Slow ෆෝන් එකේ Speed වැඩිකර ගන්නේ කොහොම ද?

ජුනි 6, 2022

 

මොබයිල් ෆෝන් එක නිතර නිතර ස්ලෝ වෙන එක වගේම ස්ටක් වෙන (හිරවෙන) එකත් බොහෝ අයට ගැටලුවක්. පසුගිය සතියේදී ඒ පිළිබඳ කතා කළා ඔබට මතක ඇති.

 

ෆෝන් එකේ ඇතිවන එවැනි ගැටලුවලට ලබාදිය හැකි තවත් විසඳුම් කිහිපයක්ම තිබෙනවා. මෙවර ලිපියෙන් ඒ පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගත හැකියි.

ෆෝන් එක ස්ලෝ (Slow) වෙන එකට වගේම හිරවෙන (Stuck වෙන) එකට අනවශ්‍ය ඇප්ස් ඉවත් කිරීම, ජන්ක් ෆයිල් සොයා ගෙන ඒවා මකා දැමීම සහ විජට්ස් අයින් කිරීමට අමතරව තවත් කළ හැකි දේ තිබෙනවා.

 

Lite ඇප්ස් දාගන්න

දැන් බර වැඩි apps වල lite apps play store එකට ඇවිත් තිබෙනවා. බර වැඩි app නිසා දුරකථනය slow වෙනවා නම් ඔබට පුළුවන් ඒ වෙනුවට facebook lite, messenger lite, opera mini වැනි ලොකු ඇප් එකේම බර අඩු වර්ගයෙන් එකක් install කර ගන්න. viber, whatsapp, imo වැනි app වල නිතර images, audio සහ document share වෙන නිසා ඒවා gallery save වෙන්න පුළුවන්. එයත් දුරකථනයේ storage එකට බලපානවා. එහිදී ඔබට අවශ්‍ය නම් ඔබට ආ whatsapp photos, video, audio යම් කාලසීමාවක් ඇතුළත automatically delete වීමට සැකසිය හැකියි. එවිට gallery තුළ save වීමක් ද සිදු නොවේ. ඒ සඳහා settings - privacy ගොස් default message timer වෙත පිවිසෙන්න.

 

ඇනිමේෂන් disable කරන්න

ෆෝන් එකේ apps open වෙද්දී close කරද්දි උඩට පහළට යමින් animate වෙනවා. මේවා කරද්දී ග්‍රැෆික් ප්‍රොසෙස් කරන්න ෆෝන් එකට ටිකක් බර අදින්න වෙනවා. animation වලින් එතරම් ප්‍රයෝජනයක් නැති නිසා ඉවත්කර දාන්න පුළුවන්. settings - about phone ගිහින් build number එක උඩ හත් අට පාරක් ටච් කරන්න. එවිට 3 - 2 - 1 යනුවෙන් count down එකක් යනවා.

 

කෑෂ් clear කරන්න.

ෆෝන් එක කාලයක් පාවිච්චි කරද්දී ලොකු කෑෂ් (cache) එකක් හැදෙනවා. ඒ අපි ෆේස්බුක් එකේ පින්තූරයක් බලද්දී එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙලා තමයි පෙන්නන්නේ. යූටියුබ් බලද්දිත් එහෙමයි. මෙහෙම ෆයිල් ගොඩ ගැහුණාම ෆෝන් එක කාලයක් යද්දී ස්ලෝ වෙනවා. මේවා අයින් කරන්න settings - storage ගිහින් එතැන cache ක්ලික් කරලා එතැනින් clear කරන්න පුළුවන්. එහි ඇප් එකක විතරක් clear කරන්න අවශ්‍ය නම් settings - apps වලින් අවශ්‍ය app එක තෝරලා storage clear කරන්න.

 

අන්තිම තුරුම්පුව Factory Reset

මේ හැමදේම කළාට පස්සෙත් වැඩේ ගොඩයන පාටක් නැත්නම් කරන්න තියෙන එකම දේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම අලුතෙන් ගත්ත ගාණට Reset කරලා දාන එකයි. නමුත් කල්පනාවෙන්. මෙහෙම කරද්දි ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම ඇප්ස්, ඔබේ Settings වගේ හැමදේම මැකිලා යනවා. Google හෝ Gmail පාස්වර්ඩ් එක එහෙම මතක නැත්නම් මේක කරන්න කලින් ඒකත් මතක් කරගන්න හෝ Reset කරගන්න එක නුවණට හුරුයි. ෆෝන් එකේ ඔක්කොම ෆයිල්, ෆොටෝස් බැකප් කරගෙන Settings - Backup and Reset ගිහින් එතැනින් Factory Data Reset කළවිට ෆෝන් එක Restart වෙලා විනාඩි 10ක් 15ක් විතර ගතවූ විට ෆෝන් එක ගත්ත මුල් කාලේ වගේ තියේවි.

 

අලුත් ෆෝන් එකකට යන්න කාලේ හරි

ෆැක්ටරි ඩේටා රීසෙට් කළ පසු, නැවත apps ටික දාගත්තම ආයෙත් Slow වෙන්න, Stuck වෙන්න ගත්තොත් තේරුම් ගන්න තියෙන එකම දේ තමයි ෆෝන් එකේ ආයු කාලය ඉවරයි කියන එක. එක්කෝ හාඩ්වෙයා ගැටලුවක්. කැමරා ඇප් එක Open නොවෙනම් එය Camera එකේ ගැටලුවක්. එහෙමත් නැත්නම්, ෆෝන් එකේ රැම් එක, ප්‍රොසෙසරේට අලුතෙන් එන ඇප්ස් Handle කරන්න දැන් හැකියාවක් නැති බව වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කොහොමටත් ෆෝන් එකක හොඳම වේගයක් දරන්න පුළුවන් කාලය විදිහට හඳුන්වන්නේ අවුරුදු 3ක් පමණයි. මුලින් සඳහන් කළ විසඳුම්වලට අනුව කටයුතු කළොත් අවුරුදු 4ක් විතර ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පසු කරන්න තියෙන හොඳම විසඳුම අලුත් ෆෝන් එකකට යන එක තමයි. මේ කාලෙත් එක්ක අලුත් ෆෝන් එකක් මිල දී ගන්නවා කියන්නේ මුදල් පසුම්බියට දරන්න තරමක් අපහසු දෙයක්. ඒ නිසා තරමක් මිලෙන් අඩු ස්මාර්ට් දුරකථනයකට යන එක ගැටලුවක් නොවෙයි.

 

 

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශ්‍රී ලංකා යොවුන්

සේනාංකයේ

පරිගණක උපදේශක