නවීන විද්‍යාවේ පිහිටෙන් සාර්ථක දරු පල කිරි සිහිනය සැබෑ කරන ප්‍රශාන්ත් හොස්පිටල්

පෙබරවාරි 20, 2023

 

විවාහ වූ බොහෝ අඹුසැමියන්ගේ ඊළඟ සිහිනය වන්නේ දරුවෙක්. බොහෝ කල් මඟ බැලීම් සහ බලාපොරොත්තු ඇති කර ගැනීම් සුන්ව යද්දී දරුවෙක් අවශ්‍ය ඕනෑම ගැහැනියක් මානසික කම්පනයකට ලක් වෙනවා. නමුත් දරුවන් ප්‍රමාද ඔබ කම්පනයට පත් වී බලාපොරොත්තු අත හැරිය යුතු නැහැ.

 

දියුණු තාක්ෂණයක් සහිත ලෝකයක ජීවත් වන අපට වෛද්‍ය විද්‍යාවේ නවීන ක්‍රම නිසා බොඳව යන සිහිනය යථාර්ථයක් කර ගැනීමේ හැකියාව ඇත්තටම තිබෙනවා. ගැහැනියක් කියන්නේ සටන්කාමිනියකට. මේ කිරි සිහිනයක් වෙනුවෙන් කැපවන ඔබට සටන් කළ හැකි ක්‍රමයක් ගැන තොරතුරුයි.

ස්වභාව ධර්මය වෙනස් කරන්නට සමත් බලවේගයක් නැතැයි අප කලකට ඉහත අත්දුටු සත්‍යයයි. නමුත් ස්වභාවධර්මයේ අපූර්වතම නිමැවුම වූ මිනිසා, තමන් විසින්ම නිර්මාණය කරගත් විද්‍යාව තුළ ස්වභාවධර්මයේ නියමයන් වඩා තීව්‍ර ලෙස ඔප කර ගනිමින් ද දුර්වල තැන් ඉක්මවා යමින් ද සිටී යැයි පැවසුවොත් එහි වරදක් නොවේ. මෙයද එවන් කතාවකි. වයස අවුරුදු 35 පසු දරුවන් ලබන්නට සුදුසු නැතැයි ද එය මඳ සරුභාවය සඳහා හේතුවක් වේ යැයි ද අප හොඳින් අසා ඇති කරුණකි.

එසේ වයස්ගත වී දරු සම්පත් ඇතිවුවහොත් එයින් බොහෝ විට කිසියම් අඩුපාඩුවක් සහිත දරුවන් බිහිවිය හැකි යැයිද අප හොඳින්ම දන්නා කරුණකි. ඉන්දියාවේ අංක එකේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වූ ගීතා හරිප්‍රියා වෛද්‍යවරිය නවීන විද්‍යාව හා සාඵල්‍යතාවය ගළපමින් මේ වන විට ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට ප්‍රතිකාර කර දරු උපත් ඇති කර ඇති අතර ඇගේ ප්‍රතිකාර ක්‍රමයේ පවතින නවීනත්වය හා විද්‍යාව හා කෙතරම් දුරට ගැළපෙන්නේද යන්න මෙලෙස විමසා බැලුවා.

 

මඳ සරුබාවය නැතිනම් සාඵල්‍යතාවය මඳකම සම්බන්ධයෙන් ප්‍රතිකාර ආරම්භ කළ යුත්තේ කවදා ද?

දැන් ආසියාතික කාන්තාව විවාහ වන වයස තරමක් කල්ගතව පවතිනවා.

වසර 27 දී විවාහ වන කාන්තාවන් දරුවන් ලැබෙයි කියමින් තවත් වසර හත අටක් කල් පසු කළාම ඇය මඳ සරුභාවයට නැතිනම් හීන සාඵල්‍යතාවයට වඩාත් නතු වූ කෙනෙකු වනුයේ නිතැතින්මයි. විවාහයෙන් වසරක් දෙදෙනා එක්ව වාසය කර දරුවකු වෙනුවෙන් සම්බන්ධතාවයන් පවත්වා ඇතත් පිළිසිඳ ගැනීමක් සිදු නොවූයේ නම් ඔවුන් වෛද්‍ය උපදෙස් වෙත යොමුවිය යුතුයි.

 

දරුවන් ඇති නොවන්නට බලපාන හේතු මොනවාද?

 

ආසියාතික කාන්තාවන් සඳහා වැඩිපුරම බලපාන්නේ ගර්භාෂගත ආසාදන, ගර්භාෂගත පිහිටීමේ පවතින සුළු සුළු අඩුපාඩුකම්, එන්ඩ්‍රොමෙට්‍රියෝසිස් හා ඇතැම් විට පැලෝපීය නාලවල ඇති වී පවතින අවහිරතා මෙන්ම ඔසප් චක්‍රයේ පවතින අක්‍රමිකතා ආදියයි. මේවා සඳහා ද ඩිම්බකෝෂවල පවතින දෝෂ, හෝමෝන අසමතුලිතතා මෙන්ම ඇතැම් රෝග හේතුවෙන් ද කාන්තාවන්ට මඳ සරුභාවය ඇතිවිය හැකියි. මෙවන් දෙයක් හඳුනාගත් පමණින් ඇය දරුවන් නොලබන්නියක් යැයි පැවසීමට වත් ප්‍රතිකාර අතැර දැමීමටවත් අවශ්‍ය නොවේ.දැන් මඳ සරුභාවයට තුඩු දෙන හේතු හඳුනා ගත්විට ඒවා අවම කරන්නට නවීන විද්‍යාව විසින් බොහෝ ක්‍රම ගොඩනඟා තිබේ. යල් පැනගිය ක්‍රමවලදී අසාර්ථක වූ බොහෝ පැති දැන් නවීන මෙවලම් ආධාරයෙන් හා ප්‍රතිකාරවලින් දැන් සාර්ථක ප්‍රතිකාර බවට පත්කොට තිබේ. ඒ හේතු අතර ජීවන රටාවේ පවතින ගැටලු ද හේතුවකි. එහිදී මානසික රෝග හෝ ආතතියෙන් පෙළෙනවා නම් දරු පිළිසඳ ගැනීමට බාධාවක් වේ.

