මිහිරියාවෙන් යුතු මැදිවියක් ගත කරන්නට ආර්තවහරණය පිළිබඳ දැනගත යුතුදේ

ජූලි 21, 2025

ආර්තවහරණයේදී සිදුවන ගැටලු පිළිබඳ අපි සාකච්ඡා කළෙමු. මෙම ගැටලුවලට කුමක් කරමුද? එසේනම් ආර්තවහරණය පිළිබඳ හැකි තරම් දැනුම්වත් විය යුතුවේ.

ගර්භාශය පහත් වීම ආර්තවහරණයෙන් පසු ඇතැම් කාන්තාවන් කෙරෙන් දැකිය හැකි තත්ත්වයකි. දරුවන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය ක්‍රමයට බිහිකළ මවකට මෙවැනි තත්ත්වයකට ඉඳහිට මුහුණ දෙන්නට සිදුවේවි.

 

ශ්‍රෝණී කුහරගත ඉන්ද්‍රියයන් පහත්වීම යනු කුමක්ද?

ස්ත්‍රියකගේ ශ්‍රෝණී කුහරය තුළ ගර්භාශය මුත්‍රාශය සහ ගුද මාර්ගය යන අවයවයන් පිහිටා ඇත. මෙම අවයවයන් ශ්‍රෝණී කුහරයේ තැන්පත්ව තිබෙන්නේ මාංස පේශී සහ අනෙකුත් පටකවල ආධාරයෙනි. මෙම ආධාරක පටකවල ඇතිවන දුර්වලතා හේතුවෙන් ශ්‍රෝණී කුහරයේ ඇති අවයව යෝනි මාර්ගය හරහා පිටතට පැමිණීම සිදුවේ. මෙම ක්‍රියාවලිය ශ්‍රෝණී කුහරගත ඉන්ද්‍රීයයන්ගේ පහත්වීම නම් වේ. මේ තත්ත්වය සාමාන්‍ය ව්‍යවහාරයේදී අප පවසන්නේ ගර්භාශය පහත්වීම යනුවෙනි.

මෙම ඉන්ද්‍රීය පහත් වීම සුලභව දක්නට ලැබෙන අතර සුළු ප්‍රමාණයක පහත් වීම කිසිදු සංකූලතාවක් ඇති නොකරනවා මෙන්ම ප්‍රතිකාරයක්ද අවශ්‍ය නොවේ.

 

රෝග ලක්ෂණ

* සුළු ප්‍රමාණයක් පහත් වීම - සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නැත.

* යෝනි මාර්ගය පෙදෙස ගෙඩියක් මෙන් ඉදිමීම

* යෝනි මාර්ගය පෙදෙසේ අපහසුතාව සහ බර ගතිය

* ක්‍රියාකාරකම්වලදී දැනීමකින් තොරව මූත්‍රා පිටවීම (කැස්ස සිනාසෙන විට බර ඔසවන විට)

* මූත්‍රා පිටකිරීමේ අපහසුව හෝ සම්පූර්ණ ලෙස මූත්‍රා පිට නොවීම

* ගුද මාර්ගය පහත්වීමකදී - කොන්දේ රුදාව මලබද්ධය හෝ සම්පූර්ණ ලෙස මලපහ පිට නොවීම.

 

අවධානම වැඩිවන අවස්ථා

* ගර්භිණී අවධිය හා සම්බන්ධ (අධිබර දරු උපත්, නිවුන් දරු උපත්) අවස්ථා

* තරබාරුකම

* මලබද්ධය

* අධිබර එසවීම

* කාලාන්තරයක් තිස්සේ පවතින කැස්ස

ශ්‍රෝණී කුහරගත ඉන්ද්‍රියයන් පහත්වන ආකාරයන්

* යෝනි මාර්ගය ඉදිරිපස බිත්තිය නෙරීම -

 

මූත්‍රාශය

*යෝනි මාර්ගයේ පිටුපස බිත්තිය නෙරීම

 

ගුද මාර්ගය

* ගර්භාශය පහත් වීම

* ගර්භාශය ඉවත් කර ඇති විට යෝනි මාර්ගය ඉහළ කොටස පහත්වීම.

