බලශක්තිය කළමනාකරණය කරගෙන ගමන්බිමන් යමු

ජුනි 30, 2025

 

මෙලෙසින් ගෙවෙන්නේ බලශක්ති කළමනාකරණය අත්‍යවශ්‍යම යුගයකි. මැදපෙරදිග රටවල මේ දිනවල පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමඟින් එය තවදුරටත් පසක් වනු ඇත. බලශක්ති කළමනාකරණයේදී ගමනාගමනය සඳහා වැයවන බලශක්තිය පිළිබඳව නොකියාම බැරිය.

 

ගමනාගමනය සඳහා වන බලශක්ති කළමනාකරණය ජාතික මට්ටමෙන් මෙන්ම සාමාන්‍ය මට්ටමෙන් වුවද කළ හැකි දෙයකි. පළමුව කළ යුත්තේ ගමනාගමනය සඳහා වන අවශ්‍යතාවන් සීමාසහිත කිරීමයි.

ඇප් එකක පිහිට

එදා සියලු අවශ්‍යතාවන් සඳහා නගරයට පැමිණීම සිදුකළත් අද වන විට ජංගම දුරකතනය හරහා එවැනි ගමනාගමනයන් හැකි තරම් සීමා කිරීමට අවශ්‍ය පසුබිම සැකසී තිබේ. කරන්ට් බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල ගෙවීමට යෑම ඇතුළු බොහෝ අවශ්‍යතාවන් ජංගම දුරකතනයේ ඇප් මගින් සිදු කිරීමට අවකාශය ඇත.

සතියකට වරක් නිවෙසට අවශ්‍ය බඩු බාහිරාදිය ලබා ගැනීමට සැලසුම් කළ යුතුයි. එයද නිවෙසේ දරුවකු පෞද්ගලික පන්ති සඳහා සහභාගි වන්නේ නම් දරුවාව පන්තියට දමා බඩු බාහිරාදිය ගැනීම සඳහා කාලය යොදා ගැනීම වැදගත් වෙයි. මෙහිදී කාලය කළමනාකරණය වනවාසේම ගමනාගමනය සඳහා වැය වන මුදලද අඩුවේ. පෙට්‍රල් ඩීසල් භාවිතය මෙහිදී තරමක් අඩු වෙන නිසා බලශක්ති කළමනාකරණයට ඔබත් නොදැනුවත්වම දායකවෙයි.

නිවෙසේ මෝටර් රථයක්, මෝටර් බයිසිකලයක් දෙකක්ම ඇත්නම් ඉහත කී අවශ්‍යතා මෝටර් බයිසිකලයෙන් කළ හැකිනම් ඔබ භාවිත කළ යුත්තේ මෝට බයිසිකලයයි. එවිට බලශක්ති කළමනාකරණය නිරායාසයෙන්ම සිදුවේ.

පොදු ප්‍රවාහන සේවය භාවිතය

රැකියා කටයුතු සඳහා පිටත්ව යෑමට බස් රථය හෝ දුම්රිය යොදාගැනීම පහසු කටයුත්තක් නම් එය විකල්පයක් ලෙස තෝරා ගැනීම සුදුසු වේවි.

විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිත කරන්න

*කෙටි දුර සඳහා ඇවිදීම හෝ බයිසිකල් පැදීම - එය ශුන්‍ය ශක්තියක් සහ සෞඛ්‍ය සම්පන්නයි.

*පුද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහනය (බස් රථ, දුම්රිය) භාවිත කරන්න.

*කාර්යක්ෂමව ධාවනය කර තිරිංග වළක්වා ගන්න.

*ස්ථාවර වේගයක් පවත්වා ගෙන අධිවේගී මාර්ගවල ගමන් කරන්න

ඔබේ වාහනය නඩත්තු කරන්න

*ටයර් නිසි ලෙස තබා ගන්න - අඩු පීඩනය ඉන්ධන නාස්ති කරයි.

*නිතිපතා එන්ජින් සුසර කිරීම් කරන්න. බලශක්ති කාර්යක්ෂම වාහන භාවිත කරන්න.

*ඉන්ධන කාර්යක්ෂම මෝටර් රථ හෝ දෙමුහුන්/විදුලි වාහන (EV) තෝරන්න.

ඉලෙක්ට්‍රික් වාහන භාවිතයෙන්ද යම් ලෙසකින් බලශක්ති කළමනාකරණයක් සිදුවේ.

හයිබ්‍රිඩ් වර්ගයේ වාහන භාවිතය ද ඒ සඳහා වන විකල්පයකි. වාහන මිලදී ගැනීමේදී බලශක්ති කළමනාකරණය ගැනද ඔබට සිතන්නට පුළුවනි.

මෝටර් රථයේ ගමන් කරද්දි වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කරද්දීද ඔබට යම් බලශක්ති කළමනාකරණයක් සඳහා දායක වීමට අවස්ථාව තිබේ.

 

බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ ලේබලයක්

ඉදිරියේදී මුළුතැන්ගෙයි ඇතුළු නිවෙසේ භාවිත කරන ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා කාර්යක්ෂමතාව සඳහන් කළ ලේබලයක් හඳුන්වා දෙන්නා මෙන් බලශක්ති කාර්යක්ෂමතාව ඇතුළත් කර ලේබලයක් හඳුන්වාදීමට සුනිත්‍ය බලශක්ති අධිකාරිය සූදානම් වේ.

 

 

උප⁣දෙස් :

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ

(පද්ධති සහ සැලසුම්)

ඉංජිනේරු පී. එස්. මල්දෙණිය