පුරුෂයින්  සඳහා බලපාන හේතු අතර වඩාත් පවතින්නේ පුරුෂ බීජ හිඟ වීම, උපදවීමක් නොවීම ආදී හේතූන්ය. විශේෂයෙන් රැකියාව ලෙස රියැදුරු යෙදෙන නැතිනම් අරක්කැමි වෘත්තියේ යෙදෙන අයට බීජ නිපදවීමේ ගැටලු පවතින්නට පුළුවන.  ඒ වාහනයේ එන්ජිමෙන් නිකුත් වන අධික රස්නය යටි බඩ ප්‍රදේශයට නිරන්තරයෙන් එල්ල වීමත් උදුන්වලින් නිකුත් වන රස්නයට නිරන්තරයෙන් යොමු වීමත් දෙකම බීජ නිපදවීම අඩාළ කරවන හා නිසරු කරවන හේතු මවන බැවිනි.

ලැප්ටොප් ආදිය තම දෙකලව මත තබාගෙන  ඒවා සමඟ වැඩකටයුතු කිරීම ඉතාම අහිතකර ක්‍රියාවකි. යම් යම් කිරණවල බලපෑම් ශරීරයට එල්ල වීමට එය එක එල්ලේම බලපානු ලබන හේතුවකි. ඇතැමුන්ට ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයට බලපානු ලබන හොමෝන ගැටලු හා ඇතැම් විට පුරුෂ බීජවලට නාල තුළට ඇතුල් වීම වළක්වන විවිධ ආකාරයේ කාන්තා සිරුරේ රසායනික සංයෝග ආදිය හේතුවෙන් පුරුෂ බීජ විනාශ වෙන්නට හේතු මතුවිය හැකියි. මේ හැරෙන්නට දුම්බීම, මත්පැන් පානය මඳසරුභාවය කෙරෙහි සෘජු සම්බන්ධයක් දක්වන කරුණු දෙකකි. මෙසේ බැලූ විට දරුවන් ලැබීමේ ප්‍රමාද වීමේ ගැටලු ඇති වීමට හේතුව කාන්තාවන්ගේ අඩුපාඩුවලට වඩා පිරිමි පාර්ශ්වයේ අඩුපාඩු 60%ක් පමණ පවතින බව තහවුරු වී තිබෙනවා. මඳ සරුභාවයට ඇති සියල්ලන්ට ලබා දෙන්නේ එකම ප්‍රතිකාරය නොවේ. අද මේ කතා කරන ප්‍රතිකාර ක්‍රමය නල දරු උපතක් වුව ද වෙනදා සිදු වූ අවාසි සහිත නල දරු උපත් ක්‍රමයක් නොවේ.

 

නල දරු උපත් ප්‍රතිකාරය ලබා ගත හැකි රෝහල් මොනවා ද?

අපගේ රෝහලේ මවු ශාඛාව තිබෙන්නේ  ඉන්දියාවේ චෙට්පෙයිට්වල. එය ප්‍රශාන්ත් ෆර්ටිලිටි ඇන්ඩ් රිසර්ච් සෙන්ටර්. ඒවගේම තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රශාන්ත් මල්ටි ස්පෙෂලිටි රෝහල සහ චෙන්නායිවල තිබෙන ප්‍රශාන්ත් සුපර් ස්පෙෂලිටි රෝහල්වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි. ඒ වගේම ලංකාවේ වැල්ලවත්තේ පිහිටි ප්‍රශාන්ත් හොස්පිටල් ඉන්ෆොමේෂන් සෙන්ටර් (රෝයල් හොස්පිටල්)  වෙතින් ද තොරතුරු ලබා ගත හැකියි.

ලෝ පතල යන්ත්‍රෝපකරණ හා අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානවල ඉහළ කාර්‍යක්ෂමතාවකින් යුතු උගත්, විනයවත් පළපුරුදු වෛද්‍යවරුන් රැසක් සේවය කරනවා.  මේ වන විට 50,000කට වැඩි පිරිසකට අපේ සේවය ලබා දී ඇති අතර මෙලොවට බිහිකර ඇති බිලිඳුන් ගණන 30,000කට අධිකය.  මාර්තු 3, 4, 5 යන දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන මේ හා සම්බන්ධ ප්‍රදර්ශනයකට මා සහභාගී වනවා. මේ පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අවශ්‍ය නම් එදිනද විමසා දැනගත හැකියි. එදින පැමිණෙන විට වෛද්‍ය වාර්තා ද රැගෙන එන්නේ නම් ගැටලුව කුමක් ද කියා පැහැදිලිව දැන ගැනීමට ද අවස්ථාව හිමි වනවා. වැඩිදුර විස්තර සඳහා 0754000012 යන දුරකතන අංකයට අමතන්න.

 

 

උපදෙස්

වෛද්‍ය ආචාරිනි

සී. ගීතා හරිප්‍රියා