 

මේ සඳහා ඇති ප්‍රතිකාර

 

1.සුළු ප්‍රමාණයක පහත් වීම

* ශ්‍රෝණී කුහරගත මාංසපේශී සහ අනෙකුත් පටකවලට ව්‍යායාම සිදුකිරීම

* එදිනෙදා කටයුතුවල වෙනස්කම්

මේ සඳහා සිදු කරනු ලබන ව්‍යායාම

* ශ්‍රෝණී කුහරගත මාංසපේශී සහ අනෙකුත් පටක හඳුනා ගැනීම. (ඔබ මූත්‍රා පිටකරමින් සිටින විට එය හදිසියේ නතර කිරීමට මෙම මාංසපේශී සහ අනෙකුත් පටක ක්‍රියාකාරී

වේ.)

* මේවා හඳුනා ගැනීමෙන් පසුව ඕනෑම ඉරියවුවකින් සිට මෙම ව්‍යායාමවල යෙදීමට හැකියි.

* මෙම මාංසපේශී තත්පර පහක් සංකෝචනය කර රඳවා සිට පසුව තත්පර පහක් තිස්සේ ලිහල්වීමට ඉඩ හරින්න.

* මෙය වරුවකට දසවතාව බැගින් දිනකට තුන් වතාවක් සිදු කරන්න.

 

එදිනෙදා කටයුතුවල වෙනස්කම්

* තරබාරුකම ඇත්නම් බර අවම කිරීම

* දුම් පානය නැවැත්වීම, අවදානම්

තත්ත්වයන්වලින් මිදීම හෝ ඒ සඳහා ප්‍රතිකාර කිරීම.

 

*අවදානම් වැඩි කරන ව්‍යායාමවල නිරත නොවීම (දිවීම, උඩ පැනීම)

 

2.මධ්‍යම හෝ විශාල ප්‍රමාණයක පහත්වීම

* ප්‍රතිකාර වශයෙන් යෝනි මාර්ගයට

වළල්ලක් දැමීම හෝ ශල්‍යකර්ම මඟින් ප්‍රතිකාර කිරීමට සිදුකළ හැකියි.

යෝනි මාර්ගයට වළල්ලක් දැමීම

* වළල්ල රබර් හෝ සිලිකන් ආධාරයෙන් නිමවා ඇත. වළල්ල මඟින් පහත්වීම වළකාලන අතර එය යෝනි මාර්ගයේ රඳවා තබයි.

* වළල්ල වැදගත් වන අවස්ථා

ශල්‍යකර්මයක් සිදු කිරීමට අකමැති වීම

ඉදිරියේදී ගැබ් ගැනීමට සූදානම්ව සිටීම

ශල්‍ය කර්ම සිදු කිරීමට නොහැකි අවස්ථා

(නිර්වින්දනයට නුසුදුසු වීම, කාලයක් පවතින කායික රෝග)

 

ශල්‍යකර්ම පිළිබඳ

* වළල්ල මඟින් පහත්වීම වළකාලීමට නොහැකි විට, එමඟින් ඇතිවන අපහසුතාව හෝ කායික සම්බන්ධතාවට බාධා වන විට

* ශල්‍යකර්මයේ ස්වභාවය ශ්‍රෝණී කුහරගත ඉන්ද්‍රියයන් පහත්වීම ආකාරය මත වෙනස් විය හැකියි.

* එය ගර්භාශය ඉවත් කිරීම ඉදිරිපස හෝ පසුපස යෝනි මාර්ගය බිත්තිය මැසීම මඟින් පිළිසකර කළ හැකියි

උපදෙස් :

ප්‍රසව හා නාරිවේද

විශේෂඥ වෛද්‍ය

සනත් අක්මීමන