"කොරෝනා‍" සොබාදහම මිනිසාට කියාදුන් වේදනාත්මක පාඩමක්..

මිනිසාගේ අනුවණකම් නිසා සොබාදහම මිනිසාගෙන් ම නඩු ඇසූහ
අගෝස්තු 8, 2022

 

පෘථිවියේ පැවැත්ම ආරම්භ වූ දා සිටම මිනිස් වර්ගයා ව්‍යාප්ත වීම ආරම්භ විය. අතීත මිනිසා සොබාදහම හා සමීප ඇසුරක් පවත්වාගෙන ගිය අතර සොබාදහමට අසීමාන්තික ගෞරවයක් දක්වන්නට පෙළඹුනහ. ඔවුන් මිථ්‍යාදෘෂ්ටික ඇදහිලි විශ්වාස කරමින් ගස්, ගල් ආදියට පුද සත්කාර කරමින් වන්දනාමාන කරන්නට යෙදුණ ද ඒ හරහා ඔවුන් සොබාදහම සමඟ අපූරු ළෙන්ගතුකමක් ගොඩනගා ගත්හ.

 

වනාන්තර යුගයෙන් ඔබ්බට පැමිණිය ද පරම්පරා ගණනාවක්ම සොබාදහම හා ළෙන්ගතුකමින් කටයුතු කරන්නට පෙළඹුණහ. සොබාදහමට විශාල අයුරකින් හානියක් නොවන ලෙස ඔවුන් තම ජීවන රටාවට හුරුවූහ. ලෙඩට දුකට පරිසරයෙන් සොයා ගන්නා ඖෂධ භාවිත කරන්නට හුරු වූ අතර ආහාරපාන ද ස්වාභාවිකවම සපයා ගන්නට පෙළඹිණි. සොබාදහම හා බැඳුණු හෙළ වෙදකමෙන් මිනිසුන් රෝ බිය දුරු කරගත් අතර විවිධ අවස්ථාවල විවිධ කෙම් ක්‍රම ආදිය ද භාවිත කළහ. මේ හේතුවෙන් සොබාදහම හා මිනිසා අතර අපූරු ළෙන්ගතු බැඳීමක් පැවතගෙන ආ බව නම් නොරහසකි.

 

සිදුකළ හානිය

නමුත් පියවරෙන් පියවර වර්ධනය වී වර්තමානයේ අප ජීවත් වන අවධියට මිනිස් වර්ගයා පැමිණෙත්ම අතීතයේ සිදු වූ අපූරු දෑ ක්‍රමක්‍ර‍රමයෙන් සමාජයෙන් තුරන් වීම ආරම්භ වූහ. මානවයාගේ වර්ධනයත් සමඟ සොබාදහමට ලැබී තිබූ නිදහස අහිමි වෙන්නට පටන් ගත්හ. මිනිසුන් ජනාවාස තනන්නට ගස් කැපූහ. එදා මිනිසා ගස් උඩ තනාගත් පැල වෙනුවට අද ගස් කපා ඒවායෙහි දැව ඉරා මහල් මන්දිර තැනූහ. පෘථිවිය ජනාකීර්ණ වීමත් සමඟ වෘක්ෂලතාවලට දුක්ඛදායක ඉරණමකට ගොදුරු වන්නට සිදුවූහ. මිනිසුන් තම ජීවනෝපාය ලෙස පොළව හාරන්නට ද විය. විවිධ අවශ්‍යතා සඳහා පස් මුදල්වලට හුවමාරු කරගැනීමත් සමඟ පාංශුඛාදනය ආරම්භ විය. කාර්මීකරණය සමග කර්මාන්ත ශාලා ආරම්භ විය. ඒවායින් පරිසරයට අහිතකර අපද්‍රව්‍ය මුදා හරින්නට විය. වායුගෝලය දූෂණය වීම ආරම්භ වූයේ එතැන් පටන් ය.

ලෝකයේ විවිධ රටවල් විවිධ අයුරින් අත්හදා බැලීම් කරන්නට පෙළඹිණි. න්‍යෂ්ටික අවි විවිධ බෙහෙත් වර්ග ආදිය ඒ අතරට එක් විය. ආහාර පිණිස සතුන් මැරීය. සීමාව ඉක්මවා ඔවුන් එය සිදු කළහ. විවිධ පර්යේෂණ කටයුතු සඳහා සතුන් යොදා ගත්හ. වනාන්තරවල නිදහසේ සැරිසරමින් සිටි අහිංසක සතුන් පවා කූඩු කර මුදල් ඉපයීම හා ඒ තුළින් මිනිස් සිත තෘප්තිමත් කර ගැනීම සිදු කළහ.

 

සබැඳියාව ගිළිහීම

ලෝකය දියුණු වීමත් සමඟ හෙළ වෙදකම එසේ නැතිනම් ගස් වැල්වලින් සාදාගන්නා බෙහෙත් පිළිබඳ දැනුම ආදිය මිනිසාගෙන් ගිලිහී යාම ආරම්භ විය. මිනිසාගේ කාර්යබහුලත්වයත් සමඟ තම පහසුව සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව සමඟ මිනිසා අත්වැල් බැඳ ගන්නට පෙළඹුණි. එහෙයින් සොබාදහම හා පැවැති ළෙන්ගතුකම් මිනිසාගෙන් ගිලිහී යන්නට පසුබට වීය.

