නීරෝගි සුන්දර දරු සම්පතක් සෑම මවකගේ ම සිහිනයයි

නීරෝගි සුන්දර දරු සම්පතක් අපේක්‍ෂා කරන සෑම යුවලක්ම දැනගත යුතුම කරුණු රැසක් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්‍ෂ මහතාගෙන්
නොවැම්බර් 15, 2021

 

 

රෝගී දරුවකු. අසම්පුර්ණ දරුවකු, ලේ පිළිකා නැතහොත් වෙනයම් පිළිකාවක් ඇති දරුවකු හෝ වර්තමානයේ බහුලව පවතින ඔටිසම් හෝ මන්ද බුද්ධික දරුවකු බිහිකිරීම තරම් මව්පියන්ට වෙදනාකාරී

අත්දැකීමක් මේ මිහිපිට තවත් නැත. එවන් වූ අසහනකාරී වේදනාත්මක අත්දැකීමකට මුහුණදීම, අප සිදුකළ අකුසල කර්මයක් ලෙස පෙර හැදින්වුවද නූතන තාක්‍ෂණය හා විද්‍යාත්මක දැනුම මේ සියලු අභියෝගයන් පරදවා, දරු පිළිසිඳ ගැනීමකට පෙර සිටම නිවැරැදි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් ඉතාමත් සුන්දර නීරෝගි දරුපැටවකු ලබාගැනීමට සහප්‍රීතිමත් අනාගතයක් ලගාකරගත හැකිබව වෛද්‍ය විද්‍යාත්මකව සනාථකර ඇත.

*දරු පිළිසිඳ ගැනීමක් නීරෝගි දරු පිළිසිඳ ගැනීමක් වන්නේ කෙසේද?

දරු පිළිසිඳ ගැනීමක් නීරෝගි පිළිසිඳ ගැනීමක් වන්නට නම් ඒ කාන්තාව (පුද්ගලයා) නීරෝගි වන්නට ඕන. එලෙස නීරෝගි ද බලන්න කරන්න පුළුවන් දේවල් ගොඩක්තිබෙනවා. මුල්ම දේ තමයි කෙනෙක් දරු ප්‍රසූතියකට සූදානම් වෙනකොට තමන් තුළ තිබෙන ලෙඩ රෝග මොනවද කියලා වෛද්‍යවරයකුට කියලා හඳුනා ගන්න ඕන.එය තමන්ගේ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් දැනගන්න පුළුවන් දෙයක්. රුධිර පීඩනය :ඊඛධධෘ ඡඍෑීඹඍෑ*, තමන්ගේ තිබෙන ලේ ප්‍රමාණය :ත්‍ඹඛඛ ඊඛධධෘ

ඣඹභඔ*, හීමොග්ලොබින් ප්‍රමාණය බලාගන්න ඕන. මොකද නිරක්තියෙන් පෙළෙනවා නම් එහෙම මවක් දරුපිළිසිඳ ගැනීමකට නීරෝගි වෙන්නෙ නැහැ. තැලසීමියාව,තයිරොයිඩ් ඌනතාවයෙන් පෙළෙන අය ඉන්නවා නම් ඒ අයට ඔී්‍ය කියන පරීක්ෂණය කරලා අවශ්‍ය තයිරොක්සින් ප්‍රමාණය දැනගෙන ඒකට ප්‍රතිකාර ගන්නපුළුවන්. තව පරීක්ෂණ කරලා හෘදයේ ක්‍රියාකාරිත්වය බලලා වෛද්‍යවරයාට පවසන්න පුළුවන් ඔබට ගැටලුවක් තිබෙනවාද නැද්ද කියන එක.

ඊ ළඟට වැදගත් වන්නෙ අපිට ලෙඩ රෝග හැදෙනවාට අප තුළ ප්‍රතිශක්තිය තිබෙනවාද කියන දේ දැනගන්න එක. ජර්මන් සරම්ප හැදුණොත් බබෙක් ඉන්න කොටබබාට ගොඩක් ඌනතා ඇතිවෙන්න පුළුවන්. සංජානනීය ආබාධ ඇතිවෙන්න පුළුවන්. කන් ඇසෙන්නේ නැතිවෙන්න, ඇස් පෙනීම නැතිවෙන්න පුළුවන්. ඒ නිසා ජර්මන්සරම්ප වලට ප්‍රතිශක්තිය ගැනීම ඉතාම වැදගත්. රුබෙල්ලා ත්‍ටඨ කියන මේ පරීක්ෂණය කරපුවාම ඒකෙ අගය 10ට වැඩිනම් වෛද්‍යවරයා දන්නවා ඒ තැනැත්තියට රුබෙල්ලා වලට ප්‍රතිශක්තිය තිබෙනවා කියලා. ප්‍රතිශක්තිය නැතිකෙනෙක් නම් අනිවාර්යයෙන්ම රුබෙල්ලා එන්නත හෝ ඵඵඍ එන්නත යන දෙකෙන් එකක් ගන්නටම ඕන. රුබෙල්ලා ඵඵඍ කියන එන්නත ගත්තොත් මාස තුනක කාලයක් බබෙක් සාදා ගැනීම එතරම් සුදුසු නැහැ. පැපොල රෝගය හැදිලා තිබෙනවා නම් කෙනකුට ජීවිත කාලය

පුරාවටම ප්‍රතිශක්තිය තිබෙනවා. එහෙම නැත්නම් පැපොල රෝගයටත් දැනට ප්‍රතිශක්තිකරණය ගන්නට පුළුවන්. මුල සති 20 කාලය තුළ පැපොල රෝගය හැදුණොත් බබාට අසාමාන්‍යතා ඒමේ සියයට එකක ප්‍රවණතාවයක් තිබෙනවා.

