර ඇයට නිසි ප්‍රතිකාර නොලැබී යා හැකි නිසාය.

ඇයට ප්‍රතිකාර කරන්නට ඉදිරිපත් වූයේ ආගන්තුක සත්කාර පිළිබඳව ලොව ඉහළම ප්‍රසාදයක් දිනා සිටින අප කිසිදා විපතකට පත් ලොව ඕනෑම අයකුට පිහිට වන්නට මැලි නොවන රටක් නිසාය.