වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
මිනිස් හඬින් කතා කරන සතුටු කොකටුවෝ

මිහිරි කුරුලු ගී නාදයෙන් පිරි පරිසරයක ජීවත්වීමට අකැමැති කවුරුන්ද? සිතේ කැමැත්ත වැඩිකමටම ඔබත් නිවෙසට කුරුලු සුරතලකු මේ වනවිටත් කැන්දාගෙන ඇති. හැබැයි ඒ විදිහට කැන්දාගෙන ආ කුරුලු පොඩිත්තාව හරි විදිහට බලාගන්න නම් හිතන්න ඕෙන කරුණු කාරණා ගොඩක් තියෙනවා. මේ වගේ සුරතලෙක් ගෙදර ඉන්නවා කියන්නෙම මනසට ගෙනෙන්නේ හරිම සුවදායක හැඟීමක්. තව අතකින් දඩබ්බර වැඩවලින් දරුවා මුදවා ගැනීමට ද මෙය කදිම උපක්‍රමයක්.
අද අපි කතා කරන්නේ ගෙදර හදන්න පුළුවන් තවත් අපූරු කුරුලු විශේෂයක් ගැන. එයාලව හඳුන්වන්නේ ඩුක්රොප් කොකටු (Ducrop's Cockatoo) නමිනි. Solomons corella යන විද්‍යාත්මක නාමයෙන් මේ කුරුලු වර්ගය හඳුන්වයි. සොලමන් දූපත්වල වගේම පැපුවානිව්ගිනියාවල ඝන වනාන්තර ආශ්‍රිතව මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි.
මොවුන් කොකටු විශේෂයට අයත් වේ. මතුපිට ශරීරය සුදු පැහැතිය. පියාපත් යට කොටස කහ පැහැතිය. ඇස් වටා සහ හොටය ළා නිල් පැහැතිය. හිස උඩ ප්‍රදේශය රුවල් ලාංඡනයකට සමානයි. එය බොහෝ දුරට පිහිටා තිබෙන්නේ අනෙක් සතුන් බයකොට යටත් කර ගැනීමටය. ඒ නිසා ඩුක්රොප් කොකටුවන් මෙය උපක්‍රමයක් ලෙස යොදා ගනියි.
දිගින් අඟල් 13 - 14ක් වන තෙක් වැඩෙයි. ග්‍රෑම් 500 - 630ක බරකින් යුක්තයි. අවුරුදු 3 සිට ප්‍රජනන කාලය ඇරඹේ. වරකට බිත්තර 4 - 5ක් පමණ දමනු ලබයි. බිත්තර සුදු පැහැතිය. දින 25කින් පමණ බිත්තරවලින් පැටවුන් එළියට පැමිණෙයි. ආයු කාලය වසර 65ක් පමණය. කුඩා රංචු වශයෙන් ජීවත් වීමට මොවුන් වැඩි ප්‍රියතාවක් දක්වයි.
නිදැල්ලේ සිටින ඩුක්රොප් කොකටුවන් පලතුරු වර්ග, ඇට වර්ග, බෙරි වර්ග සහ බීජ වර්ග ආහාරයට ගනීයි. සාමාන්‍යයෙන් ඕනෑම කුරුලු වර්ගයක් උදෑසනම ආහාර සඳහා කූඩුවලින් පිටත් වෙයි. ඒ නිසා සුරතලයට ඇති කරන කුරුල්ලන්ට ද උදෑසන 6 වන විට ආහාර ලබා දීම කළ යුතුය.
මේ වර්ගයේ කුරුල්ලන්ට කඩල, කවුපි තම්බා දිය හැකියි. ඒ වගේම සූරියකාන්ත ඇට සහ බඩඉරිඟුවලටත් ඔවුන් ප්‍රිය කරයි. ඊට අමතර පලතුරු වර්ග ලබා දිය යුතුයි. ෆැෂන් ෆෘට්ස් කියන්නේ අනිවාර්යෙන්ම ලබා දිය යුතු පලතුරක්. කුරුල්ලන් සඳහාම සැකසුණු ආහාර දෙන්නත් පුළුවන්.
අලිගැටපේර කියන්නේ මේ කුරුලු වර්ගයට ඉතාම හානිදායක පලතුරක්. අලිගැටපේර මේ කුරුලු වර්ගයට පමණක් නොවෙයි කිසිම කුරුලු වර්ගයකට සුදුසු නොවේ. අලිගැටපේර ආහාරයට ගත්තොත් විනාඩි 5ක් ඇතුළත මිය යා හැකියි. ඒ වගේම චොකලට් වැනි පැණි රස දේවල්, තෙල් සහිත ආහාර සහ ලුණු සහිත ආහාර සුදුසු නැහැ. මේ කුරුලු වර්ගයට ලෙඩ රෝග ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා. මිනිසුන්ගේ වගේම වෙනත් සතුන්ගේ ශබ්ද අනුකරණය කිරීමට විශේෂ හැකියාවක් මොවුන් සතුය.
මේ වර්ගයේ කුරුල්ලෙක් ගෙදර හදනවානම් හොඳට දැනුමක් තියෙන කෙනෙක් පමණක් මේ කුරුලු වර්ගය තෝරා ගැනීම සුදුසු ය. මොකද නොදන්න කෙනෙක් මේ වගේ කුරුල්ලෙක් තෝරා ගැනීම එතරම් සුදුසු නැහැ. ඩුක්රොප් කොකටුවන් ඉක්මනින්ම ආතතියට පත්වීම එයට හේතුවයි. ඉතින් ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ මේ වගේ කුරුල්ලෙක් හදද්දී. ඔවුන් මිත්‍රශීලීය. හැබැයි ඒ වගේම කේන්තිකාරයන්. මොකද කොකටු විශේෂ කියන්නේ කොහොමත් කේන්ති ගන්න හරි ප්‍රසිද්ධයි.
ඩුක්රොප් කොකටුවෙක් දරුවෙක් එක්ක වැඩෙන්න හදනවා නම් කුඩා කාලයේ ඉඳලම ගෙදර හදා හුරු කර ගත් කුරුල්ලෙක් නම් ඉක්මනින් මිත්‍රශීලි වේවී.
හැබැයි වැඩුණු කුරුල්ලෙක් දරුවෙක් එක්ක තියෙන එක සුදුසු දෙයක් නොවේ. මොකද මේ කුරුලු වර්ගය ඉතා ඉක්මනින් කේන්ති ගන්නා නිසා එය හානිදායක වේවී.
ඩුක්රොප් කොකටුවන් අතට හුරු කරගත්තට පස්සේ අඩි 5ක් උස 4ක් පළල කුඩුවක් ඔවුන් සඳහා ප්‍රමාණවත්. පැටවු ගන්න බලාපොරොත්තුවෙන් කුරුල්ලෝ දෙන්නෙක් එකට හදනවා නම් දිගින් සහ පළලින් අඩි 6ක කූඩුවක්වත් අවශ්‍යයි. පොළව මට්ටමේ සිට අඩි 4ක්වත් උඩින් තියෙන්න ඕනේ. මෙයාලව පහළ මට්ටමෙන් තියන එක එතරම් සුදුසු නැහැ.
ඩුක්රොප් කොකටුවන් සමඟ දවස ගත කිරීම හිතට සැහැල්ලුවක් ගෙන දෙන්නකි. විශේෂයෙන්ම ආතතිය වැනි මානසික තත්ත්වයන්ගෙන් මිදීමට මෙය කදිම මාර්ගයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.
උපදෙස් -
දිල්හානි වෙඩික්කාරගේ