අලුත්ම එක තමයි ළඟදී අපට ආව කොරෝනා වෛරසය. අනිවාර්යෙන්ම මවක් වෙන්න බලාපොරොත්තු කෙනෙක් නම් කොරෝනා වලට ප්‍රතිශක්තිය ගත යුතුමයි. එන්නත වර්ගය ප්‍රශ්නයක් නැහැ. කුමනහෝ එන්නතක් ගැනීම තමයි කළ යුත්තේ. එහෙම අරගත්තට පස්සේ විශේෂ කාලසීමාවක් නැහැ බබෙක් හදාගන්න. අපි මුලින් කිව්වානෙ ඵඵඍ අරගත්තට පස්සේමාස තුනක් ඉන්න ඕන කියලා. නමුත් මේ එන්නතට එහෙම එකක් නැහැ.

දරු පිළිසිඳ ගැනීමකට පෙර ගත යුතු බෙහෙත් වර්ග තිබෙනවාද? කාන්තාවක් බබෙක් හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් මූලිකව ගත යුතු සංඝටක දෙකක් තිබෙනවා. එකක් ෆෝලික් ඇසිඩ් කියන බි විටමින් වර්ගය. මේක අත්‍යවශ්‍යයයි. මොකද ෆෝලික් ඇසිඩ් ඌනතාවක් ඇති මවකගේ දරුවාගේ කොඳු ඇට පේළියේ, ස්නායු වල සහ මොළයේ සංජානනීය ආබාධ ඇතිවෙන්න පුළුවන්.

ෆෝලික් ඇසිඩ් ගන්නට ඕන ඉතාමත් සුළු ප්‍රමාණයක්. අවම වශයෙන් මාස දෙකක කාලයක් ඕන බබෙක් හදාගන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම්. නමුත් දියවැඩියාවහෝ අපස්මාරය රෝගය තිබෙන කෙනෙක් නම් ෆෝලික් ඇසිඩ් පෙති තමනගේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා හමුවී නිවැරදි මාත්‍රාව ලබාගත යුතුය. කොඳු ඇට පෙළේසංජානනීය ආබාධ පවුලේ කෙනකුට හෝ තමන්ට හරි තමන්ට ඉස්සෙල්ල හම්බවුණු දරුවකුට හරි තිබෙනවා නම් ඒ අයත් ෆෝලික් ඇසිඩ් නිවැරැදි මාත්‍රාවන්වෛද්‍යවරයාගෙන් අසා ලබා ගන්න ඕන.

ඒකට අමතරව ෘ්‍ය් කියන සංඝටකය ලබාගැනීම වැදගත්. බබාගේ මොළයේ වර්ධනයට මේ ෘ්‍ය් කියන සංඝටකය අත්‍යවශ්‍යයයි කියලා අලුතෙන් හොයාගෙනතිබෙනවා. ගොඩක් ෆිෂ් ඔයිල් වල තිබෙනවා. සාමාන්‍ය ෆාමසියකින් ගන්නට පුළුවන්. වෛද්‍ය නිර්දේශයක් ඇතුව ගන්නත් පුළුවන්. බබෙක් හිටියත් මේක නතර කරන්නේනැහැ. මුල මාස තුන ගන්නට ඕන.

* දරුවකු බලාපොරොත්තු වන යුවළක් වෛද්‍ය උපදෙස් පැතිය යුතු සුදුසුම අවස්ථාව කුමක් ද?

ඒ දෙන්නාගේ වයස අනුව වෙනස් වෙනවා. නීරෝගි යුවළක් ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවන් නැතිනම් අවම වශයෙන් මාස 12ක් වත් බලන්න ඕන වෛද්‍ය උපදෙස්පතන්න. නමුත් ඔසප් චක්‍ර යේ අක්‍රමවත් බවක් තබෙනවා නම් මාස 6ක් ගියාට පසුව වෛද්‍ය උපදෙස් පැතුවාට වරදක් නැහැ. ඒ වගේම වයස 30ට වැඩි හෝ වයසඅවුරුදු 40ට ආසන්න යුවළක් නම් මාස 6ක් වැනි කාලයක් තුළ වෛද්‍ය උපදෙස් පැතුවාට වරදක් නැහැ.

*දරුපල පමාවිමට හේතුවන කරුණු සොයා නවීන ක්‍රම අනුව පිළියම් යෙදිය හැකි ද?