අතීතයේ මිනිසා පස් පව් (බුදු දහමට අනුව) සිදු කරන්නට බිය වූහ. නමුත් වර්තමානය වන විට පන්සිල් පද රකින්නට හෝ ඉතිරි වී ඇත්තේ ස්වල්ප පිරිසකි. අනාගතය පිළිබඳ බලන කල මේ ස්වල්ප පිරිස ද සිඳී යන්නේය. එහෙයින් මුළු ලෝකයම දුසිරිත කරා යන්නේය.

මෙය සොබා දහම විසින් දකින්නට ඇත. වර්තමාන මිනිසාගේ ක්‍රියා කලාපය නිසා සොබාදහම අසීමිතව විඳවන්නට ඇත. අසීමිත ව ඉවසන්නට ඇත. ඉවසිය නොහැකි තැන එය ද ඉවසන්නට ඇත. නමුත් මිනිසුන්ට එය නො වැටහෙන්නට ඇත. වැටහුණත් ඒ ගැන තැකීමක් නොකරන්නට විය. දිගින් දිගටම සොබාදහම අගාදයට ඇද දමන්නට මිනිසුන් යුහුසුළු විය. නමුත් සොබාදහම තව තවත් ඉවසා සිටියහ. එහෙත් කාර්යබහුල මිනිසාට මේ ගැන වැටහීමක් නොවීය. ඔවුන් දිගින් දිගටම සොබාදහමට හානි කරමින් ඔවුන්ගේ ක්‍රියාවල නිරත වීය.

 

සොබාදහමේ දඬුවම

අවසානයේ බුරබුරා නැගි පීඩනය සොබාදහම පිට කරන්නට සූදානම් විය. මිනිසාගේ අනුවණ ක්‍රියා කලාපය නිසා දඬුවමක් දෙන්නට සොබාදහම තීරණය කළහ. එය මිනිසාගේ හදවතට දැනිය යුතුය. මිනිසා උපරිමයෙන් විඳවිය යුතුය.

මිනිසාව පස් පවින් ද වැළැක්විය යුතුය. නමුත් ලබාදෙන දඬුවමට සොබාදහම මැදිහත් නො වන්නට තීරණය කළහ. "මිනිසා විසින්ම මිනිසාගේ විනාශය කරා ගෙන යා යුතුය." ඉවසිය නො හැකි තැන සොබාදහම මෙසේ තීරණය කළහ.

මිනිසාට ලබාදෙන දඬුවම සොබාදහම විසින් වයිරසයක් ලෙස නිර්මාණය කරන්නට පෙළඹිණි. එය මාංස අනුභවය තුළින් මිනිස් ශරීරයට සංක්‍රමණය වන අයුරින් නිර්මාණය වන්නට ඇත. එතැන් පටන් මිනිස් වර්ගයාගේ තාවකාලික ව්‍යසනය ආරම්භ විය.

දඬුවමක් ලෙසින් සොබාදහම ලබාදුන් වයිරසය මිනිසා විසින් ආදරණීයව වැලඳ ගත්හ. අපි එයට "කොරෝනා " හෙවත් "covid 19 " ලෙස නම් තබා ගත්තෙමු. මෙය තත්පර ගණනක දී රැස්ව සිටින පිරිසක් වටා සංක්‍රමණය වන භයානක වයිරසයකි.

සොබාදහම හරි අපූරුවට මිනිසාටත් දඬුවම් ලබා දුන්නේය. මිනිසා විසින් සොබාදහමට බොහෝ දේ අහිමි කළා සේම සොබාදහම විසින් ද මිනිසාට බොහෝ දේ අහිමි කළහ. මිනිසා සොබාදහම කෙරෙහි කොතරම් කුරිරු වීද ..? සොබාදහමත් එතරම්ම කුරිරුකම් කළහ. වයිරසය ආසාදනය වූ පිරිසක් කෙසේ හෝ සුවය ලබද්දී පිරිසක් දඬුවම උපරිමයෙන්ම වින්දේය. වයිරසය ආසාදනය වූ මිනිසුන්ගේ ජීවන රටාව බොහෝ පීඩාකාරී වූහ. ඔවුන් උග්‍ර ලෙස ස්වසන අපහසුතාවෙන් පෙළෙමින් ජීවිතයේ තීරණාත්මක මොහොතක් සමඟ සටන් කළහ. අවසානයේ පිරිසක් තම දූ දරුවන්, හිතමිතුරන්, නෑදෑයන්, මව්පියන්, ස්වාමියා, බිරිය නොමැතිව කිසිදු ගරු බුහුමනකින් තොරව කවරයක බහා සුසානයට ගියහ. ඉතින් මේ ව්‍යසනය අප විසින් ළඟා කරගත්තක් නොවේද ..? ඉතින් ඒ අප පසුකරමින් ආ අසීරුතම කාලය සොබාදහම අපට අපූරු පාඩමක් කියා දෙන අවධියක් වූවා නොවේද ...?

