දරුපල සිහිනයේ දොරටුව අබියස

ජූලි 28, 2025

මවුපියන් වීමේ සිහිනයට ජීවයක් ලබා දෙමින් වෛද්‍ය විද්‍යාව තුළ ඇති ප්‍රාතිහාර්යයක් ලෙස ART (Assistant Reproductive Techniques - IUI, IVF, ICSI) මඟින් මවක් පියෙක් වීමේ බලාපොරොත්තුව සපලත්වයට පත් කරමින් ප්‍රීතිමත් සම්පූර්ණ ජීවිතයක් උරුම කර දීමට සමත්ව ඇත.

දශක 2 1/2 ක පමණ කාලයක් ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇති විශේෂඥ වෛද්‍ය ජග ගීතා හරිප්‍රිය විසින් මේ වනවිට ඉතා සාර්ථකව ප්‍රතිකාර කරමින් ලොව පුරා 60000ක් පමණ දරුවන් බිහි කිරීමට ප්‍රතිකාර කර ඇත. ඇය වැනි වෛද්‍යවරියක් හමුවීමේ මහඟු අවස්ථාවක් ඔබටත් උදා කරමින් ඇය වැල්වත්ත රෝයල් රෝහල වෙත 2025.08.03 වන දින පැමිණෙන බව සිහිපත් කරන්නේ ඉතාමත් සතුටිනි.

නාල අවහිරවීම tube Block වඳභාවයට ප්‍රධාන හේතුවක් වන අතර එය වැදගත්ම හේතුව ද වේ. මෙය ඩයි පරීක්ෂාව (Hysterosalpingogram) මඟින් අනාවරණය කර ගත හැකි වන බව ප්‍රකාශ කර සිටි ඇය ලැපරස්කොපි (laparoscopy)පරීක්ෂාව මඟින් සහනයක් ලබාගත හැකි බව තවදුරටත් කියා සිටියාය.

එමෙන්ම ක්‍රමානුකූලව ඩිම්බ නිදහස් නොවන බොහෝ කාන්තාවන් මුහුණ දෙන පොලිසිස්ටික් ඕවරීස් සින්ඩ්‍රෝම් PCOS ලෙස හැඳින්වෙන හෝමෝන අසමතුලිතතාව වන අතර මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වීම එහිදී ඇතිවන අධික වේදනාව හෝමෝන වෙනස්වීම සහ මුහුණ ආශ්‍රිතව අසාමාන්‍ය රෝම වර්ධනය hirsutism හිස කෙස් ගැලවී යාම රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකිය. ව්‍යායාම, ආහාර පාලනය මඟින් බර අඩු කර ගැනීම පළමු අදියරේ ප්‍රතිකාර වන අතර ඖෂධ ලබා ගැනීම දෙවැනි අදියර වේ. තුන්වැනි අදියර ලෙස laparoscopy පරීක්ෂණය මඟින් සහනයක් ලබාගත හැකි බව ඇය ප්‍රකාශ කර සිටියාය.

තවත් හේතුවක් වන්නේ ගැටිති cyst ඩිම්බකෝෂ තුළ පැවතීමයි. එහි පවතින කළු පැහැති රුධිර ගැටිති chocolate cyst නම් වේ. ගැටිති ගර්භාශය තුළ සහ පිටතද දැකගත හැකිවන අතර ඉතාමත් වේදනාකාරී මාසික ඔසප් චක්‍රය සහ එහි ඇතිවන බාධාවන් මෙන්ම එකතුවීමේදී ඇතිවන වේදනාව මඟින් රෝගය හඳුනාගත හැකි බව ඇය ප්‍රකාශ කර සිටියාය. රෝග විනිශ්චය සඳහා ස්කෑන් ultrasound scan or TVS පරීක්ෂාව මෙන්ම කලාතුරකින් CA 125 රුධිර පරීක්ෂාව යොදාගත හැකි නමුත් ඉතාමත් යෝග්‍ය ක්‍රමවේදය වන්නේ ලැපරස්කොපි laparoscopy පරීක්ෂාවයි. කෙසේ නමුත් අවිවාහක කාන්තාවන් සඳහා මෙම පරීක්ෂාව නොකරන බවද රෝගී තත්ත්වය පාලනය කිරීමෙන් පසුව නැවත වර්ධනය වීමේ අවදානමක් ඇති බැවින් කඩිනමින් සාඵල්‍යතා ප්‍රතිකාරවලට යොමු විය යුතු බව ඇය අවධාරණය කර සිටියාය.

