වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
ලෝකෙට ආ අලුත් ට්‍රෙන්ඩ්ස්

අලුත් ෆැෂන් ට්‍රෙන්ඩ්ස් එනව වගේම පරණ ෆැෂන් ට්‍රෙන්ඩ්ස් කාලයත් සමඟ අප්ඩේට් වෙලා, පෙරළියක් සහිතව ක්ලැසික් ස්ටයිල්ස් වෙලා නැවත නැවත කරළියට එනවා. ඉතින් ඇඳුම් විලාසිතා කියන්නේ ඒ විදිහට දවසින් දවස වෙනස් වෙන දෙයක්. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන මේ විලාසිතා ප්‍රවණතාවය සමඟ ඔයාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලයත් ඒ කාලයට ගැළපෙන්න අප්ඩේට් වෙන්නම ඕනේ. විලාසිතා ක්ෂේත්රයේ ප්‍රවීණයන් පවසන අන්දමට මේ වසරේ ෆැෂන් ට්‍රෙන්ඩ්ස් ගිය වසරට වඩා ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අද තරුණී තිළිණ කරන්නේ මේ දිනවල කවුරුත් කතා කරන අප්ඩේට් විලාසිතා කිහිපයක්.
වික්ටෝරියන් අත් සහිත ඇඳුම්
මෙම විලාසිතාව මඟින් සිහින් ඉණෙහි පෙනුම සිහින් කරලා පෙන්වනවා. ඒ වගේම ඔයා කෙට්ටු යුවතියක් නම් ඔයාගේ සිරුරේ කෙට්ටු පෙනුම ටිකක් අඩු කරලා ශරීරයට පිරුණු බවක් ඇති කරන්නත් මේ ඇඳුමට පුළුවන්.
මැක්සි ඩෙනිම් සාය
මේ ඩෙනිම් ස්කර්ට් එක සුදු හෝ දුඹුරු පැහැති බොත්තම්වලින් හැඩගන්වා ඇති අතර ඩෙනිම් කමිසයක් හෝ සුදු හෝ කළු පැහැති බ්ලවුස් එකක් එක් කර අඳින්න පුළුවන්. ඊට අමතරව ජැකට් හෝ ලෙදර් ජැකට් එකක් සමඟ එකතු කර ගැනීමෙන් ලස්සන වැඩි කර ගන්න පුළුවන්.
ජම්ප් සූට්
අද කාලයේ හැමෝම අතරේ කතාබහට ලක් වෙන අපි අතර ජනප්‍රිය විලාසිතාවක් තමයි මේ. ඔයාගේ ගෙදරත් ජම්ප් සූට් එකක් නැති වෙන්න විදිහක් නැහැ. සාමාන්‍ය සිරුරක් තියෙන යුවතියන්ට මේ ජම්ප් සුට් විලාසිතාව හොඳින්ම ගැළපෙනවා.
ප්ලීට් ඇඳුම්
මේ ස්කර්ට්, ගවුම්, ටොප්ස්වල කුඩා කුඩා රැලි විදිහට තමයි දකින්න ලැබෙන්නෙ. ඉණ හැඩ කරලා පෙන්වනවා. ක්ලැසික් ලුක් එකක් ගෙන දෙනවා.
විශාල රන් පැහැති ආභරණ
අද කාලයේ මාලවලට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. මාල පැලඳීම මෑත කාලයේදී කැපී පෙනෙනවා. පාටියකට, මිතුරු හමුවකට හෝ ඔෆිස් එකට යන කොට මේ මාලය අමතක කරන්නම බැහැ. තරමක් පිරිපුන් යුවතියකට වගේම දිගු ගෙලක් තියෙන කෙට්ටු යුවතියකටත් මේ මාල විලාසිතාව හොඳින් ගැළපෙනවා.