හිසකේ වැටීමට හොඳම විසඳුම පේර කොළෙන්

ඔක්තෝබර් 16, 2019

පේර අපේ දත්වල ශක්තිය මනින හොඳම මිනුම් දණ්ඩකි. එපමණක් නොව එය පෝෂණ බලාගාරයකි. ඒ , ඛ්, විටමින් ඕ කාණ්ඩ, කැල්සියම්, තඹ, යකඩ, මැග්නීසියම්, මැංගනීස්, පොස්පරස්, පොටෑසියම්, සිලේනියම්, සින්ක් යන ක්ෂුද්‍රපෝෂක, ප්‍රෝටීන සහ ඇමයිනෝ අම්ල අඩංගුය.

බර අඩු කිරීමට වැඩි දෙනෙක් වෙහෙස දරන මේ වගේ කාලයක පේර ගෙඩියක් රස බැලීමෙන් කුස පුරවා ගෙන අඩුවක් නැතිව පෝෂණය ද ලබා ගෙන, බර අඩු කර ගත හැකිය.

දියවැඩියා රෝගීන්ට ද පේර සුබ ආරංචියක් රැගෙන එයි. පේර රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව තබා ගැනීමට ආධාර වීම ඊට හේතුවයි. දෙනෙතේ සුව සෙත රැක ගැනීමට ද විටමින් ඒ උපකාරී වෙයි. දොඩම් ගෙඩියකට වඩා විටමින් ඛ් ප්‍රමාණයක් මෙහි අඩංගුය. තඹ තයිරොයිඩ් ග්‍රන්තියේ නීරෝගී භාවයට අත්‍යවශ්‍යය. පේර තඹ සිරුරට ලබා ගත හැකි හොඳම මඟකි. මලබද්ධයෙන් පීඩා විඳීන්නන්ට කෘතිම මල පිටකරන ඹෟෂධ ගන්නවාට වඩා පේර ගෙඩියකින් අතුරු ආබාධයක් නැතිව සහනයක් ලද හැකිය. දිනපතා ගම්මිරිස් සහ ලුණු සමඟ දිනපතා පේර ගෙඩියක් කෑමට ගන්න.

දත්වල ශක්තිය පමණක් නොව මොළයේ ස්නායු පද්ධතිය සවිමත් කිරීමට ද ‍එමඟින් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට ද පේර උපකාරී වෙයි.

පේර ගෙඩියේ පමණක් නොව පේර කොළයේ ද ප්‍රතිඔක්සිකාරක, දිලීර, බැක්ටීරියා නාශනය කරන ගුණය ඇති නිසා අත් බෙහෙත් ලෙස යොදා ගනී. හිසකේ ගැලවී යාමට පේර කොළ කදිම විසඳුමකි. දෝත පිරෙන්න පේර කොළ අරගන්න. ජලය ලීටරයක මිනිත්තු විස්සක් ඒවා තම්බාගන්න. කාමර උෂ්ණත්වයට එය සිසිල් වන්නට

හැර පේර කොළ පෙරා ගන්න. පෙරා ගත් ජලය කොටස හිස් කබලේ ගල්වා පැය දෙකකට පසු සෝදා හරින්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් හිසකෙස් ඔපවත් වෙයි. ශක්තිමත් වෙයි. සුදු වීම පමා වෙයි.

පේර කොළ තම්බා ගත් ජලය ( පේර කොළ තේ ) දියවැඩියාව පාලනයට උපකාරී වන්නේ රුධිරයේ සීනි මට්ටම අඩු කරමිනි.

එපමණක් නොව අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමේ ගුණයක් ද මෙහි පවතී. පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා වළක්වන ආමාශයේ පිළිකා සෛල මර්දනය කරන ගුණයක් ද මෙහි පවතී. ඩයරියා තත්ත්වය ඇතිවුණ විට පේර කොළ ග්‍රෑම් 30 ක් හාල් මිටවල් දෙකක් පමණ වීදුරු දෙකක ජලය ප්‍රමාණයක තම්බා දිනකට දෙවරක් තම්බා ගන්න. පීනස, ඇදුම වැනි අසාත්මිකතා ඇති අයට උණෙන් පෙළෙන අයට මෙය ගුණ දායක පානයකි.කුරුලෑ ,බ්ලැක්හෙඩ් ඇත් නම් පේර කොළ තලා ඒ මත තබා වියළෙන්නට හැර සෝදා හරින්න. දිනපතා එසේ ගල්වන්න. සමේ කැසීමක් ඇති විට පේර කොළ තලා තැබීමෙන් සහනයක් ලැබේ. පේර ගෙඩියේද පිළිකා නාශක ගුණය පවතී. විශේෂයෙන්ම පියයුරු පිළිකා, පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා, මුඛයේ පිළිකා මර්දන ගුණයක්

පවතී. පල්පයක් මෙන් සාදාගත් පේර කොළ වේදනාකාරී ඉදිමුණු සන්ධිවල ගල්වන්න. කොන්දේ වේදනාවට කොඳු නාරටියේ ගල්වන්න. සමට සුසිනිදු ඔපවත් බවක් එක් කිරීමට සමේ මියගිය සෛල ඉවත්

කිරීමට ඉදුණු පේර ගෙඩියේ මාංසල කොටසට බිත්තර කහ මද එක්කර මුහුණේ ගල්වන්න. සම‍ට සුදු පැහැයක් ද එක්වෙයි. සම වියපත් වීම පමා කරයි.

රතු පේර ( රතු මදයක් ඇති පේර ) අනෙක් පේර වර්ගවලට වඩා ගුණදායකය. හිරු එළියෙන් සම රැක ගැනීමට වැඩිපුර කෑමට ගත යුත්තේ රතු පේරය. එදිනෙදා හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, වෙහෙස, සිරුරේ වේදනාව ඇති අයට පේර ගෙඩියක් සැපීමෙන්, පේර තේ බීමෙන් වේදනානාශකයකට වඩා සහනයක් ලද හැකිය.

කුස ගින්න ඇති විට පිටි කෑමක් ආහාරයට ගැනීමට වඩා පේර ගෙඩියක් රස බැලීම මොනතරම් වටිනවාද ?

 

2019/10/16 තරුණි බලන්න