ගර්භාශ සාධක විමසා බැලීමේදී ගර්භාශය තුළ ගෙඩි fibroid පැවතීම රුධිර කැටිති එකතුවක් (adenomyosis) සෑදී තිබීම වඳභාවයට හේතු වෙනවා මෙන්ම ගර්භාශය තුළ ඇතිවන ප්‍රතිදේහ ප්‍රතික්‍රියාවන්ද antibody reaction තවත් එක් සාධකයකි.

එමෙන්ම නව තාක්ෂණික ක්‍රමයන් පිළිබඳව පැහැදිලි කිරීමට ද ඇය අමතක නොකළාය. තමන්ගේම ඩිම්බවලින් දරුවකු ලබා ගැනීම පිළිබඳ විශ්වාසයක් තැබීම නොහැකි විටදී තමන්ගේ ඩිම්බ පිළිබඳවම විශ්වාසයක් තැබීමට අවශ්‍ය වන විකල්ප මොනවාද යන්න විමසීමේදී වෙනත් විකල්ප ලෙස stem cell ජැකක සහ වරදක සාධක සහිත platelet rich plasma ඇති බවත් එය පරීක්ෂණ මට්ටමේ පවතින බවත් මේ වන විට රෝගීන් දෙසීයකට පමණ මෙම ප්‍රතිකාර යොදාගෙන තිබෙන අතර 50% සියයකට පමණ සාර්ථක වී ඇති බව ප්‍රකාශ කර සිටියාය. වයස අවුරුදු 49, 50 වන විට ඔවුන්ගේ ඩිම්බකෝෂ යථා තත්ත්වයට පත්කර ඩිම්බ ලබා ගැනීමට අපහසු වන අතර වයස වැඩිවන විට සාර්ථක ප්‍රතිශතයද අඩුවන බැවින් හැකි ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු විය යුතු බවද තවදුරටත් වයස වැඩි සහ AMH AUNTY MULLARIAN HORMONE අගය අඩු විටදීද මෙම උසස් තාක්ෂණික ප්‍රජනක ප්‍රතිකාරී යොදාගත හැකි බවද ප්‍රකාශ කරන ලදී. එපමණක් නොව වයස වැඩි විට AMH - AUNTY MULLERIAN HORMONE අගය අඩු විටද FSH (FOLLICLE STIMULATING HORMONE ) අගය ඉතා වැඩි විට මෙම ප්‍රතිකාර වලට ප්‍රතිචාර නොදක්වන බවද ප්‍රකාශ කර සිටියාය. Stem cell සහ වර්ධක සාධක සහිත platelet rich plasma අවස්ථා තුනකදී එනම් අවස්ථා දෙකක් කාන්තාවන් සඳහාත් එක් අවස්ථාවක් පුරුෂ පක්ෂය සඳහාත් යොදාගත හැකි බව ප්‍රකාශ කර සිටියාය.

ඩිම්බකෝෂවල ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවන විට සහ ඩිම්බ නිපදවීමේ හැකියාව වර්ධනය කිරීමට යොදාගත හැක. Stem cell ජැකක එසේ නොවන සෑම විටම සිසේරියෙන් සැත්කමට යොමු වීම වඩා සුදුසු වන බවද ඇය ප්‍රකාශ කර සිටියාය.

එසේම ඔබ තවමත් දරුවන් නොමැතිව මවුපියන් වීමට නොහැකිව චිත්ත පීඩාවට හා කනස්සල්ලට පත්ව සිටිනවා නම් මෙම ඉතාමත් වටින අවස්ථාව මඟ නොහැර 2025.08.03 වන දින ඇය වැලවත්ව royal රෝහල වෙත පැමිණෙද්දි ඒ සඳහා සහභාගී වන ලෙස මවුපියන් වීමට පෙරුම් පුරමින් සිටින ඔබ සියලු දෙනාට ආරාධනා කිරීමටද ඇය අමතක නොකළාය.

වැඩි විස්තර සඳහා 0777 215588 යන ජංගම දුරකථන අංකයට අමතන්න.