මේ සඳහා මවගේ සහ පියාගේ පාර්ශවයන්ගේ කරුණු රාශියක් බලපානවා. ඔය කරුණු හැම එකකටම සියයට සියයක් ප්‍රතිඵල නැතත් නවීන වෛද්‍ය විද්‍යාවෙන්ගොඩක් පිළියම් යොදන්නට හැකියාව තිබෙනවා. හැබැයි ඒ යුවළ දැනගන්නට ඕන මේ පිළියම් යොදන කොට ඒවා පියවරෙන් පියවර සිදුකළ යුතු බව. එක පොඩි දෙයක්ගැන බලලා තමයි ඊළඟ එකට යන්නෙ. අපි කතා කළොත් ෂඪත්‍ තාක්ෂණය කියලා එකක් තිබෙනවා. කෘත්‍රිමව බබෙක් හදලා තැන්පත් කිරීම. දරුඵල නැතිව ගිය ගමන් ෂඪත්‍ තාක්ෂණයෙන් බබෙක් හදලා තැන්පත් කරන්න කියලා කාටවත් කියන්නේ නැහැ.

ඒකට හේතුව තමයි අපිට ඊට වඩා සුළු දේවල් වලින් ඒ අයට උපකාරී කරන්න පුළුවන් වීම. හැබැයි මෙතැනදී ඒ දෙන්නා තේරුම් ගන්න ඕන දේ තමයි හැමකාන්තාවකටම සරු කාලය තිබෙන්නේ මාසයකට එක වතාවයි. එතකොට අපිට එයාට ප්‍රතිකාර කරනවා නම් මාසයකට එක වතාවයි ඒක කරන්න පුළුවන්. එහෙම කරන්නවුණාම කාලය ටිකක් එහාට යනවා. හදිසියට මේක කරන්න බැහැ. අපේ මව්වරුන්ගේ තිබෙන ගොඩක් ප්‍රශ්නයක් තමයි දරුඵල නැති අය වෛද්‍යවරයෙක් කරා ගිහින්මාසයක් දෙකක් බලලා බබෙක් හිටින්නේ නැති වුණාම වෙනත් වෛද්‍යවරයකු කරා ගිහින් ආපහු ඒ දෙයම කරන්න පටන් ගැනීම. එතකොට මේකෙ ක්‍රමවත් බවක් නැති

වීමෙන් තමන්ට වාසියක් වෙන්නේ නැහැ. නව වෛද්‍යවරයාට තේරෙන්නෙත් නැහැ කොහෙන්ද පටන් ගන්න ඕන කොහෙන්ද ඉවර කරන්න ඕන කියලා. ඉතින් හැමදාමඑකතැන ඉන්නෙ. ඒක නිසා මේ සම්බන්ධව වෛද්‍යවරයෙක් කරා ගියාම මේකට කාල සීමාවක් යනවා. හේතුව තමයි මවකට දරු පිළිසිඳ ගැනීමකට හැකියාව තිබෙන්නේ

මාසයකට සීමිත දින ගණනයි. ඒ දිනවල හරි නොගියොත් අර වෛද්‍යවරයාට තවත් මාසයක් බලා ඉන්න ඕන ඊළඟ දේට යන්න.

නීරෝගි දරු පැටියකු බලාපොරොත්තු වන යුවළක් කියවිය යුතුම ලිපියක්. මේ කාලයේ බබෙක් හදා

ගන්නවානම් කොරෝනා එන්නත ගැනීම අනිවාර්යයයි.

*දරුවකු බලාපොරොත්තු වෙන කාන්තාවක් ලබා ගත යුතු විශේෂ පෝෂණ අතිරේකයක් තිබෙනවාද?

පිළිසිඳ ගැනීමකට ප්‍රථමයෙන් කාන්තාව වෛද්‍යවරයකු හෝ පෝෂණවේදියකු හමුවෙලා ඒ අවශ්‍ය විදියට උපදෙස් ලබා ගන්නට ඕන. මොකද පෝෂණයේ දෙපැත්තක්

තිබෙනවා. අධි පෝෂණයයි පෝෂණ ඌනතාවයි. මේ දෙකම හොඳ නැහැ බබෙකුට.

* සැමියාගේ නීරෝගිභාවය හා නිවැරැදි සෞඛ්‍ය රටාවන් නීරෝගි දරු සම්පතකට කෙසේ බලපානවද?

ඒක අත්‍යවශය දෙයක්. සැමියාගේ චර්යාව. එයා මත්වතුර පානය කෙරන්නෙක්ද දුම්පානය කරන කෙනෙක්ද මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක්ද යන දේවල් ප්‍රජනනයේදී සහබබෙක් පිළිසිඳගන්නත් බලපානවා. ඒ වගේම දරුවෙකු පිළිසිඳ ගත්තාට පස්සෙත් බලපාන්න පුළුවන්. අක්‍රීය දුම්පානයෙන් මවට දරුවාට අහිතකර බලපෑම් ඇතිකරයි