නටන ගමන් ඇඟ හැඩ කරන්න

ජුනි 9, 2025

කාර්යබහුල ජීවන රටාවක් එක්ක අපිට අපි ගැනවත් හිතන්න වෙලාවක් නැහැ. ඒ හින්දම නොදැනුවත්වම අපේ ඇඟ රෝගී වෙන්නේ අපි නොදැනුවත්මයි. අපේ ඇඟ රෝගී වෙන්න බලපාන ප්‍රධානතම කාරණය වන්නේ ව්‍යායාම නොමැති වීම. අද ඉඳන් අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ අලුත්ම ව්‍යායාම ක්‍රමයක් ගැනයි. ඒ තමයි Zumba.

එය බොහෝ ජනප්‍රිය වගේම ප්‍රතිඵලදායක නර්තනය සමඟ යන ව්‍යායාම ක්‍රමයක්. එහෙම නම් අපි අද ඉඳන් නොමිලේම මේ Zumba ගැන දැනුම්වත් වෙමු.

 

Zumba කියන්නේ ඒ හැමදේකටම ඔබට සහාය වන විශේෂ නර්තන රටාවක්. දවසේ පොඩි වෙලාවක් සුම්බා නර්තනයට වෙන් කන්නේ නම් බොහෝ ප්‍රතිඵල ලබා ගත හැකියි.

 

A to Z

 

Zumba නර්තනයට A to Z කියන්නෙත් හේතුවක් ඇතුව. ඒ තමයි Anybody can do Zumba කියන එක. Zumba වල ලොකු ලොකු රීති නැති ඕනෙම කෙනෙක්ට නටන්න පුළුවන්. Zumba ඕනම කෙනෙකුට ගැලපෙනවා වගේම Zumbaවලට ගොඩක් දෙනෙක් එකතු වෙන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ තමයි මේකෙන් ඇඟට දනවන සුවතාව වගේම වෙලාව ගත වෙනවා නොදැනීම. අපි එළියේ හෝ ට්‍රෙඩ්මිල් එකක ඇවිද්දොත් අපිට පැයක් කියන්නෙ අතිශයින් දැණෙන කාලයක් වුණත් Zumba කරද්දි නම් පැයක් කියන්නෙ ඒ තරම් දැනෙන කාලයක් නෙමෙයි. ඉතිං අපි මේ කියපු ඕනම කෙනෙකුට කරන්න පුළුවන් කියන සංකල්පය හැදෙන්නෙ Zumba වලට වයස් සීමාවක් නොමැති වීම සහ අඩු ශාරීරික යෝග්‍යතාවක් පමණක් අවශ්‍ය වීම නිසායි. Aqua Zumba, Zumba Toning සහ Strong by Zumba වගේ බොහොමයක් ක්‍රම තියෙන නිසා ඔයාගෙ ශරීරයට ගැලපෙන දේ තෝරාගන්නත් පුළුවන්.

 

ඔබත් Zumba ව්‍යායාම මාලාවක් එක් වරක් අත්හදා බලන්න. ඔබ නිරන්තරයෙන් zumba ලෝලියෙක් වෙයි. මෙයින් ලැබෙන සුවය අසීමිතයි. දවසේ මහන්සිය හා අතතිය වැනි දේ වලට Zumba ව්‍යායාමයෙන් අනිවාර්ය සැහැල්ලුවක් හා සන්තුෂ්ටියක් ලැබීම නිසැකය. Zumba නර්තනයට සුදුසු ඇඳුම් පැළදීම ගතට සහ හිතට ශක්තියක් ගෙන දේ. යහළු මිත්‍රයින් සමඟ සතුටින් හා ජීවිතයට ධනාත්මක යමක් කිරීමට සොයන අයට ඉතා වටිනා යෝජනාවකි Zumba. Zumba ව්‍යායාම ඔබට ආකර්ෂණීය එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් කර ගත හැකි ශරීරයක් ලබා දේ.

 

අපි දැන් zumba නර්තන වර්ග කිහිපයක් ගැන අවධානය යොමු කරමු. එය zumba ක්‍රම 9ක් යටතේ හඳුන්වා දිය හැකිය.

 

01. Zumba Fitness - සාම්ප්‍රධායික zumba සංගීතය හා නර්තනය මිශ්‍ර ව්‍යායාම

02 Zumba Toning - බර උපකරණ (toning sticks) භාවිතයෙන් ශරීරය හැඩගන්වා ගැනීම.

03 Zumba Gold - ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සැලසුම් වී ඇත.

04 Zumba kids - වයස අවුරුදු 7 - 11 වයස් කාණ්ඩයේ ළමුන් සඳහා පමණි.

05 Zumba Kids jr - වයස අවුරුදු 4 - 6 ළමුන් සඳහා සුදුසු වේ.

06 Aqua Zumba - ජල තටාකයකට බැස කරන ව්‍යායාම

07 Zumba Sento - පුටු යොදාගෙන කරන ව්‍යායාම

08 Strong Nation (Zumba strong) - සංගීතයට ගැලපෙන ප්‍රභල ව්‍යායාම

09 Zumba Step - බංකු භාවිතයෙන් පාද ශක්තිමත් කරගැනීම සඳහා සැලසුම් වී ඇත.

 

Zumba ව්‍යායාමයට සුදුස්සන්

 

මෙය ඕනෑම කෙනකුට පහසුවෙන් ප්‍රගුණ කළ හැකි විනෝදජනක ව්‍යායාම මාලාවකි. එහිදී මේ ව්‍යායාම සඳහා ඔබ පළපුරුද්දෙන් ද හොඳ ආරම්භයක් සහිතව ව්‍යායාමයට ප්‍රවිෂ්ට වෙන කෙනෙක් ද යන්න අඩුවෙන් බලපානු ලබන කරුණකි. බරපතළ සෞඛ්‍ය ගැටලු, තුවාල හෝ ශාරීරික ගැටලු ඇති අය වෛද්‍ය උපදෙස් මත Zumba ආරම්භ කළ හැකිය.

 

ඔබ ආධුනිකයකු නම් ක්‍රම ක්‍රමයෙන් Zumba නර්තන ව්‍යායාම ඉහළ මට්ටමක් කරා දියුණු කරගත

හැකිය. සමතුලිතව ව්‍යායාම වල යෙදෙන්න. එහිදී ඉහළ සහ අඩු ශාරීරික බලපෑම් සහිත නර්තනවල යෙදීමට සැළකිලිමත් වන්න. මෙම ක්‍රමයෙන් කැලරි ඉවත් කිරීමට හා හෘදයේ සෞඛ්‍යය වැඩි දියුණු කරයි.

 

 

උපදෙස් -

සුම්බා, ලතින් අමෙරිකානු

සහ බෝල්රූම් ආචාර්ය

නලින්ද ප්‍රසාද් සුබසිංහ