 

අතීතය නැවත කැඳවීම

වයිරසය පැතිරීම නිසා සියලු කටයුතු නවතා නිවෙසේ රැඳී සිටින්නට සිදු වූහ. මුදල් ඉපයිම පිණිස හෝ මිනිස් මනසෙහි තෘප්තිය උදෙසා අසරණ සතුන් කූඩු කර තැබීමෙන් ඔවුන්ට දැනෙන වේදනාව තෙතමනයක් නැති මිනිස් හදවතට දැනෙන්නට සොබාදහම විසින් ඉඩ සැලැස්සූහ.

සොබාදහම හරි අපූරුවට අතීතය වර්තමානය හා අනාගතය මුසුකොට සොබා සුන්දරත්වය මවන්නට ලෝතලය සායම් කලහ. මිනිසාට අමතකව ගිය නො සලකා හැරී අතීත සිරිත් විරිත් බෙහෙත් හේත් නැවත අළු ගසා දමමින් නැගී සිටියහ. කාලයක් සැඟව සිටි සොබාදහම හා සමීප හෙළ වෙදකම, හෙළ ඖෂධ වර්ග මිනිසාගේ නහරවැල් පුරා ගමන් කිරීම සිදුවූහ. වටිනාකමින් පිරි ඖෂධ වට්ටෝරු දොරට වැඩූහ. පොළොව හාරා වනාන්තර පීරා ඖෂධ සොයන්නට පෙළඹුණහ. ආගමික වතාවත් මඟහැරුණු, ඒවායේ නො යෙදුණු සියල්ලන්ගේම නිවාස තුළින් පිරිත් ඇසුනහ. අන් ආගම්වල පුද්ගලයන් තම ආගමික වතාවත්වල යෙදුනහ. සොබාදහම වයිරසයක් ලෙසින් ලබාදුන් දඬුවම ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත කණපිට පෙරලූහ.

මෙතරම් දියුණු මොළයක් ඇති මිනිසාගේ අනුවණකම් නිසා සොබාදහම මිනිසාගෙන් නඩු ඇසූහ. කොරෝනා දැඩි ලෙස ව්‍යාප්තව තිබූ සමයේ මිනිස් ක්‍රියාකාරකම් අඩාල වුවද සොබාදහම නිදහසේ තම කාර්යයන්වල නිරතව වූහ. තුරුලතා නිදහසේ හුස්ම ගත්හ. කුරුල්ලන් පිරිසුදු වාතය ආශ්වාස ප්‍රාශ්වාස කළහ. දූෂණය වූ ගංගා, ඇළ, දොළ, දියඇලි නැවත යථා තත්ත්වයට පත්වීම ආරම්භ වූහ. වායු දුෂණය දෙතුන් ගුණයකින් පහළ වැටුණි. වන සතුන් නිදහසේ සැරිසැරූහ. ගෝලීය උණුසුම පහළ අගයක් ගත්හ. අසන්නට ලැබූ සතුටුම කාරණය නම් විනාශ වෙමින් තිබූ ඕසෝන් ස්ථරය වේගයෙන් ප්‍රතිසංස්කරණය වෙමින් පැවතියහ. ඉතින් ඒ සොබාදහමේ අපූර්වත්වය නොවේද ..?

 

අයිසැක් නිව්ටන්ගේ නියමය

බලන්න, මිනිසාගේ පැවැත්මට සම්පත් හිඟ වීම හේතුවෙන් මිනිසා විසින් සතුන් දහස් සංඛ්‍යාවක් මරා දමන්නට විය. සොබාදහමේ පැවැත්මට අවශ්‍ය සම්පත් රැකගැනීම සඳහා සොබාදහම විසින් මිනිසුන් දහස් ගණනක් මිය යන්නට සැලැස්සූහ. ඉතින් ඒ ක්‍රියාත්මක වූයේ මිනිසා විසින් ඉදිරිපත් කළ මිනිසාගේම සංකල්ප නොවේ ද ..?

සර් අයිසැක් නිව්ටන් විසින් ඉදිරිපත් කළ ඔහුගේ තුන්වැනි නියමය අපූරුවට ගැළපුනහ. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් තිබුනහ. මිනිසා විසින් ඉදිරිපත් කළ සංකල්ප තුළින් මිනිසාවම විනාශ වන කාලයක එක්තරා දරුණුතම අවධියක් පසුකරමින් අප වර්තමානයට පැමිණ ඇත.

ඉතින් ඒ අසීරු කාලය තුළ ක්‍රියාත්මක වූයේ මිනිසා විසින් සොබාදහම වෙත ලබාදුන් අකාරුණික සැලකිල්ලට සොබාදහම විසින් මිනිසාට ඉගැන්වූ වේදනාත්මක පාඩමක් නොවේද..?

 

සටහන - සඳලංකාවේ නුවන්ති හංසිනී උත්පලා