අලිගැටපේර කේක්

නොවැම්බර් 3, 2021

 

අලිගැටපේර කියන්නෙ රසම රස පලතුරක් වුණත් ඇතැම් දරුවන් මේවට වැඩි කැමැත්තක් නෑ. නමුත් අලිගැටපේර කියන්නෙ ශරීරයට වඩාත් ගුණදායක පලතුරක්.

ඒනිසා අද අලිගැටපේර එකතුකර සෑදූ රසම රස කප් කේක් එකක් හදන ආකාරය කියලා දෙනවා. ඔයත් මේ විදිහට හදලා බලන්නකෝ හරිම රසයි නේද කියලා.

කප් කේක් හයක් සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

සමපෝෂ හෝ ත්‍රීෙපා්ෂ ග්‍රෑම් 60ක්

හොඳින් ඉදුණු අලිගැටපේර ග්‍රෑම් 60ක්

සීනි ග්‍රෑම් 60ක්

පොල්තෙල් කෝප්ප කාලයි (ගඳ සුවඳ නැති තෙල් එකක් ගන්න)බේකිං පවුඩර් තේ හැඳි බාගයයි

වැනිලා තේ හැඳි එකයි

බිත්තර එකයි

සාදන ආකාරය

මුලින්ම අලිගැටපේර ටික හොඳින් පොඩි කර ගන්න. ඉන්පසු අලිගැටපේරවලට සමපෝෂ එකතුකර කලවම් කරන්න.

එයටම බිත්තරයත් දමා කලවම් කරන්න. දැන් සීනි, තෙල්, බේකිං පවුඩර්, වැනිලා දමා කලවම් කරන්න. පසුව කප් කේක් ලයිනර්වලට දමා සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් පෙර විනාඩි දහයක් පමණ හීට් කරපු අවන් එකක විනාඩි තිහක් බේක් කරන්න. කැමැති නම් කේක් එක උඩින් අයිසිං කරගන්නත් පුළුවන්.

නැත්තම් නිකන් කෑමට ගත්තත් හරිම රසයි. කප් කේක් විතරක් නෙමෙයි කේක් විදිහට තැටියක වුණත් බේක් කරන්න පුළුවන්.

 

 

උපදෙස් -

කේක් නිර්මාණ ශිල්පිනී

චාමිනී මහේෂිකා කරුණානායක