හරියටම Warm - up

ජුනි 16, 2025

 

කෙනෙක්ගේ හිතේ අපි ගැන ඇතිවෙන හැඟීමට පෙනුම කියන එක සෑහෙන්න දායකත්වයක් දක්වනවා. පෙනුම ගැන කියනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ ඇඟ වුවමනාවට වඩා මහත් වෙලා කියන එකනේ.

 

ඒ මහත අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය Zumba. අද එය අරඹමු.

Zumba නර්තනයේ යෙදීමට පෙර ශරීරය උණුසුම් කිරීම වැදගත්. එය warm - up යනුවෙන් හඳුන්වයි.

ශරීරය ක්‍රියාකාරී තත්ත්වයකට සූදානම් කිරීම සඳහා මෙම warm - up කිරීම අතිශයින්ම වැදගත්. මාංසපේශීන් හා සන්ධි අවශ්‍ය ලෙස එම තත්ත්වයට ගැනීමට හා ආබාධ ඇතිකිරීම වැළැක්වීම මෙහි අරමුණයි. එහිදී හෘද ස්පන්ධන වේගය පරිපූර්ණ ලෙස වැඩි කරමින් ශරීරය වැඩි ව්‍යායාමයකට සූදානම් කරයි. එමෙන්ම හිස, අත්, පා වැනි කොටස් ශරීරය Zumba නර්තනයට ක්‍රමානූකූලව පිළියෙල කරයි.

 

ශරීරය warm - up වීමට දළ වශයෙන් ගීත 1 -3 දක්වා භාවිත කළ හැකිය. එය ගීතයේ කාලය මත රඳා පවතියි. එනම් අවම මිනිත්තු 30ක work out එකකට මිනිත්තු 5ක warm - up එකක් වනසේද, මිනිත්තු 45ක work out එකක් සඳහා මිනිත්තු 10ක warm - up එකක් වන ලෙස ද , පැයක work out එකක් නම් මිනිත්තු 10 -15ක warm - up එකක් යන වශයෙන් warm - up කාලය ලබා ගන්න ලෙස යෝජනා කළ හැකිය. මෙම කාලය සම්පූර්ණ Cardio work out එකක් සඳහා වේ. Cardio සහ උදරය සඳහා work out එකකදී මෙම කාලය නැවත වෙනස් වේ.

 

Zumba නර්තනයේදී warm - up එක රිද්මයානුකූලය. එහිදී නර්තනයක විලාසයෙන් ශරීරය චලනය කරමින් ශරීරයට උණුසුමක් ගෙන දේ. මෙහි ඇතී ඡායාරූප මඟින් ඔබට එය පහසුවෙන් හඳුනාගත හැකිය.

 

මූලික පා හැසුරුමෙන් මෙය ඇරඹිය යුතුය. එය Step touch යනුවෙන් හඳුන්වයි. අත්, උරහිස්, පිට ප්‍රදේශ චලනය කිරීම මෙහිදී සිදුකරයි. එසේ සිදුකර ඉන්පසු Cardio සඳහා මාරුවිය යුතුය. එහිදී මූලික පා හැසුරුමට වඩා අත්, උරහිස සහ පිට ප්‍රදේශයේ චලනය වේගවත් කරයි. එය තරමක විශාල කාල පරාසයක් දක්වා විහිදෙයි.

ඉන්පසු body traning පියවර අරඹයි. එය ශරීර තන්ත්‍ර කිරීම යනුවෙන් හඳුන්වයි. උදරය හා ශරීරයේ පහළ කොටස් තන්ත්‍ර කිරීමට මංශපේශී ක්‍රියාවේ යෙදවීම warm - up සඳහා යෝග්‍ය වේ.

 

ලබන සතියේදී Zumba නර්තනය අරඹමු.

 

 

උපදෙස් -

සුම්බා, ලතින් අමෙරිකානු

සහ බෝල්රූම් ආචාර්ය

නලින්ද ප්‍රසාද් සුබසිංහ

MODEL- තක්ෂිලා

PIX BY - දුෂ්මන්ත මායාදුන්න