ඇඳුමේ පැහැයට ගළපා ගන්නට කේක් නිර්මාණයක්

නොවැම්බර් 15, 2021

 

මල් මනාලියක් වී කුලගෙට පියමනින්න බලා හිඳන ඔබ වෙනුවෙන් ලස්සන කේක් නිර්මාණයක් තිළිණ කරන්නෙමු. ළඟ එන ඔබේ මංගල දිනය හැඩගන්වන්න ඔබේම අතින් මංගල කේක් නිර්මාණයක් කරගන්නේ කොහොමද කියන අදහස දෙන්නයි අප මෙය තිළිණ කරන්නේ.

අපිට විවිධ කේක් නිර්මාණ ආකෘතිවල ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් අදහස් ලබාගන්න පුඵවනි. එහෙම අදහස් අරගෙන තමන්ගේම නිර්මාණයක් කරන්න අවස්ථාව තියෙනවා.

කේක් නිර්මාණය කරන්න කලින් උස කොච්චර ප්‍රමාණයකට ගන්නවා ද කියලා කොළයක සටහන් කරන්න. ඉන්පසු හිතේ ඇඳුණු නිර්මාණය ඒ උසට ගැළපෙන්න ඇඳගන්න. ඊළඟට පාට ගළපන එක. මනමාලිගේ ඇඳුමේ පාටට මුල්තැන දීලා මේ කේක් නිර්මාණයට රතු සහ සුදු පාට එකතු කර තිබෙනවා. ඒ අතරේ රන්වන් පැහැයත් ටිකක් එක්කර තියෙනවා. මේ නිර්මාණය කේක් ආකෘතියක්ම නෙමේ. මෙහි එක තට්ටුවක් සම්පූර්ණ කේක්වලින් නිර්මාණය කර ඇත. මනමාල යුවළට කපලා රස බලන්න පුළුවන් වෙන්න

තට්ටු පහකින් යුක්ත කේක් එකට යටටම සෙන්ටිමීටර් 35ක වට ප්‍රමාණයකින් සහ උස සෙන්ටිමීටර් 10කින් යුතු රිජිෆෝම් ඩමි එකකි. ඊළඟට කිලෝ එකේ රිබන් කේක් දෙකක් බටර් අයිසිංවලින් සැන්ඩ්විච් කර ෆොන්ඩන්ට්වලින් කවර් කරලා ගත්තා. එම කේක් එකේ වට ප්‍රමාණය සෙන්ටිමීටර් 25කට ගත්තා. එතැන සම්පූර්ණ කේක් ප්‍රමාණය කිලෝ 2යි. ඊට පස්සේ තියෙන කොටසේ වට ප්‍රමාණය සෙන්ටිමීටර් 20ක් සහ උස සෙන්ටිමීටර් 20ක් වන ලෙස රිජිෆෝම් ඩමි එකකි. ඊළඟට සෙන්ටිමීටර් 15ක වට ප්‍රමාණය සහ සෙන්ටිමීටර් 10ක උස තවත් රිජිෆෝම් ඩමි එකකි. උඩම කොටස සෙන්ටිමීටර් 10ක වට ප්‍රමාණය සහ උස සෙන්ටිමීටර් 10ක ප්‍රමාණයේ රිජිෆෝම් ඩමි එකකි. මේ හැම ඩමි එකක්ම ෆොන්ඩන්ට්වලින් කවර් කර ඇත.

රෝස මල් සහ කොළ නිර්මාණය කලේ ගම්පේස්ට්වලිනි. කේක් නිර්මාණයේ යටම කොටස ෆොන්ඩන්ට්වලින් කවර් කර, ෆොන්ඩන්ට් රවුම් එකතු කරගනිමි raffle design එකට අලවා ඇත. සෙන්ටිමීටර් 70ක් පමණ උස ලස්සන කේක් නිර්මාණයක් ඔයාලට කරගන්න පුළුවන්. උඩටම එකතුකළ Mr & Mrs කේක් ටොපර් එක නිසා උසත් ලස්සන තවත් වැඩිවී තිබේ. එවැනි ටොපර්ස් වෙළෙඳපොළේ තිබෙනවා.

 

 

 

 

ඉදිරිපත් කිරීම

ඉතාලියේ පර්මාහි සූපවේදිනී

ජනනි ගුරුසිංහ